මිහින් ලංකා ඈවර කලායින් පසුව මිහින් ලංකා හොරුන්ට මොකද වෙන්නේ? 

හඳුනා ගත් රාජ්‍ය ආයතන තිස්තුනක් වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සැප්තැම්බර් 4 දා පැවැති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා  මාධ්‍ය වෙත අනාවරණය කළා . එසේ වසා දැමීමට තීන්දු කළ ආයතන නමයක නම් හෙළිදරව් කලද  ඉතිරි ආයතන 24 නම් තවමත් ආණ්ඩුව විසින් හෙළිදරව් කර නැහැ .

දැනට ආණ්ඩුව විසින් හෙළිදරව් කර ඇති ආයතන බොහොමයක වංචා දූෂණ අක්‍රමිකතා සිදුවී ඇති බව ප්‍රකට කරුණකි .  උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් මිහින් ලංකා ආයතනය පිහිට වීමම රාජපක්ෂලාගේ වුවමනාවක් මත සිද්ධ වූවක් මිස රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය මත සිදුවූවක්  නොවන බව දනිමු . එමෙන්ම මේ ආයතනය පිහිටවීමේ සිට ක්‍රියාත්මක ඌ කාලයේ පවා එහි වංචා දූෂණ සිදුවූ බව උදාහරණ සහිතව පසුගිය කාලයේ පෙන්වා දී තිබේ . එවන් ආයතන ඈවර කිරීමෙන් පසුව කුමක් සිදු වන්නේ ද? මේ වංචා දූෂණවලට අදාළව ආණ්ඩුව ගන්නා පියවර කුමක් ද? යන්න පිළිබඳව  ආණ්ඩුව ප්‍රකාශයට පත් කර නැහැ .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ද රාජ්‍ය ආයතන ඈවර කිරීමේ උත්සාහයක් පැවති අතර මේ සිදුවන්නේ එම ක්‍රියාවලියේ දිගුවක් බව   ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා දෙනවා .

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...