නිරෝධායනය මුවාවෙන් අනීතිකව රඳවා තබා ගැනීමට එරෙහිව පෙරටුගාමීන් හබයාස් කෝපුස් පෙත්සමක් ගොනුකරයි

ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ වෘත්තීමය ගැටලුවක් වෙනුවෙන් මැදිහත්වීමෙන් සිටියදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු හය දෙනෙකු අධිකරණය විසින් ඇප ලබාදී තිබියදී නිරෝධායන නීති භාවිතා කරමින් රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනුකර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ මර්දනීය තත්වයට එරෙහිව දේශපාලන, උද්ඝෝෂණ, ප්‍රචාරක හා නෛතික ක්ෂේත්‍රවල උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර එහි පළමු පියවර ලෙස අද අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සම් ගොනු කරන ලද බවයි. මෙම සතිය තුළ හබයාස් කෝපුස් පෙත්සම්, මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අසාධාරණ නිරෝධායන නීති වලට එරෙහි නීතිමය පියවර ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

ජූලි 8 වැනිදා කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී තවත් 33ක් අත්අඩංගුවට ගෙන ඇප ලබාදී තිබියදී 16 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...