Breaking News

බැසිල් LRC ආයතනයෙන් ඒකාබද්ධ අරමුදලට යැයි පවසා රුපියල් මිලියන 1000 ගිලින්න යයි

වසර පහෙන් පහට පත්වූ ආණ්ඩු විසින් පත්වාගෙන ගිය දූෂිත මුදල් ප්‍රතිපත්ති හේතුකොටගෙන මේ වන විට ශ්‍රී ලංකාව බරපතළ ණය බරක සිරවී සිටි. ගෝඨාභය මහින්ද ඇතුළු මේ ආණ්ඩුව විසින් දුරදිග නොබලා ගනු ලැබූ තීන්දු තීරණ මෙම අර්බුදය තවදුරටත් තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව ලෝකය හමුවේ අසාර්ථක මෙන්ම බංකොලොත් රාජ්‍යයක් ලෙස අප්‍රසාදයට පත්වෙමින් පවතී. කෙසේ වෙතත් මෙම අර්බුදය විසඳීමට ගත හැකි පියවර වෙනුවට හදිසියේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් එය එළඹෙන ජනවාරි 18 වනදා දක්වා කල් දැමීම තුළ පවා ගෝඨාභය ඇතුළු ආණ්ඩුවේ තක්කඩි පිළිවෙත තව දුරටත් ඉදිරියට ගෙන යන්නට උත්සාහ දරමින් සිටී.

කෙසේ වෙතත් උද්ගතව ඇති මූල්‍ය අර්බුදය පියමන් කිරීමට මොවුන් හැකි උපරිමයෙන් ඉදිරිපත් කරන ඕනෑම කොන්දේසියකට යටත් ව විවිධ රටවලින් ණය ලබා ගැනීමට සාකච්ඡා පවතී. ඒ අතර අපට ලැබුණු අලුත්ම තොරතුරකින් හෙළිදරව් වන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ තැන්පතු මුදල් කොල්ලයකට සූදානම් වන බවයි. පසුගිය දෙසැම්බර් 15 වන දා මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගලගේ අත්සනින් යුතුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ස්ථිර තැන්පතු වෙන් රුපියල් මිලියන 1000 ඒකාබද්ධ අරමුදලට ලබා දෙන්නට කියා ලිපියක් යොමු කර තිබේ.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව එම ඉල්ලීම ඉටු කළ නොහැකි බවට හේතු ඉදිරිපත් කර තිබේ. ඔවුන්ගේ හේතු දැක්වීම් වලට අනුව මෙම මුදල් නිදහස් කළොත් LRC ආයතනය බරපතළ අර්බුදයකට මුහුණ දීමට නියමිතයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙම මුදල් ලබාදීමට හැකියාවක් නොමැති වන්නේ කුමක් හෙයින් ද යන්න අධ්‍යක්ෂක මණ්ඩලය සාමාජිකයන් වෙත යොමු කර ඇති පත්‍රිකාවෙන් පෙන්වා දී තිබේ.

මුදල් ඉල්ලා යොමුකළ මුදල් අමාත්‍යංශ පත්‍රිකාව

එමෙන්ම එම පත්‍රිකාව මගින් පෙන්වා දෙන්නේ 1972 අංක 1 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා පනතේ 56 වන වගන්තිය අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මූල්‍ය පාලනය 1971 අංක 38 දරන මුදල් පනතේ ii කොටසේ විධිවිධාන අනුව සිදුකළ යුතු බවයි . එමෙන්ම මෙම පත්‍රිකාව ප්‍රකාරව මෙම මුදල් ඉල්ලීම සිදු කර තිබෙන්නේ සියලුම නීති රීතීන් ට පටහැනිව ය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ස්ථාපිත කර දැනට වසර 50කට ආසන්න කාලයක් ගත වී ඇති අතර මේ දක්වා මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් එහි මුදල් පවරා ගැනීමට උත්සාහ කර නොමැත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ සේවකයන් 520 දෙනෙකු සේවය කරන අතර ඔවුන්ගේ පවුල් වල යැපෙන්නන් ජීවත් වන්නේ එම සේවකයන්ගේ වැටුපෙනී . විශේෂයෙන්ම මෙහිදී කිවයුතු කාරණය වන්නේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවේ සේවකයන්ගේ වැටුප් රජයේ භාණ්ඩාගාරයෙන් නොගෙවෙන අතර වැටුප් ගෙවීම කරනු ලබන්නේ ඉහත සඳහන් කළ LRC ස්ථිර තැන්පතුවේ මුදලට ලැබෙන පොලියෙන් බව එහි සේවකයන් පවසයි.

විශේෂයෙන්ම මේ පිළිබඳව අදහස් දැක්වූ එහි සේවකයෙකු අප වෙත දන්වා සිටියේ පසුගිය COVID19 දරුනුවටම පවතී පසුගිය සමයේ ආයතනයේ ආදායම පහළ වැටුනද කිසිදු හිඟයකින් තොරව සේවකයන්ගේ වැටුප් ගෙවීමට ලැබුණේ LRC ස්ථිර තැන්පතුවේ ඇති රුපියල් මිලියන 1800 ට ලැබෙන පොලිය තිබීම හේතුවෙන් බවයි. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම මත මෙම ගිණුමෙන් රුපියල් මිලියන දාහක් ඉවත් කළහොත් ඉදිරියේදී සේවකයන්ගෙ වැටුප් ගෙවීම පවා ඇනහිටීමට පුළුවන් බවට ඔවුන් අනතුරු අඟවනවා.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ මුදල් ආණ්ඩුව අවභාවිතා කළ අවස්ථාවක් පිළිබඳව ද ඔවුන් මතක් කර දෙන අතර පසුගිය දවස් වල රඟදැක්වූ කාබනික පොහොර නාඩගම වෙනුවෙන් ව්‍යාපෘතියක් කිරීමට යැයි පවසා රුපියල් මිලියන 350 ක මුදලක් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ලිපියක් යොමු කර තිබුණු බවත් එය ආයතනයේ මුදල් ප්‍රතිපත්තියට පටහැනි නිසා ලබාදීමට නොහැකි බව පැවසූ විට කැබිනට් පත්‍රිකාවක් හරහා එම මුදල් වෙන් කරගත් බවයි. මේ වනතෙක් එම මිලියන 350 ට වෙච්ච කෙරිච්ච දෙයක් කිසිවෙකු නොදන්නා බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

විශේෂ ලියුම් කරුවෙකු විසිනි 

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම  මුදල් නිදහස් කිරීමට අපහසු බව පෙන්වා දෙන ලියවිල්ල

leave a reply