යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

ෂෙල් වෙඩිවලින් කම්පනය වන අවකාශයකි. ඒ නන්දිකඩාල් කලපුවයි. අප කාව්‍ය විකුණමින් සිටිනාතර බියෙන් තැතිගත් මව්වරැන් දරැවන් තුරුල්කර ගනිමින් හදවත දැවීයන ශෝකයෙන් විලාප නැගූහ. මේ පොළෝතලයේ වැතිරී හැඩූහ. මියගිය ඔවුන්ගේ සියලු ආදරණීයයන් ඒ අවසන් වූ සුසුම් කොපුල්තල මත තබා කිවූ නොකියූ අවසන් සමුගැනීම් එලෙසින් සනිටුහන් කළහ. අවුරැදු තිහක කඳුළු මතින් දේශයක් බිහි විය. එය ඉන්දියන් සාගරයේ කඳුළු බිඳුවක්ම ය. ඒ අතර, අප, කාව්‍ය විකුණමින් සිටියහ. බෝම්බ පුපුරනා කම්පිත මතකයන් තුලින් ෂෙල්වෙඩි වලින් ඇඳි සිතුවම්‍ ය. නැතිවූ මතකයන් වෙනුවෙන් දෙදුරැම්කන අවකාශයන්‍ ය. මතකයන් පිරි දේශයක අප ද මතකයෙන් සැදි මිනිසුන්‍ ය යුද්ධයකදී වෙන් වූ දේශයක් සාමයේදී මෙලෙසින් අතරමං විය. ~ප්‍රශ්නයකි.