මත්ද්‍රවය නිවාරණය සහ මර්දන යාන්ත්‍රණය

විශේෂ කාර්ය බළකාය සඳහා යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

විශේෂ කාර්ය බළකාය යටතේ මුළු දිවයිනම ආවරණය වන පරිදි ප්‍රධාන කඳවුරු 76ක්, උප කඳවුරු 23ක් සහ විශේෂ ඒකක 14ක් ක්‍රියාත්මක වේ.

එම බළකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටුකිරීම සඳහා දැනට පවතින යතුරු පැදි 314න් 90%ක් පමණ වසර 10කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වෙමින් ඇති බව ආණ්ඩුව පවසයි.

එම තත්ත්වය විශේෂ කාර්ය බළකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්‍රශස්ත මට්ටමින් ඉටුකිරීමට බාධාවක් වී තිබෙන බව කැබිනට් මණ්ඩල දැනුම්දීම අතරතුර අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පෙන්වා දී ඇත .

ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්දනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව යහ ඵලදායී ලෙස ඉටුකිරීමට හැකිවන පරිදි විශේෂ කාර්ය බළකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100ක් සහ ත්‍රිරෝද රථ 50ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

මෙහි ඇති සෝපහාසය වන්නේ STF වැනි පොලිසියට අනුයුක්තව විශේෂ බලකා පිහිටවූවේ ජනතා විමුක්ති පෙරමුණේ අරගල පැවති සමයේ එම අරගල මර්දනය කිරීමේ අරමුණ සහිතව වීමයි. දැන් ජාතික ජන බලවේගය ආණ්ඩුව එවන් මර්දනිය යාන්ත්‍රණ තවත් ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා යොදාගනිමින් සිටින්නේ මත්ද්‍රවය නිවාරණය යි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...