හොරණ මූලික රෝහලේ විදුලිපංකාව කඩා වැටී තිදෙනෙකුට තුවාලයි

මාර්තු මාසේ දෙවැනි දා හොරණ  මූලික රෝහලේ  හෘද රෝග අංශයේ පරණ විදුලි පංකාවක් කඩාවැටී  හෘද රෝග සායනයට පැමිණි  තිදෙනෙකුට තුවාල සිදුවී තිබේ . මෙම විදුලි පංකාව කඩා වැටීම හේතුවෙන් කාන්තාවකගේ කන කපා ගොස් ඇති අතර  විදුලි පංකාව හිසමතට  වැටුණු පුද්ගලයා බරපතළ කැපුම් තුවාල සහිතව මැහුම්  දමන්නට වෛද්‍යවරයා පැමිණෙන තෙක් සවස 3 දක්වා  සිට තිබෙන බව වාර්තා වෙනවා. සුළු කැපුම් තුවාල සහිතව   සිටී  පුද්ගලයෙකු   ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් තිබේ.

කඩා වැටුණු විදුලි පංකාව ඇතුළු තවත් විදුලි පංකා ගණනාවක්ම ඒ ආකාරයෙන් අබලන් වී දිරාපත් වී තිබෙන බව  දැක ගන්නට තිබුණු බව මේ අනතුරට මුහුණදුන් විජිත නයකසේන මහතා පවසනවා.  ඒ පිළිබඳව පාලන අධිකාරිය වෙත දැනුම් දී තිබුණ ද තවමත් මේවා අලුත්වැඩියා කිරීමට කිසිදු උනන්දුවක් නොදක්වන බව  ඒ මොහොතේ එතැන නොසන්සුන්ව සිටි ජනතාවට  රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් පවසා තිබේ.  දිගින් දිගටම රෝහල් කාර්ය මණ්ඩලය වෛද්‍යවරු ද මේ බව අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නත්  ඔවුන් ඒවා  නොසලකා හරින බවට සේවකයෝ චෝදනා කරයි.

මෙම සිදුවීමට කලින් ද මෙවැනි සිදුවීමක්  වී තිබුණ ද  එය ඒ සඳහා කිසිදු පියවරක් අනුගමනය කර නොමැති බවත් හෙද හෙදියන් රෝගීන්ට පවසා තිබෙන්නේ මේ සිදුවීමට අදාළව නීතිමය පියවර ගන්නට කටයුතු කරන ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...