රනිල් පාර්ලිමේන්තුව විසුරුවයිද?

2023 පාළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහාමැතිවරණයක් පවත්වයිද යන්න සැකය ඇතිව තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසය ගත්විට ජනාධිපතිවරයෙකු විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර අත්තේ විසඳා ගත නොහැකි අර්බුදයකට මැදිවූ අවස්ථාවකය.

පාර්ලිමේන්තු බහුතරය නොමැති වීම හෝ එක් පක්ෂයකින් ජනාධිපතිවරයෙකු පත්වීම සහ විරුද්ධ පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය පැවතීම වැනි අවස්ථාද ඊට උදාහරණ ලෙස දැක්විය හැකිය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනර‌ජ‌යේ ‌නවවැනි පාර්ලි‌මේන්තුව පිහිටුවා 2023 පෙබරවාරි 20 වැනිදාට වසර දෙකහමාරක් සම්පූර්ණවිය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුත්තේ වසර හතරහමාරක් පිරුණු පසුව බව දැක්විණි.

20 වැනි සංශෝධනයෙන් එය වසර දෙකහාමාර දක්වා අඩු කෙරුණු අතර 21 වැනි සංශෝධනයෙන් එම කාලසීමාව වෙනසකට ලක් නොවීය.

ඒ අනුව දැන් ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීමේ බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමිව ඇත.

මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අවසන් වරට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ 2020 මාර්තු 02 වැනිදාය.

එහෙත් පැවති කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සැලසුම් කළ දිනට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු මස දක්වා කල්දැමිණි.

ඒ අනුව 2020 අ‌ගෝස්තු 05 වැනිදා අවසන්වරට මෙරට මහා මැතිවරණයක් පැවැත්වුණු අතර එම මැතිවරණයෙන් අනතුරුව 2020 අ‌ගෝස්තු 20 දින නව වැනි පාර්ලිමේන්තුව පළමුවරට රැස්විය.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...