නිරෝධායන නීතිය දඬුවමක් ලෙස හෝ රැදවුම් ක්‍රමයක් ලෙස යොදා නොගත යුතුයි – නීතිඥ සංගමය කියයි

නිරෝධායනය සෞඛ්‍ය ක්‍රමවේදයක් වන අතර එය දඬුවමක් වශයෙන් පැනවීමට හෝ රැඳවුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. පසුගිය දිනයේ දී කොතලාවල පනතට එරෙහිව පැවති සාමකාමි විරෝධයක නියැලී සිට මේ වනවිට බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර ඇති පිරිස ගැන අවධාරණයට ගනිමින් එම සංගමය මේ පිළිබඳව පවසා තිබේ.

ඉහත කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යොමු කර ඇත. නිරෝධායන පනත උපුටා දක්වමින් එම සංගමය පවසන්නේ එහි සඳහන් වන ආකාරයට නිරෝධායනය සඳහා යොමුකළ හැකි වන්නේ වෛරසය ආසාදනය වූවෙක් හෝ වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් පමණක් බවයි. පැහැදලි ලෙසම නිරෝධායනය යනු සෞඛ්‍ය පියවරක් මිස දඬුවම් ලබාදීමේ ක්‍රමයක් හෝ රඳවාතබා ගැනීමේ ක්‍රමයක් ලෙස බාවිත නොකළ යුතු බව ද නීතිඥ සංගමය පවසයි.

අධිකරණය විසින් ඇප ලබාදී ඇති පිරිසක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටීම අධිකරණයට අපහාස කිරීමක් ලෙසද එම සංගමය පෙන්වා දෙයි.

එහි දි තවදුරටත් ඔවුන් විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මත පනවා ඇති නිරෝධායන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ වන නීති පැහැදිලි කර සිටි ඇති අතර අවස්ථා ගණනාවක දී විරෝධතාකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී පොලීසිය අධික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් සිය අවධාරණය යොමු වී ඇති බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...