රනිල්ගේ පට්ටපල් බොරුව අතේ මාට්ටු

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රටේ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමින් පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ රටේ උත්තරීතර යයි කියාගන්නා පාර්ලිමේන්තුවේදී පට්ටපල් බොරුවක් ඇද බෑමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.

රනිල් මේ ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට කියන්නේ රටේ ස්ථාවරභාවයක් ඇතිබව පෙන්වීම සඳහා පට්ටපල් බොරු ඇදබාන ලෙස බවට මේ අනුව සාධාරණ සැකයක් ඇතිවේ.

රනිල් 06වනදා පැවසූ පට්ටපල් බොරුව වන්නේ ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවයි. පසුව ජපානය එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකර තිබුණි.

එම ප්‍රකාශය කළ වාහාම ජපානය එවැනි එකඟතාවක් නොමැති යැයි නිවේදනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එකඟ වෙන්න යැයි ඉල්ලීමක් කළ බවට ප්‍රකාශය වෙනස් කර ඇති බවද එම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පැහැදිළිවම ජපානය එකඟ වීම මහ ජයග්‍රහණයක් යැයි පැවසූ බව ද පුබුදු ජයගොඩ මෙහිදී සඳහන් කරන ලදී.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර ජය ගැනීමට නොහැකි යැයි ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයෙන් වඩාත් පැහැදිළි වන බව කී පුබුදු ජයගොඩ, සඳහන් කළේ ශ්‍රී ලංකාව ජිනිවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7 ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20 ක් ලැබූ බවත්ය.

 

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...