Breaking News

ඉකි – ඕෂධි නවරත්න

වසන්ති නානායක්කාර

ඕෂධි නවරත්නගේ ” ඉකී ” නවකතාව අමුතුම තේමාවක් ඔස්සේ ගමන් ගත් ආදර අන්දරයක් . කතා ආරම්භයේ සිටම අවසානය දක්වාම කුතුහලය රඳවාගෙන කඳුළ සිනහව මතින් විහස් – අනුත්‍යා සෙනෙහසේ බැඳීම ගලාගෙන ගියා.

සිය දිවියෙහි අවසානයක් දකින්න පොල්දූව පාලමට එබෙන්නේත් ,අවසානයේදී පොළොන්නරුවේ රත්නායක මැණිකෙගෙ නිවස සිය නවාතැන වන්නේත් අනුත්‍යාගෙ දෛවෝපගත හමුවීම් වෙනුවෙනි.

මවගේ මරණයත් සමගින් ජීවිතය තුළ ඇයව අතරමංවූයේ පියාගේ චෝදනාව මතින් . සිය මවගේ මරණයට ඇය පෙම්වතා සමගින් පලායාම හේතු වූ බව පියාගෙ දෝෂාරෝපණය සමගින් ඇයට සිය උපන් නිවසට පා තැබීමට අවසර නොවූ අතර ඇයට අවසන් වතාවටවත් මවගේ දේහය බලාගන්න අවසර නොවූ තැන මොනතරම් අසරණ වූවාද ඇය? තමාට මේ සියල්ලටම මුහුණදෙන්න වූයේ සිය හිතගිය විහස්ට දුන් කම්මුල් පහරත් සමගිනි. එයට වන්දි ලෙසින් විහස් විසින් බලහත්කාරයෙන් දිනක් ඇයව සිය නිවසෙහි රඳවාගෙන නැවත ඇයව ගෙදර යවන්නට කටයුතු කළ අන්දම ඇයට අමතක කළ නොහේ.

පොලොන්නරුවේ රත්නායක මැණිකේට අයත් කෙම්සර සහල් අායතනයේ සේවයට බැඳුණු ඇය සියල්න්ගේම සිත දිනාගන්නට සමත් වූ අතර අහම්බෙන් කෙම්සර ආයතනයේ රත්නායක මැණිකෙගේ පුත් කෙම්සර පොඩි සර් වන විහස් ගෙදර පැමිණිමත්, විහස් මොනතරම් උත්සාහ කළද අනූගේ හිත හදන්න බැරිවීමත් , විහස්ගෙ මව නීතිඥ විජේනායකගේ දියණිය ඇමේලියාව විහස්ට විවාහ කරදෙන්න උත්සාහ කිරීමත් මතින් පැණනැගුණු ප්‍රශ්න මතින් මෙම ආදරවන්තයන් හිතින් දුක්විඳින අයුරු ඔබ බෙහෙවින්ම අපූරුවට ” ඉකි” මතින් අකුරු කරල . විජේනායක මහතාට අනූගේ මව විසින් සය දියණිය පෙමිවතා සමග යාම පිළිබඳව සතුට පළ කළ බව පැවසීමෙන් පසු විහස් එම චෝදනාවෙන් නිදහස් වීමත් සමගින් නැවතත් අනුගේ ආදරය දිනාගන්න විහස්ට හැකිවීම හරිම අපූරුවට ඔබ ඉදිරිපත් කළා. ඇමේලියා වෙනුවට විහස්ගෙ ආදරය වූ අනුත්‍යා විහස්ට විවාහ කරදීමට රත්නායක මැණිකේ ක්‍රියාකිරීම ආශිර්වාදයක් උනා මුළු මහත් කතාවටම අවසානයේදී මවගේ මරණය සිය පියාගෙ අනියම් බිරිඳ විසින් දුන් වධවේදනාවන් නසා සිදුවූ බවද හෙළිදරව් කිරීමත්

පියා නිලන්තට හා කුඩම්මා ටෙක්ලාට අත් වූ ඛෙිදනීය ඉරණම කළකම් ඵලදෙනබව ඔප්පු කරමින් යමක් කිරීමේදී කළයුතු නිසි දෑ පිළිබඳව පාඨකයා හිතන්න පොළඹවල . කතාවේ අවසානයද අපූරුවට ගෙත්තම් කරල පාඨක සිත්සතන් අමන්දානන්දයට පත්කරවමින්.

දේපොළවලට , ධනයට වඩා සිතේ සතුට වැදගත්බව අවධාරණය කරල. පවුලේ සමගි සමාදානය වැදගත් බව පෙන්වාදීල . අනියම් සම්බන්ධකම් පවුල් ජීවිතයක විනාශයට හේතුවන බව ඔප්පු කරල. එයින් සිත හා ජීවිත විනාශ වන බව ඉදිරිපත් කරමින් වටිනා පණිවුඩ රැසක් සමාජගත කරල . කතා වස්තුවට උචිත අයුරින් සිද්ධි අවස්ථා හා චරිත හසුරුවල . හරිම තාර්තික අයුරින් කතාව රසවත්ව ගලාගෙන ගියා. පරිසර සුන්දරත්වය වර්ණනාත්මක අයුරින් ඉදිරිපත් කරමින් ඔබගේ ප්‍රතිභාව මොනවට පසක් කරලද ? දිගින් දිගටම ලියන්න ඕෂධි . ඔබේ පරිකල්පනය හරිම විශිෂ්ටයි .
ලේඛන දිවියෙහි දුරගමනක් යන්නට ලැබේවා.

 

 

leave a reply