Breaking News

“සියලු දෙනා නිදහස් කරව් !” ” Liberare tutti “

හිල්මි සුපුන් | තරුෂ හේෂාන්

“සියලු දෙනා නිදහස් කරව් !” ” Liberare tutti ” මේ ගීතය වඩාත් ජනප්‍රිය වෙන්නේ 1968-1972 පමණ කාල පරාසයක් තුළ , මේ බොහෝ රටවල නිදහස අරගල පැවති කාලයකි. ඒ අතර ඉතාලිය ද ඉතා කැපී පෙනෙන අරගල බිමක් බවට පත්වී තිබුණු කාලයකි. Emilio Colombo ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී කණ්ඩායම බලය හෙබවූ මේ කාල පරිච්ඡේදය විරෝධතා උත්සව පැවති කාලයකි. ස්ත්‍රීවාදය, කම්කරුවන්ගේ හා ශිෂ්‍ය අරගල, මර්දනයට එරෙහිව, සිරගෙට එරෙහිව, සංක්‍රමණ, ආන්තිකකරණය උත්සව මුදුන් පත් වෙමින් තිබුණි. පීඩනය දරා ගැනීමට නොහැකිව සියලු දෙනා පාරට බසිමින් නිරතුරුවම පොලීසිය සමඟ ගැටුම් ඇති කර ගැනිණි.

ඉවක් බවක් නැතුව අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සිර ගෙවල් වලට කොටු කිරීම දිනපතා සිදුවිය. ජනතාව අරගලකාරී වූ අතර ගම් නියම් ගම් සංවිධානය වී මෙම මර්දනයට එරෙහිව නැගී සිටියා.

මර්දනය තුළ අධෛරියට පත්වන්නන් දිරිමත් කිරීමටත් අරගලයට ශක්තිය සැපයීමටත් මේ කාලය තුළ බොහෝ ගී කවි නිර්මාණය වුණා වගේම ඒවා අරගල තුළ රැව් පිළිරැව් දෙන්නට පටන් ගත්තා. පහත පළ වන්නේ එවන් ගීතයක අනුවාදයකි. මෙම ගීතයේ රචකයෙක් පිළිබඳව හෝ සංගීතය සැපයූ කෙනෙක් පිළිබඳව කිසිදු සටහනක් නැහැ. අරගල කරුවන්ට ශක්තිය සැපයූ ගීතයක් ලෙස සඳහන් වේ. මේ ගීතය ඉතාලියේ පීසා නගරය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වී ඇති බවට ඇත්තේ සැක සහිත අදහසක් පමණි.
පහත පළ වන්නේ ” Liberare tutti ” ගීතයේ අනුවර්තනයයි

සියලු දෙනා නිදහස් කරව් !

අපට සිටිය ගොඩක් සහෝදරවරු
ඒත් දැන් ඔවුන් අපට අහිමියි
මක්නිසාදයත් මේ නීතිය
ඔවුන් සිරගත කර ඇත
ඔවුන් සිට ගනීවි උරට උර තියා එක පෙළට
සිරගෙවල් වල ජීවිත කාලයම ගෙවන
දුක්විඳින පීඩිතයන් සමග

ඔවුන් සංවිධානය වෙමින් පවතී
පීඩකයාට එරෙහිව
සිරගෙදර සටන් බිමක් කරන්නට
මේ මොහොතේ එළියෙ සිට අප සටන් කළ යුතුයි
ඔවුන්ගේ අරගලයට ආරක්ෂාව සපයන පළිහක් සේ

සියලු දෙනාම නිදහස් කරන තුරු
සටන් කරමු තව තවත්
අපතේ නොයවා තත්පරයක්
සියලු ප්‍රතිසංස්කරණවාදීන් ඳ
පාවාදෙන්නන් ද
පරාජය කළ යුතුයි ධනපති පාලකයන් සේම

අශුද්ධ ධනපති පාලකයිනි
නුඹලා සිතන්නේද
සිර ගෙවල් වල සිර කර
අපව මර්ධනය කරන්නට
ධනපති සුරාකන්ණනී
අපි නුඹලාට පෙන්වන්නෙමු
සිරගත කරන එක් සගයෙක්ට
දහසක් සගයින් එලියේ සිටින බව

අපි අපරාධ කරුවන් වන්නෙමු – ධනපතියන්ට
නමුත් අපි සහෝදරයන් වන්නෙමු – අරගලකරන

හිල්මි සුපුන් | තරුෂ හේෂාන්

 

leave a reply