Breaking News

රනිල්ගේ පට්ටපල් බොරුව අතේ මාට්ටු

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රටේ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමින් පවසා තිබේ. රනිල් වික්‍රමසිංහ මෙවැනි ප්‍රකාශයක් කරන්නේ රටේ උත්තරීතර යයි කියාගන්නා පාර්ලිමේන්තුවේදී පට්ටපල් බොරුවක් ඇද බෑමෙන් දිනකට පසුව වීම විශේෂත්වයක්.

රනිල් මේ ඇමතිවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන්ට කියන්නේ රටේ ස්ථාවරභාවයක් ඇතිබව පෙන්වීම සඳහා පට්ටපල් බොරු ඇදබාන ලෙස බවට මේ අනුව සාධාරණ සැකයක් ඇතිවේ.

රනිල් 06වනදා පැවසූ පට්ටපල් බොරුව වන්නේ ජපානය, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙමින් ශ්‍රී ලංකාවට ණය දීමට අදාල සමුළුවේ සම සභාපති ධූරයේ කටයුතු කිරීමට එකඟ වූ බවයි. පසුව ජපානය එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ සමස්තය බොරුවෙන් පිරුණු ජනතාව මුලා කිරීමට ගත් උත්සහයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකර තිබුණි.

එම ප්‍රකාශය කළ වාහාම ජපානය එවැනි එකඟතාවක් නොමැති යැයි නිවේදනය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා එකඟ වෙන්න යැයි ඉල්ලීමක් කළ බවට ප්‍රකාශය වෙනස් කර ඇති බවද එම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පැහැදිළිවම ජපානය එකඟ වීම මහ ජයග්‍රහණයක් යැයි පැවසූ බව ද පුබුදු ජයගොඩ මෙහිදී සඳහන් කරන ලදී.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තර ජය ගැනීමට නොහැකි යැයි ජිනීවා සමුළුවේදී ලැබූ පරාජයෙන් වඩාත් පැහැදිළි වන බව කී පුබුදු ජයගොඩ, සඳහන් කළේ ශ්‍රී ලංකාව ජිනිවාවලදී ඉතිහාසයේ ලැබූ අඩු ඡන්ද ප්‍රමාණය වන ඡන්ද 7 ක් පමණක් ලබා විරුද්ධව ඡන්ද 20 ක් ලැබූ බවත්ය.

 

leave a reply