Breaking News

රාජ්‍ය සේවය රටට බරක් කීම රජය සේවය හකුළන බවට දුන් සිග්නල් එකක් – කම්කරු අරගල මධ්‍යස්ථානය

රාජ්‍ය සේවය රටට බරක් යනුවෙන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශයත්, රාජ්‍ය සේවකයන් 80% ක් රට කෑ බව ප්‍රකාශ කළ ගයාශාන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් වහා ඉල්ලා අස්කර ගන ලෙසත්, සියලු රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ දමන ලෙසත් ඉල්ලා අද(18) කම්කරු අරගල මධ්‍යස්ථානය කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සම ලේකම් ධම්මික මුණසිංහ පැවසුවේ,
“මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් රාජ්‍ය සේවය රටට බරක් කීම වැඩකරන ජනතාව පැත්තෙන් හෙළාදකිනවා. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළා රාජ්‍ය සෙවකයන් 80% රට කැව කියලා.
මුලින්ම කියන්න ඕන මේ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක්. මේ එන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (imf) කොන්දේසි වලට යටත්වෙලා රාජ්‍ය සේවය හකුළන්න කියන එක පැහැදිලි යි. මේ දුන්නෙ ඒකට සිග්නල් එකක්.
අපි බලන්න ඕන රාජ්‍ය සේවය රටට බරක් කියද්දි , මොකද්ද මේ රාජ්‍ය සේවය කියන්නෙ කියලා. රාජ්‍ය සේව්‍ය් කිය්න්නෙ මහජනතාවට සේවය කරන තැන. අපි දැක්කා කොවිඩ් වසංගතය තුළ රාජ්‍ය සේවකයින් කරපු වැඩ. ඔවුන් නැත්නම් අද ආණ්ඩුවට පුරාජේරු ගහන්න වෙන්නෙත් නෑ.
අනෙක් පැත්තෙන් අපි අහනව රාජ්‍ය සෙවේ 30% ක් වගේ ඉන්නෙ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය . මේ කියන්නෙ ඔවුන් ගැනද කියලා අපි අහන්න කැමති.
ඒ වගේම රටේ ජනතාව දන්නවා කවුද අද රටට බරක් වෙලා තියෙන්නෙ කියලා. අද රාජපක්ෂ පවුලෙ බහුතරයක් රාජ්‍ය ආයතන වල. මහින්ද රාජපක්ෂ , ඝෝ‍ඨාබය රාජපක්ෂ , චමල් රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ ශශේන්ද්‍ර රාජපක්ෂ ඉඳන් නැදයො පාර්ලිමේන්තුවේ . ඒ අතර තව පුතෙක් පළාත් සභා එන්න සූදානමින් වැඩ අල්ලලා.

ජනතාවට උහුලන්න බරි මැතිඇමතිවරු රොත්තක් ඉන්නවා නඩත්තු කරන්න. ඔවුන් ගැන කතාවක්නෑ.
ඔබ දන්නවා ඇති මන්ත්‍රී වැටුප 54258, කැබිනට් ඇමති වැටුප 65000, නියෝජ්‍ය ඇමති වැටුප 63000 අගමැති වැටුප 71500. මේ වැටුප විතරයි.
ඊට අමතරව දීමනා ගොන්නක්. රැස්වීමට එනව්ට 2500ක්, දුරකථන දීමනා 50000ක්, තැපැල් දීමනා 350000ක් රියදුරු හා සංග්‍රහ දීමනා 45000ක් මේ ටිකයි.දැන් බලන්න කවුද රටට බර.

වැඩකරන ජනතාව වැටුප් අරගලයකට සූදානම් වෙන වෙලාවක තමා, ආණ්ඩුව මේ කතා කියන්නෙ. බැසිල් රාජපක්ෂ කියනවා ලොසින්ජර් දෙන්න බෑ කියලා. අපි කියනවා ලොසින්ජර් දීලා අරගලය නතර කරන්නත් බෑ කියලා. මොකද පහුගිය කාලෙ භාණ්ඩ වල මිල ඉහළ යෑම නිසා අද ජීවත් වෙන්නබැරි තැනක ඉන්නෙ. මාසෙකට ආහාර වලට යන වියදම් විතරක් රුපියල් 7000කින් විතර ඉහළ ගිහිල්ලා තියෙන්නෙ .

ආණ්ඩුවට කියනවා දැන් කයිවාරු ගහලා වැඩක් නෑ. නොහැකියාව අපිට පේනවා. ඒ නිසා කරපු ප්‍රකාශ වහාම ඉල්ලා අස්කර ගන්න ඕන.ඒ වගේම ජීවන වියදමට සරිලන සේ අනිවාර්යයෙන් වැටුප් වැඩිවීමක් ඕන. දැනටමත් රාජ්‍ය අංශයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ වූ අරගලයකට සූදානම් වෙමින් ඉන්නෙ.
වැඩකරන ජනතාවගෙන් ඉල්ලන්නවා ආණ්ඩුවේ ප්‍රකාශයට් එරෙහි වෙන්නවගේම වැටුප් වැඩිකරගන්න අරගලයට එකතු වෙන්න කියලා” යනුවෙන් පැවසීය.

leave a reply