‘අප කිසිදා වෛරයට හිස නමන්නේ නැත’ – පකිස්ථාන ජනතාව ලංකාවෙන් සමාව අයදියි

ඊයේ පකිස්ථානයේ සියල්කොට් හි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් රැසක් අද (04) ලංකාව වෙත සිය ශෝකය පළකරමින් සිටියි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් #PakStandsWithSL යන හැෂ් ටැගය යටතේ බොහෝ පකිස්තාන ජාතිකයින් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් මෙරට ජනාධිපති වරයාට සහ අගමැතිවරයාට සිය ශෝකය පලකරනු දැකිය හැකිය.

බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් මෙම ප්‍රචණ්ඩත්වයට කිසිදා එකඟ නොවන බවට ප්‍රතිඥා දෙනු දක්නට ලැබිණි.

”ජනාධිපතිතුමනි, මම පකිස්තානයේ පුරවැසියෙක් වන අතර සිදුවූ සිදුවීම ගැන කණගාටුවට පත්වෙමි. මේ අවාසනාවන්ත දිනයේ පකිස්තාන් ජාතිකයන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සමාව අයදිනවා. පකිස්තානය කිසිදා වෛරයට හිස නැමෙන්නේ නැත” යනුවෙන් බොහෝ දෙනෙක් ටිවීටර් පණිවිඩ නිකුත් කර තිබෙනු දැකිය හැකිවිය.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...