තෝරදෙණිය ඉන්ද්‍රානන්දට වෙට්ටු දමන්නේ ඇයි

Date:

1989 කාල වකවානුවේ හමුදාවේ හිටපු ඉහල නිලධාරීයකු වන “තෝරදෙණිය “

“2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කරගනිමින් පෞද්ගලිකව නඩුවක් පවරමින්, එම පනත යටතේ රෝහණ වීජේවීර ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ඉන්ද්‍රානන්ද සිල්වාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අධිකරණය හරහා තාවකාලිකව නවතා ඇත.

මේ වන විට ඉන්ද්‍රානන්ද සිල්වා විජේවීර ඝාතනය සහ බටලන්ද වධකාගාරයේ ඝාතන සම්බධයෙන් සදහන් කරමින් එම ඝාතන පිලිබදව තමා සතුව වැදගත් සාක්ෂි ඇති බව ප්‍රකාශ කරමින්, එකී ඝාතන පිලිබදව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් CID ය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

එවැනි පැමිනණිල්ලක් ඉදිරිපත් කර තිබියදි තෝරදෙණිය මේ උත්සාහය කරනුයේ අතීතයේ සිදු වූ අපරාධ පිලිබදව නැග එන සමාජ කතිකාව සහ ඔහුට එරෙහිව නැගෙන චෝදනාව.

“2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කරගනිමින් යටපත් කිරීමට බව බැලු බැල්මටපෙනේ. එසේම එවැනි ඝාතන වලට වගකිව යුතු අපරාධකරුවන්ද තෝරදෙණියගේ මේ මැදිහත් වීමට සතුටු වනු ඇත.

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන ලද “මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත් කෙටුම්පත “ට එරෙහිව වත්මන් ආණ්ඩුවේ නායකයින් ,ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය විරෝධය පල කල අතර එකී පනත් කෙටුම්පත ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනු කරන ලදි.ඉන් නොනැවතුනු ජාතික ජනබලවේගය ප්‍රකාශ කලේ තම
පාලනයක් යටතේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” අහෝසි කරන බවයි.

තෝරදෙණියගේ නඩුවට භාවිතා කොට ඇති කඩුව වන්නේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත “යි.
එසේ නම් ජාතික ජනබලවේගය ආණ්ඩුව මහජන අපේක්ෂාවට අවනත වෙමින් පමා නොවී පුරවැසියා සතු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරන මේ “2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” පනත අහෝසි කිරීමට වහා මැදිහත් විය යුතුය.

තෝරදෙණිය හරහා සිදු කර ඇත්තේ ” 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිලිබද පනත ” උපයෝගී කර ගැනීම පිලිබදව මුට්ටිය දැමීමකි.

එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් රැක ගැනීමේ අරමුණු ඇතිව ඉන්ද්‍රාන්නදගේ පමණක් නොව සියලු පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් හඩ නැගීමට මේ මොහොතේ දී එක්වන ලෙස මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාට ආරාධනා කරන්නෙමු.

ලංකා මානව හිමිකම් සංසදය
CEYLON HUMAN RIGHTS FORUM


මර්දන පනත් අහෝසි නොකිරීමේ වාසිය තෝරදෙණියලාට

තෝරදෙනියගේ පැමිණිල්ල ගැන ඉන්ද්‍රානන්දගෙන් ප්‍රතිචාරයක්!

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...