නිරෝධායන නීතිය දඬුවමක් ලෙස හෝ රැදවුම් ක්‍රමයක් ලෙස යොදා නොගත යුතුයි – නීතිඥ සංගමය කියයි

නිරෝධායනය සෞඛ්‍ය ක්‍රමවේදයක් වන අතර එය දඬුවමක් වශයෙන් පැනවීමට හෝ රැඳවුම් ක්‍රමයක් ලෙස භාවිතා නොකළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියි. පසුගිය දිනයේ දී කොතලාවල පනතට එරෙහිව පැවති සාමකාමි විරෝධයක නියැලී සිට මේ වනවිට බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කර ඇති පිරිස ගැන අවධාරණයට ගනිමින් එම සංගමය මේ පිළිබඳව පවසා තිබේ.

ඉහත කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලිපියක් යොමු කර ඇත. නිරෝධායන පනත උපුටා දක්වමින් එම සංගමය පවසන්නේ එහි සඳහන් වන ආකාරයට නිරෝධායනය සඳහා යොමුකළ හැකි වන්නේ වෛරසය ආසාදනය වූවෙක් හෝ වෛරසය ආසාදනය වූ බවට සැක කරන්නන් පමණක් බවයි. පැහැදලි ලෙසම නිරෝධායනය යනු සෞඛ්‍ය පියවරක් මිස දඬුවම් ලබාදීමේ ක්‍රමයක් හෝ රඳවාතබා ගැනීමේ ක්‍රමයක් ලෙස බාවිත නොකළ යුතු බව ද නීතිඥ සංගමය පවසයි.

අධිකරණය විසින් ඇප ලබාදී ඇති පිරිසක් බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටීම අධිකරණයට අපහාස කිරීමක් ලෙසද එම සංගමය පෙන්වා දෙයි.

එහි දි තවදුරටත් ඔවුන් විසින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් මත පනවා ඇති නිරෝධායන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ වන නීති පැහැදිලි කර සිටි ඇති අතර අවස්ථා ගණනාවක දී විරෝධතාකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී පොලීසිය අධික ලෙස බලය යෙදවීම සම්බන්ධයෙන් සිය අවධාරණය යොමු වී ඇති බව ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...