ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් – ඉන්ධන මිල ඉහළ දැමීම ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක්ලු

ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු වැඩපිළිවෙළක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන ආකායට ඉන්ධන මිල ඉහළ දැමීමට බලපා ඇති හේතු පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර ඇමතිවරුන්ගෙන් යුතු ජීවන වියදම් කම්ටුව විසින් අවධානය යොමුකර තිබේ.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට බලපෑ එක් හේතුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවයි.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම නිවේදනය ඉන්ධන මිල ඉහළ දැමීම ගැන හේතු දැක්වීමට අමතරව අනියම් ආකාරයකින් ඉන්ධන ඉහල දැමීමේ තීරණය ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඇමතිවරුන් ඇතුළු සියල්ලකගේ සහභාගීත්වයෙන් ගන්නා ලද තීරණයක් බව ඒත්තු ගැන්වීමකි. ඊයේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම ගම්මන්පිළ බාරගනිමින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. මෙම සිදුවීම පොදුජන පෙරමුණ තුළ පවතින අභ්‍යන්තර අර්බුදයේ ප්‍රකාශනයක් ලෙසද ඇතැම් දේශපාලන විචාරකයන් මතු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...