හරස් ප්‍රශ්න අහන්න කපිලත් නැහැ. මහින්ද සතුටින් ගෙදර ගිහින් . 

 එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂට අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුනා . තම පාක්ෂිකයන්ද පිරිවරාගෙන පැමිණි මහින්ද රාජපක්ෂ පැයක පමණ කාලයක් අල්ලස් කොමිසමේ රැඳී සිට පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා .

වෙනදා සුපුරුදු විදිහටම තම පාක්ෂිකයන් ලවා   තමා ත්‍රස්තවාදයෙන් රට බේරගත් නායකයා බව ප්‍රකාශ කරගත් මහින්ද රාජපක්ෂ තමන් වටා විශාල ජනකායක් සිටින බව පෙන්වන්නට උත්සාහ කළද  මහින්ද වෙනුවෙන් උද්යෝගිමත් ජනතා සහභාගිත්වයක් පෙනෙන්නට නොතිබිණි . 

කෙසේ වෙතත් මහින්ද පාර්ශවය මේ සිද්ධිය මුල් කරගෙන යම් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් එළඹේ යැයි විශ්වාස කළද එම උත්සාහය අසාර්ථක වී ගිය බව අද සිදුවීම තුළ පෙනෙන්න තියෙනව .  තිස්ස කුට්ටිආරච්චි වැනි මහින්ද හිතවාදී පුද්ගලයන් අද කොළඹට පැමිණියේ දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් … වැනි ගීත කොටස් කියමින් සජීවී විකාශන සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කරමිනි .

හින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පිටත්ව යෑමට සූදානම් වන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී මහින්ද ලබා දුන් පිළිතුරක් වූයේ මගෙන් හරස් ප්‍රශ්න අහන්න කපිලත් නැහැනේ කියාය . එමෙන්ම සාධාරණව මේ ප්‍රශ්න දෙස බලනවානම් මාව නිදහස් කරන්න ඕනෑ යයිද ඔහු පැවසීය .

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...