ගෘෂා ඝාතනය කිරීම

“විකිණීම හැර වෙන මඟක් නැත” යනුවෙන් රනිල් වික්‍රමසිංහ බ්‍රෙච්ට්ගේ හුණු වටය ඝාතනය කරනවා. හුණු වටය කියවලා තියෙන අපි හැමෝම තුෂ්නිම්භූත වෙලා ඉන්නවා හරියට රනිල් තමයි පළමුවෙන් හුණු වටය කියෙව්වේ වගේ. ඒක හරියටම සමපාත වෙනවා රනිල් ආර්ථිකේ ගොඩ ගන්න ඉදිරිපත් කරන උත්තර මත. ශ්‍රී ලංකාව පුරා විසිරි ඇති #GoHomeGota2022 ගම් වලට එකතු වෙච්ච මිනිස්සුන්, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව කියන දෙයක් තමයි වත්මන් ආර්ථික අර්බුදය විසදන්න 77 ඉදන් රෝල් කරපු ක්‍රමය හරියන්නේ නැති බව. එයාලා එහෙම කියන්නේ තමන්ගේ ජීවන අත්දැකීම් වලින්ම ඉගෙන ගෙන. ගැමි කාන්තාවක් වෙච්ච ගෘෂා දරුවාව අරන් සැඩ සුලන් මැදින් වැල් පාලමේ අසීරුවෙන් එතෙර වෙද්දී “මේ මඟ මිස වෙන මගක් අපිට නැතේ” කිව්වේ හරියටම පවතින ක්‍රමයට එරෙහිව, මුල් බැහැගෙන තියෙන සමාජ අයුක්තියට එරෙහිව අරගල කරනවා හැර වෙනත් මගක් නැත යනුවෙන් ලංකාවේ මිනිස්සු නැගිට්ටා වගේ.

රනිල් වගේ බැටළු හම පොරවා ගත්ත වෘකයෙක්ගෙන් පරිස්සම් වෙන්න අපි හොදටම දන්නා දේවල් විකෘත්ති කරන එකට එරෙහි වෙන්න ඕන. ගොවියෝ, ගැමි කාන්තාවෝ. ධීවරයෝ, කම්කරුවෝ, මැදපෙරදිග ගෘහ සේවිකාවෝ, ශිෂ්‍යයෝ රාශියකගේ මරණ මැදින්, බොඳ වෙච්ච හීන මැදින්, කළු වෙච්ච අනාගතය තුලින් අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන සත්‍යය දක්ෂිනාංශික අර්ථකතන තුලින් යට ගහන්න ඉඩ නොදිය යුතුයි.

අපි සියල්ලෝ හුණු වටය හොඳින් කියවා ඇති බව රනිල් වික්‍රමසිංග දැන ගත යුතුයි.

Share post:

Popular

වෙනත් පුවත්

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...