තමන්ට සිදුවූ අපහාසයට වටගලත් CID යනවලු

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, නීතීඥ සුනිල් වටගල පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

“මගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් දෙයින් එපිට කිසිදු දේපළක් මට නැහැ. පසුගිය දිනවල මා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට සම්බන්ධ පාර්ශ්වවලට එල්ල කළ චෝදනා පිළිබඳව ඔවුන් බියටත් කලබලයටත් පත්වෙලා මගේ කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි සංවිධානාත්මක මඩ ප්‍රචාර ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා”

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සහ තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ද පැවරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

නව ආණ්ඩුවේ ඇමතිවරු තමන්ට සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන අපහාස සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාම ප්‍රවනතාවයක් වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...