PTA යටතේ මාස 09ක් රඳවා සිටි තරුණයා වරදක් කර නැති බව පොලිසිය පිළිගනියි

සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් සම්බන්ධයෙන් ත්‍රස්ත පනතට අදාලව කිසිම වරදක් අනාවරණය වී නැතැයි පොලීසිය අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව මාස නවයක් හිරේ තබාගෙන සිටි එම තරුණයාට ඇප ලබාදෙන්න කියලා දෙහිවල පොලීසිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා. එහෙත්, මේ වෙද්දී සිදුවීම පිළිබද උදෘත සකස් කර නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් පතා යවා තිබෙන පසුබිමක ඇප ලබා දෙන්න හැකියාවක් නැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය පවසා ඇත.

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීම පනත යටතේ චෝදනා කළ පසු මහේස්ත්‍රාත්වරුන්ට ඇප ලබා දෙන්නට බලතල නැති පසුබිමක මාස නවයක් තිස්සේ සිරගතව සිටි එම තරුණයා නැවතත් රිමාන්ඩ් බන්නාගාරගත කෙරිණි.

මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් තරුණයා, දෙහිවල පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කරමින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදීයි.

ඊශ්‍රායල් ධජය පාගාගෙන සිටින වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ කිරීමට ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

පළමු අවස්ථාවේදී,( ඔක්තොම්බර් 23) සිය ජාතික හැඳුනුම්පත රැගෙන යාමට අපොහොසත් වීම හේතුවෙන් දෙහිවල පොලිසිය විසින් ඊශ්‍රායල කොන්සියුලර් කාර්යාලය අසලදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ඊට පසු දින (24) එම ලේඛනය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව නිදහස් කර තිබුණි.

කෙසේවෙතත් එදිනම දෙහිවල පොලීසිය විසින් කට උත්තරයක් ගැනීමට යැයි පවසමින් ඔහු යළිත් පොලීසියට රැගෙන ගොස් ඇති අතර, දින දෙකකට පසුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මොහොමඩ් සුහායිල් දෙවන වරට දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඊශ්‍රායල් ධජය පාගා ගෙන සිටින වීඩියෝවක් බෙදා ගැනීම හේතුවෙන් බව මොහොමඩ් සුහායිල් තරුණයා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා පෙන්වා දෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...