බැරිම තැන නැහැ කියයි . එත් නැගෙනහිර පර්යන්තයට ඇහැ තියන් ඉන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

අද දින පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව අද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හිමිවිය.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට (Adani Ports and Special Economic Zone Ltd) ලබාදීමේ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මීට පෙර වාර්තා විය. එය අවලංගු කළ බව මෙතෙක් වාර්තා වී නැත.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...