ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොලිසියට බරපතල චෝදනාවක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් සැප්තැම්බර් 15 වන දා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියට බරපතල චෝදනාවක් එල්ල කරනු ලැබුවා. එහිදී ඔහු පෙන්වා දෙන්නට උත්සාහ කළේ තම පාක්ෂිකයන් සහ හිතවතුන්ට පොලිසිය යොදවා අනිසි බලපෑම් කරමින් සිටින බවයි.

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා පහත සඳහන් කරුණු ශ්‍රී ලංකා පොලිසිය වෙත චෝදනාත්මකව එල්ල කරනු ලැබුවා.

මේ වන විට ‍රජාතන්ත්‍රවාදි මූලධර්ම ඉතාම සාහසික ලෙස උල්ලංඝනය කරමින් විරුද්ධවාදීන් මැඩලීමට කටයුතු කරනවා. මෙහි උච්චතම අවස්ථාවක් හැටියට අපි දකිනවා පොලිසිය සෝදිසි වරෙන්තු වලින් තොරව විරුද්ධවාදි දේශපාලනඥයින්ගේ ගෙවල්වලට කඩා පැනීම. අපි ඒක දැක්කා පසුගිය සතියේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ගෙදරට සෝදිසි වරෙන්තුවකින් තොරව පොලිසිය කඩා පනින අවස්ථාවක්. මේ වගේ කටයුත්තක් ඉතාම භයානකයි. මේ පොලිසිය යොදාගෙන විරුද්ධවාදින් මැඩලන්න කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. ඒ වගේම අපේ ක්‍රියාකාරීන් බය කරනවා. පොලිසිය මේ විදිහට අධිකරණයකින් ගත්ත නිසි බලපත්‍රයකින් තොරව නිවාස වලට කඩා පැනිමෙන් පසුව මත්ද්‍රව්‍ය හරි මොනවා හරි දෙයක් ඔවුන් විසින්ම ආධාරකරුවන් හිතවතුන්ට නිවෙස් වලට දාලා අත්අඩංගුවට ගන්න උත්සාහ දැරීමක් මෙතන තියෙනවා.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදයේ දිනය අපි පොලිස්පතිතුමාට කියනවා කරුණාකරලා ඔබතුමාගේ පොලිස් නිලධාරීන්ව පාලනය කරන්න.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...