මිලිටරීකරණය හා අයිතිවාසිකම් කප්පාදුවට එරෙහි ජන අරගලය ගොඩනගන්න පෙ.ස.ප. සූදානම්!

Date:

ජන අරගලයට ජවය සමග කම්කරු-ගොවි-ධීවර-ශිෂ්‍ය-තරුණ-කාන්තා බලවේග ඒකාබද්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (ජුලි 20) කොළඹදී විරෝධතාවයක් පවත්වා තිබේ.

මෙම විරෝධතාවයේදී ‘පෙරටුගාමී සමාජවාදී පක්ෂය‘ විසින් ඉදිරියට ගෙනා සටන් පාඨ වන්නේ –

මිලිටරිකරණය පරදමු!

ජනතාවට සහන දෙනු!
ධන කුවේරයින්ට බදු ගසනු!

ඇමරිකානු-චීන-ඉන්දියානු බල පොරයට
රටත්-ජනතාවත් බිලි නොදෙනු!

එසේම කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් ගෙන ආ සටන් පාඨ –

ජනතා දේපල විකිණීම නවතනු!

ජීවන අංකයට සරලන ලෙස
වැටුප් වැඩි කරනු!

නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට වෘත්තීය සමිති අයිතිය දෙනු!

ගොවි අරගල ව්‍යාපාරය ගෙන ආ සටන් පාඨ ලෙස –

ගොවිතැනින් සමාගම පන්නමු!

සමාගම්හරණ ගොවිතැනට පෙළගැසෙමු!

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ සටන් පාඨ –

ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු !

විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ සටන් පාඨ –

නිදහස් අධ්‍යාපනය රැකගමු!

KDU පනත පරදමු!

සම අයිතිය ව්‍යපාරයේ සටන් පාඨ ලෙස –
ජාතිවාදය-ආගම්වාදය එපා!

සියලු ජාතික ජන කොටස්වලට සම අවස්ථා තහවුරු කරනු!

පෙ.ස.ප. තරුණ අංශය වන Yourth for CHEnge සටන්පාඨ වූයේ –

ඊනියා සංවර්ධනයට සොබාදහම වැනසීම නවතනු ! යන්නය.

,
මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ බලයට පත්වන ආණ්ඩුවේදී ජනතාවට විරුද්ධ පියවර ගන්නා සහ විපක්ෂයේදී ජනතාව වෙනුවෙන් බොරු ආදරයක් දක්වන දේශපාලනය වෙනුවට සැබෑ ජනතා අරමුනු ජයග්‍රහණය කිරීම අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් ජනතාවගේ දේශපාලන බලයක් ගොඩනැගිය යුතු බවයි.

ආණ්ඩුව අසාර්ථක බව පවසමින් මේ දක්වා කිසිදු වැඩපිළිවෙළක් නැතිව සිටි විපක්ෂයට සටන් පාඨ ලබාදුන්නේ ආණ්ඩුව බවත් පසුගිය ආණ්ඩුවේ සිට විපක්ෂයට වැටුණු පසුව තමන් පසුගිය ආණ්ඩුවේදී ගෙන ගිය පියවර මේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම විවේචනය කරනු ලබන බවත් වසර 71ක් පැවති දේශපාලන ස්වභාවයයි. වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදය කොරෝනා වසංගතයෙන් තවදුරටත් උත්සන්න වී ඇති අතර ආණ්ඩුවේ උපායමාර්ගය වන්නේ නවලිබරල් කොල්ලය ඉදිරියට ගෙන යාමට මිලිටරි බලය යොදා පාලනය ශක්තිමත් කිරීමය. එම ආර්ථික පිළිවෙත් වෙනස් කිරීම වෙනුවෙන් සහ මිලිටරීකරණයෙන් මර්දනකාරී පියවර ගැනීමට එරෙහිව ජනතාව සංවිධානය කිරීම පෙ.ස.ප. දේශපාලන ක්‍රියාමාර්ග තෝරන බව පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...