චෝදනා ලද දේශබන්දු වැඩබලන පොලිස්පති.

Date:

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති නියමයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබේ .

පොලිස්පතිවරයා පත් කිරීමට ව්‍යවස්ථානුකූල බලය තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට . එසේ තිබියදී මාස ගණනක් ඇදී ඇදී තිබුණු පොලිස්පතිවරයා පත් කිරීම තවදුරටත් අර්බුදයක් කරා ගමන් කර තිබෙන බව සනාථ කරමින් ස්ථීර පොලිස්පති වරයෙක් වෙනුවට වැඩ බලන පොලිස්පති වරයෙක් පත්කිරීමේ තැනට මේ අර්බුදය ගමන් කර තිබේ.

ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම් දෙක වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ රනිල් වික්‍රමසිංහගේ පාර්ශවය අතර ඇති ගැටුම විසින් පොලිස්පතිවරයෙකු පත් කිරීම පමණක් නොව පොලිස්පතිවරයා පත් කිරීමට බලය ලබා දී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවා අර්බුදයට ගමන් කරනවා. එපමණක් ද නොව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට තර්ජනය කරමින් තමන්ගේ කැමැත්ත ඉෂ්ට කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය පාවිච්චි කරන බවට පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එපමණක්ද නොව ආණ්ඩුකම ව්‍යවස්ථා සභාවට වැරදි අර්ථ කථනයක් ලබා දෙමින් එය ද විධායකයේ කොටසක් බව කියා සිටියේ නොදැනුවත්කම නිසා නොව මේ සියලූ ව්‍යුහයන් අර්බුදයට යැවීමේ යටි අරමුණ ඇතිව බව දේශපාලන කරළිය තුළ අද කතාබහ වෙමින් තියෙනවා.

ස්ථිර පොලිස්පතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වීම හරහා  පෙන්වන්නේ මේ ආණ්ඩුව තුළ ඇති අර්බුදයේ  ප්‍රමාණයයි. තමන්ගේ පෞද්ගලික දේශපාලන උවමනාවන් වෙනුවෙන් සියල්ල අර්බුදයට යවමින් මහලු රාජපක්ෂ කණ්ඩායම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඉදිරි බලය ලබා ලබාගැනීමේ අරමුණ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටිනවා.

දේශබන්දු වැනි විවිධ චෝදනාවන්වලට ලක් වූ  පුද්ගලයෙකු වැඩබලන පොලිස්පතිවරයා බවට පත් පත්කිරීම තුළින් පවා පෙන්නුම් කරන්නේ ආණ්ඩුව  පත්ව ඇති අර්බුදයේ දැවැන්ත භාවයයි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...