‘අප කිසිදා වෛරයට හිස නමන්නේ නැත’ – පකිස්ථාන ජනතාව ලංකාවෙන් සමාව අයදියි

ඊයේ පකිස්ථානයේ සියල්කොට් හි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් රැසක් අද (04) ලංකාව වෙත සිය ශෝකය පළකරමින් සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් #PakStandsWithSL යන හැෂ් ටැගය යටතේ බොහෝ පකිස්තාන ජාතිකයින් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මෙරට ජනාධිපති වරයාට සහ අගමැතිවරයාට සිය ශෝකය පලකරනු දැකිය හැකිය.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම ප්‍රචණ්ඩත්වයට කිසිදා එකඟ නොවන බවට ප්‍රතිඥා දෙනු දක්නට ලැබිණි.

”ජනාධිපතිතුමනි, මම පකිස්තානයේ පුරවැසියෙක් වන අතර සිදුවූ සිදුවීම ගැන කණගාටුවට පත්වෙමි. මේ අවාසනාවන්ත දිනයේ පකිස්තාන් ජාතිකයන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව අයදිනවා. පකිස්තානය කිසිදා වෛරයට හිස නැමෙන්නේ නැත” යනුවෙන් බොහෝ දෙනෙක් ටිවීටර් පණිවිඩ නිකුත් කර තිබෙනු දැකිය හැකිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...