Breaking News

බැරිම තැන නැහැ කියයි . එත් නැගෙනහිර පර්යන්තයට ඇහැ තියන් ඉන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.

අද දින පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වූ අතර අගමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාව අද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට හිමිවිය.

ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඉදිරියට පවත්වාගැනීමට අදාලව ගෙන ඇති තීරණ මොනවාදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය හෝ අයිතියෙන් කොටසක් ශ්‍රී ලංකා රජයෙන් බාහිර වෙනත් කිසිදු පාර්ශවයකට පැවරීමට තීරණයක් ගෙන නොමැති බව මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

කෙසේවෙතත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට (Adani Ports and Special Economic Zone Ltd) ලබාදීමේ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මීට පෙර වාර්තා විය. එය අවලංගු කළ බව මෙතෙක් වාර්තා වී නැත.

leave a reply