නිරෝධායනය මුවාවෙන් අනීතිකව රඳවා තබා ගැනීමට එරෙහිව පෙරටුගාමීන් හබයාස් කෝපුස් පෙත්සමක් ගොනුකරයි

ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ වෘත්තීමය ගැටලුවක් වෙනුවෙන් මැදිහත්වීමෙන් සිටියදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු හය දෙනෙකු අධිකරණය විසින් ඇප ලබාදී තිබියදී නිරෝධායන නීති භාවිතා කරමින් රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනුකර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ මර්දනීය තත්වයට එරෙහිව දේශපාලන, උද්ඝෝෂණ, ප්‍රචාරක හා නෛතික ක්ෂේත්‍රවල උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර එහි පළමු පියවර ලෙස අද අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සම් ගොනු කරන ලද බවයි. මෙම සතිය තුළ හබයාස් කෝපුස් පෙත්සම්, මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අසාධාරණ නිරෝධායන නීති වලට එරෙහි නීතිමය පියවර ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

ජූලි 8 වැනිදා කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී තවත් 33ක් අත්අඩංගුවට ගෙන ඇප ලබාදී තිබියදී 16 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...