ගම්මන්පිලට හදිසියේ පාස්කු මහමොලකරු සිහිවෙලා

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසා තිබේ.

අද (16) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒකවෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කිසිදු පදනමක් නොමැතිව රණවිරුවන්ට හිංසා කිරීම උදෙසා පාස්කු ප්‍රහාරය උපයෝගී කරගෙන ඇති බවද ඔහු පවසා තිබේ.

වසර එකහමාරක් පුරාවට සිදුකළ පරේයේෂණයක ප්‍රතිපලයක් ලෙස ‘පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යෑම’ නමින් ග්‍රන්ථයක් තමා ඇටුළු කණ්ඩායම සකස් කළ බවත්, එය එළඹෙන 31 වැනිදා එළිදැක්වීමට සූදානම් බවත් සඳහන් කර ඇත.

ඔහු මේ ඉදිරියට පැමිණ ඇත්තේ මෑතකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ වෙනුවෙනි.

පාස්කු ප්‍රහාරය සිදුවුණු ආසන්න සමයේ උදය ගම්මන්පිලලාගේ අවධානය යොමුව තිබුනේ මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය පැතිරවීම කෙරෙහියි. එය පවිච්චි කරමින් ඔවුන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට සමත්විය. බලයට පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ සඳහා වගකිව යුත්තන් කවුරුන්ද යන්න රටට හෙළිකිරීමට ඔවුන් කටයුතු නොකරන ලදී. දැන් උදය ගම්මන්පිලට හදිසියේම පාස්කු මහා මොලකරු මතක් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...