රුසියාවට සහ යුක්රේනයට ලංකාවෙන් තේ යැවීම සම්පූර්ණයෙන් නවතියි

රුසියාව සහ යුක්රේනය අතර දැනට පවතින යුදමය වාතාවරණය නිසා එම රටවලට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කළ බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ හිටපු සභාපති, සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ද වන ජයන්ත කරුණාරත්න ප්‍රකාශ කළේ, රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීමෙන් මුදල් ලබාගැනීම සම්බන්ධව ගැටලුසහගත තත්ත්වයක් මතුවීමත්, අදාල නැව් සමාගම් තේ අපනයනය ප්‍රතික්ෂේප කිරීමත් නිසා මෙලෙස තේ අපනයන කටයුතු නතර කර ඇති බව යි.

එම රටවල දැනට පවතින යුදමය තත්ත්වය හේතුවෙන් වෙනත් අසල්වැසි රටක් හරහා ශ්‍රී ලංකා තේ සඳහා මුදල් ලබා ගැනීමට මින් පෙර සැලසුම් කෙරුන ද, රුසියාවේ බැංකු පද්ධතිය සමග ගණුදෙනු සිදු නොකරන ලෙස යුරෝපිය හා බටහිර රටවලට මූල්‍යමය මෙන්ම ආර්ථික සම්බාධක පැනවීම නිසා මෙම තත්ත්වය මතුව තිබේ.

ශ්‍රී ලංකාවේ තේ ලබාගන්නා තෙවැනි විශාලම ගැනුම්කරුවා වන්නේ රුසියාවයි. ඒ 2021 වසරේ තේ කිලෝග්‍රෑම් මිලියන 27ක ප්‍රමාණයක් රුසියාවට අපනයනය කිරීම නිසා, යුක්රේනයට 2021 වසරේ තේ කිලෝග්‍රෑම් මිලියන හතරක ප්‍රමාණයක් අපනයනය කර ඇත. 2021 වසරේ සමස්ත තේ අපනයනයන කිලෝග්‍රෑම් මිලියන 299 කි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...