අප හඬා නොවැටෙන වැඩිහිටියන්‍ ය

අප හඬා නොවැටෙන වැඩිහිටියන්‍ ය
කඳුළු ඇද හැලෙන්නේ නාන කාමර තුළ
වතුර මල් යටය
පාළු කාමර වල
කාටවත් නොපෙනෙන දොරමුලු වලය

බසයේ ජනේලය අසලය
දාහය සේ මේ පිසින්නේ කඳුළුය
ඉන්පසුව යන්තමින් සිනාවක් මුව දවටන්නේ
වෙර වීරියෙන්‍ ය
වට පිට බලන්නේ චකිතයෙන් ය

දේශනා ශාලා තුළය
හිස කැක්කුම් දෙන නිසාවෙන් ඇද වැටෙන කඳුළු ලෙස හඟින්නේ
ප්‍රේමයෙන් පිලිස්සී ගිය සුසුම්‍ ය

ඉකිගසමින් හිරකර ගන්නේ
දරාගත නොහැකි දුක් සමුදායන් ය
වුවනෙත සඟවා ගන්නේ කියවමින් සිටිනා පුස්තක තුළය
සති අන්ත පුවත්පත් අතරය

යනෙන මග
කොරිඩෝර වල
ප්‍රේමකල හදවත් මුණ ගැසෙන විට
බිම බැලෙන්නේ ප්‍රේමයෙන්මය
අඩි තැබෙන්නේ ගැහෙන හදවතින් යුතුවය
පය පැකිලෙන්නේ ඉබේටමය
නොදැක්කා ලෙසින් යන්නේ
දුටු නිසාමය

අතින්වත් නොඅල්ලා
හිතින් අත් හැරිය යුතු වූ
ප්‍රේමයන් මෙලොව කෙතෙක්නම් වෙද
ඔබද එවන් වූ ප්‍රේමයක් විය

සදෙව් ලොව සිට
ඔබ පැමිණ ඇත
ඒ මා දවා අළු කර යාමටමය
මේ මා ලද මෙම ජීවිතය තුළ වූ
අවසානම දැවීමය
දවා අළු කළ හැකි තවත් කිසිවක් ඉතිරි වී නැත

ඉතින්,
අප නොහඬනා වැඩිහිටියන්‍ ය ~

නිසංසලා ධර්මසේන බර්තොලමියුස්

යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...