අතුරුදහන් වූවන්ට වුනේ මොකද්ද දැනගන්න අයිතියක් තියනවා – අනුර

යළි ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබේ. එසේම උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව ඔහු පවසයි. අයිතිවාසිකම් ලෙස ඔහු සඳහන් කරන්නේ ඉඩම් අයිතිය, භාෂාව රාජ්‍යයත්වයට ගනුදෙනු කිරීමට තියෙන අයිතිය, ඔවුන්ගේ සංස්කෘතිකමය අයිතීන්, අතුරුදන් වුවවන්ට සිදුවුයේ කුමක්දැයි දැනගැනීමට ඇති අයිතිය වැනි දේවලුයි.

මෙහිදී ජනාධිපතිවරයා උතුරේ දැනට සොයාගෙන ඇති චෙම්මනි හා සාම්පූර් සමූහ මිනීවලවල් ගැන කිසිවක් නොකිමද විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60වන සැසිවාරය සැප්තැම්බර් මාසයේ මුලදී ආරම්භ කිරීමට නියමිතව ඇත. ආණ්ඩුව පසුගියදා යෙදී තිබුණු අතුරුදහන්වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයේදී පැවසුවේ 2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු නැවත ආරම්භ කර අතුරුදන් වූ දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බවයි.

චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් දැනට ලැබී ඇති සාක්ෂි හරහා පැහැදිලි වන්නේ එම මිනීවල 90 දශකයේ උතුරේ අතුරුදහන්වූවන්ට ඇති සම්බන්ධයි. ඒ අනුව ආණ්ඩුව අතුරුදහන්වූවන් ගැන වගවෙන්නේ නම් චෙම්මනි වැනි පැහැදිලි සාක්ෂි සහිත අපරාධ ගැන කඩිනමින් ක්‍රියාමර්ග ගත යුතුය.

එසේම ජනාධිපතිවරයා කියන පරිදි උතුරේ සහ දකුණේ ජාතිවාදයට තිත තැබීමට අවශ්‍ය නම් මේ සිදුවූ අපරාධ සම්බන්ධ යුක්තිය ඉටුකිරීම වැදගත් පියවරකි.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...