විධායක ධූරය හා රට අස්ථාවර වූ අවස්ථා

Date:

බොහෝ දේශපාලනඥයින් හා දේශපාලන විචාරකයින් කියන දෙයක් තමයි විධායක ජනාධිපති ධුරය නැති වුනොත් රට අස්ථාවර වෙනවා කියන කාරණය- එහෙම කියන බොහෝ අය මේ තනතුරට එන්නට සිතන අයයි. විධායක ජනාධිපතිවරයා නිසා රට අස්ථාවර වූ ප්‍රථම අවස්ථාව ආරම්භ වන්නේ ද 1987 ජයවර්ධන මහතාගේ පාලන අවදියේ සිටයි. එසේ වූයේ මේ තනතුරෙහි ඇති අත්තනෝමතිකව කටයුතු කිරීමේ ස්වභාවය නිසයි. එදා ජයවර්ධන පාලනයට ඉන්දියාවේ රජීව් ගාන්ධි පාලනය තදින් විරුද්ධවී සිටියා පමණක් නොව විවිධ බලපෑම් පවා එල්ලවිය..

එහි ප්‍රතිඵලයක් විදියට 87 ඉන්දු ලංකා ගිවිසුම හරහා රටතුළ ආන්දෝලනාත්මක සිද්ධි මතු විය.මෙය වර්දන වී 88-89 ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ මහ විශාල තරුණ සංහාරයක් දියත් වූ අතර උතුරේ කොටි සංවිධානය ප්‍රබලව වැඩී එන්නට මග පෑදුනි. මේ තුළින් සිදු වූවේ රට අස්ථාවරවීම විතරක් නොව 1994 දක්වාම නීතිට හා සාමය බිඳ වැටුණී.

ඉන් පසු චන්ද්‍රිකා මහත්මිය යටතේ 1994-2005 රාජ්‍ය සතු සාංඝික දෙපලට අත්වූ ඉරණම හා නීතියේ ආධිපත්‍යයට එල්ලවූ බලපෑම කෙබඳු දැයි ප්‍රවීන මාධ්‍යවේදි විකටර් අයිවන් මහතා විසින් ලියන ලද චෞර රැජිණි නම් වූ කෘතියෙන් කියවා ගත හැකිය.

ඇයගේ දෙවන ධූර කාලය හා මහින්ද මහතාගේ පළමු ධූර කාලය යනු මෙරට අස්ථාවර තත්ත්වයේ තිබූ කාලවකවාණුවකි. එයට හේතුව වූයේ කොටි සංවිධානය උතුරේ කළ යුද්ධය දකුණේ දී කිරීමයි.

ඉන් පසු 2010 -සිට 2014 වන තෙක් විධායක ජනාධිපති තනතුරෙහි අත්තනෝමතිකව කටයුතු කිරීම් හේතුවෙන මෙරටින් මතුවූ දෙවන දෝෂාභියෝගය ආණ්ඩුවක් විසින් තම ආණ්ඩුකවේ ශේෂ්ඨාධිකරණ විනිශ්‍යකාරවරිය වන ශිරාණි බංඩාරමායක මහත්මියට එරෙහිව ගෙන එන ලදී. ඒ විතරක් නොව දරුණුම මාධ්‍ය භීම සමය ලෙස සැලකෙන්නේද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන ධූර කාලයයී. මේ කාලවකවානුවේ අපරටට ලැබුණු ජී.එස්.පි.ප්ලස් බදු සහනය පවා අහිමිවිය. මේ නිසා රට අස්ථාවරවීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය විය.

අත්තනෝමතිකව කටුතුකළ මහින්ද මහතා තමා මියයන තෙක්ම ජනපති දූරයේ රැඳී සිටීමට බලමුළු තර කර ගත් හ.ඉන් අනතුරුව 2014 කලවකවනුව තුළ මහින්ද මහතාගේ බල සම්පන්න රෙජිමය දේශීය හා විදේශීය ණය වාරික පවා ගෙවා ගත නොහැකිව බිඳ වැටීම නිසා වසරකට කලින් ජනාධිපති මැතිවරණය කැඳවීමෙන් එතෙක් තිබූ කඳවුර වූ එකසත් ජනතා නිදහස් සන්ධාන පාලනය බිඳ වැටුණි. මේ සමයේ රට තිබුණේ ස්තාවර තත්වයේ කියා කියන්න හැක්කේ කාටද?

මේ කරුණු සැලකිල්ලට ගත් උගත් බුද්ධිමතුන් 19 සංශෝධනය හැදුවේ අගමැති ප්‍රමුක කැබිනට් මංඩලයට පූර්ණ බලතල ලැබෙන්නත් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරායා තන්තුරේ සිටින දූර කාලය තෙක් බලය තබා ගැනීමටත් ය. මේ තුළ පෞද්ගලික අමනාපකම් හා බලය පිළිබඳ වැරදි ආදර්ශ පදනම් කරගෙන රට මුලූමනින්ම අස්ථාවර කිරීමට හේතුපාදක වූයේ නීතී විරෝධි ලෙස විධායක බලය මෙහෙයවීම නිසාය.

අද අප මුහුණ දෙමින් සිටින්නේ ඊටත් වඩා අන්ත තත්ත්වයකටය. වාර දෙකකට වඩා ජනපති විය නොහැකි වුවද අගමැති විය නොහැකි බව ව්‍යවස්ථාවෙ සඳහනක් නොතිබීමේ අවස්ථාවෙන් මහින්ද මහතා නැවත අගමැති විය. අද රට සම්බන්ධයෙන් දෙන්නෙක් තීන්දු තීරණ ගනී. එකකෙනෙක් ජනපතිය.අනෙකා අගමැතිය. පෙනෙන ආකාරයට දෙන්නම ගන්න තීන්දුව දෙන්නම නොදන්න බව රටට පේන කාරණයකි.

වසංගතය නිසා රට අස්ථාවර වී නැත. විධායක බලය නිසා වසංගතය වර්ධනය වී රට අස්ථාවර වී ඇත.

 

Share post:

Popular

More like this
Related

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...