ඉරානයට එරෙහි UN ආරක්ෂක මණ්ඩල යෝජනාව ලංකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානය විසින් සිය කලාපීය අසල්වැසි රටවලට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (UNSC) වෙත ඉදිරිපත් වූ යෝජනාවකට සම-අනුග්‍රහය දැක්වීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර ඇත. එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 130කට අධික සංඛ්‍යාවක් මෙයට සහය පළ කර තිබුණි. මෙම යෝජනාව 2026 මාර්තු 11 දින සම්මත විය.

මෙම යෝජනාවට සම-අනුග්‍රහය නොදැක්වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව විමසූ විට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසා ඇත්තේ , “ප්‍රතිපත්තියක් ලෙස අපි කිසිදු රටකට විශේෂිත වූ යෝජනාවලට (country-specific resolutions) මැදිහත් නොවන්නෙමු” යනුවෙනි.

බහරේනය විසින් මෙහෙයවන ලද මෙම යෝජනාවට සම-අනුග්‍රහය දැක්වූ රටවල් 130කට අධික සංඛ්‍යාව අතරට ඉන්දියාව ද ඇතුළත් විය. ඊට අමතරව ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බංග්ලාදේශය, භූතානය, කැනඩාව, ඊජිප්තුව, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, ඉතාලිය, ජපානය, කුවේටය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසීලන්තය, නෝර්වේ, ඕමානය, පකිස්ථානය, කටාර්, සෞදි අරාබිය, සිංගප්පූරුව, ස්පාඤ්ඤය, යුක්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, යේමනය සහ සැම්බියාව යන රටවල් ද ඊට ඇතුළත් විය.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, නිත්‍ය සාමාජිකයින් දෙදෙනෙකු වන රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

මෙම යෝජනාවේ කොන්දේසි අනුව, බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එරෙහිව ඉරානය එල්ල කළ ප්‍රහාර ආරක්ෂක මණ්ඩලය විසින් “දැඩි ලෙස” හෙළා දකින ලදී.

කෙසේ වෙතත්, ඉරානයට එරෙහිව එල්ල වූ ඇමරිකානු-ඊශ්‍රායල ආක්‍රමණ මෙම යෝජනාව මගින් හෙළා දැක නොතිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...