ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් – ඉන්ධන මිල ඉහළ දැමීම ආර්ථිකය ශක්තිමත් කිරීමේ එක් පියවරක්ලු

ඉන්ධන මිල ඉහල නැංවීම දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ පොදු වැඩපිළිවෙළක එක් සාධකයක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ දැක්වෙන ආකායට ඉන්ධන මිල ඉහළ දැමීමට බලපා ඇති හේතු පිළිබඳ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විෂය භාර ඇමතිවරුන්ගෙන් යුතු ජීවන වියදම් කම්ටුව විසින් අවධානය යොමුකර තිබේ.

ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාම ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට බලපෑ එක් හේතුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එසේම එම නිවේදනයේ දැක්වෙන්නේ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක් කරා වන ජාතික සංවර්ධන වැඩසටහනට අනුව පොහොර, ඉන්ධන, වන සම්පත්, කැලිකසළ ජන ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නංවන අයුරින් කළමනාකරණය කළ යුතු බවයි.

එබැවින් මිල වැඩි කිරීමට අමතරව, ආනයනික ඉන්ධන මත රඳා පවතින පරිභෝජන රටාව වෙනස් කිරීමට රජය විසින් යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවේශ වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

මෙම නිවේදනය ඉන්ධන මිල ඉහළ දැමීම ගැන හේතු දැක්වීමට අමතරව අනියම් ආකාරයකින් ඉන්ධන ඉහල දැමීමේ තීරණය ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඇමතිවරුන් ඇතුළු සියල්ලකගේ සහභාගීත්වයෙන් ගන්නා ලද තීරණයක් බව ඒත්තු ගැන්වීමකි. ඊයේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් පවසා තිබුණේ ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම ගම්මන්පිළ බාරගනිමින් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි. මෙම සිදුවීම පොදුජන පෙරමුණ තුළ පවතින අභ්‍යන්තර අර්බුදයේ ප්‍රකාශනයක් ලෙසද ඇතැම් දේශපාලන විචාරකයන් මතු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...