යුද්ධයකදී වෙන් විය – සාමයේදී අතරමන් විය

ෂෙල් වෙඩිවලින් කම්පනය වන අවකාශයකි.
ඒ නන්දිකඩාල් කලපුවයි.
අප කාව්‍ය විකුණමින් සිටිනාතර
බියෙන් තැතිගත් මව්වරැන් දරැවන් තුරුල්කර ගනිමින්
හදවත දැවීයන ශෝකයෙන් විලාප නැගූහ.
මේ පොළෝතලයේ වැතිරී හැඩූහ.
මියගිය
ඔවුන්ගේ සියලු ආදරණීයයන්
ඒ අවසන් වූ සුසුම් කොපුල්තල මත තබා
කිවූ නොකියූ අවසන් සමුගැනීම් එලෙසින් සනිටුහන් කළහ.
අවුරැදු තිහක කඳුළු මතින් දේශයක් බිහි විය.
එය ඉන්දියන් සාගරයේ කඳුළු බිඳුවක්ම ය.
ඒ අතර,
අප,
කාව්‍ය විකුණමින් සිටියහ.
බෝම්බ පුපුරනා කම්පිත මතකයන් තුලින්
ෂෙල්වෙඩි වලින් ඇඳි සිතුවම්‍ ය.
නැතිවූ මතකයන් වෙනුවෙන් දෙදුරැම්කන අවකාශයන්‍ ය.
මතකයන් පිරි දේශයක අප ද මතකයෙන් සැදි මිනිසුන්‍ ය
යුද්ධයකදී වෙන් වූ දේශයක්
සාමයේදී මෙලෙසින් අතරමං විය. ~ප්‍රශ්නයකි.

නිසංසලා ධර්මසේන බර්තොලමියුස්

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...