එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුවක් ? නාරා ආයතනය තොරතුරු සඟවයි ?

මේ වනවිට නෞකාව ගිනි ගෙන මාස දෙකක් ගතවී ඇත. ජූලි මස 21 උදෑසන නාරා අයතනය ගිනි ගත් නැව අවට නීරීක්ශණය කරමින් සිටියදී තෙල් කාන්දුවක් හදුනා ගෙන ඇති බව මෝදර ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයන් ඊයේ ප්‍රකාශ කර තිබුණි. නමුත් නාරා ආයතනය හෝ රජය මේ පිලිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදු නොකීරීමට වග බලා ගෙන තිබේ. තවදුරටත් ජූලි 22 අද දිනද නාරා ආයතනය එම ප්‍රදේශය නිරීක්ෂණය කර ඇති බවත්, ගිණි ගත් නැවෙන් තෙල් කාන්දු වීම තහවුරු කර ගෙන ඇති බවත් ධීවර ජනතාව වැඩි දූරටත් පවසයි.

ගිණිගත් නැව නිසා සිදූ වී ඇති විනාශය පූරණය වීමට වසර 100 කට වඩා ගතවේ යයි පරිසරවේදීහු පවසති. සැටලයිට් දර්ශන අනුව මීට මාසයකට පමණ පෙර තෙල් කාන්දුවක් හඳුනාගෙන ඇති බව ධීවරයන් මෙන්ම පරිසර වේදීන් පෙන්වා දුන්නද රජය එය ප්‍රතික්ෂේප කලේය. මේ පිලිඹඳව තවදුරටත් හැංගි මුත්තන් නොකොට සිදුවෙමින් පවතින දේ පැවසීමටත්, සිදු විය හැකි හාණිය වැලැක්වීමටත් වහා පියවර ගත යුතු බව  YOUTH FOR CHEnge  සංවිධානය පවසයි .

 

Share post:

Popular

වෙනත් පුවත්

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...