ඉරානයට එරෙහි UN ආරක්ෂක මණ්ඩල යෝජනාව ලංකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානය විසින් සිය කලාපීය අසල්වැසි රටවලට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) වෙත ඉදිරිපත් වූ යෝජනාවකට සම-අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇත. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 130කට අධික සංඛ්‍යාවක් මෙයට සහය පළ කර තිබුණි. මෙම යෝජනාව 2026 මාර්තු 11 දින සම්මත විය.

මෙම යෝජනාවට සම-අනුග්‍රහය නොදැක්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව විමසූ විට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ , “ප්‍රතිපත්තියක් ලෙස අපි කිසිදු රටකට විශේෂිත වූ යෝජනාවලට (country-specific resolutions) මැදිහත් නොවන්නෙමු” යනුවෙනි.

බහරේනය විසින් මෙහෙයවන ලද මෙම යෝජනාවට සම-අනුග්‍රහය දැක්වූ රටවල් 130කට අධික සංඛ්‍යාව අතරට ඉන්දියාව ද ඇතුළත් විය. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බංග්ලාදේශය, භූතානය, කැනඩාව, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, ජපානය, කුවේටය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල් ද ඊට ඇතුළත් විය.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, නිත්‍ය සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාවේ කොන්දේසි අනුව, බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එරෙහිව ඉරානය එල්ල කළ ප්‍රහාර ආරක්ෂක මණ්ඩලය විසින් “දැඩි ලෙස” හෙළා දකින ලදී.

කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණ මෙම යෝජනාව මගින් හෙළා දැක නොතිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...