ලැජ්ජාවේ පන යනවා ඕයි…

Date:

යළි තෙල් මිල ඉහළ යෑම සහ ඒ වටා කැරකෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡාවක් සමාජ වේදිකාව මතට ඇවිත් තියනවා .පසුගිය ගෙවුණු සති කීපය තුළ රටට ජනතාවට අහිතකර පනත් සම්මත කර ගැනීම් , රජය මැදිහත්වී වාහන ගෙන්වීම , කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනිගෙන මුහුදුබත් වූ නැව හේතු කරගෙන මුහුදු පරිසර පද්ධතියට ගණනය කරන්නට බැරි විනාශය ඇතුළු බොහෝ කරුණු සිද්ධ වුණා. මුහුදු පරිසර පද්ධතිය විනාශවීමේ සිදුවීමට හැර අනෙකුත් කාරණා වලට ජනතාවගේ අවධානය යොමු වුණේ ඇල්මැරුනු ස්වභාවයෙනි. .පෝට් සිටි පනතේ සිට මේ ගෙවුණු කාලය තුළ සම්මත කර ගත් අණපනත් පිළිබඳව ජනතාව අවධානය යොමු කරන්නේ ඇල්මැරුණු ගතියෙනි.

තත්ත්වයන් මෙසේ පවතින අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළා. කොරෝනා වසංගතය හේතුවෙන් රට දැඩි සංචරණ සීමා වලට යටත් කර තිබෙන මොහොතේ ජනතාව ඉතා දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් ජීවත් වෙන වටපිටාවක ඉන්ධන මිල වැඩි වීම සමස්ත ජනතාව මත පැටවී තිබෙන පීඩනය තව දුරටත් තීව්‍ර කිරීමට සමත් වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ මේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ජනතාවගේ විරෝධය මෙන්ම පිළිකුල ද ආණ්ඩුව වෙත මුදා හැරෙමින් තිබෙන තත්ත්වයක් තුළ, මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර ඇමතිවරයා පිට පටවා විශේෂයෙන්ම රාජපක්ෂවරුන් හා ආණ්ඩුව බේරා ගැනීම සඳහා උපක්‍රම යොදමින් තිබෙන බව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයෙන් සනාථ වෙනවා. එහි සඳහන් වී තිබෙන්නේ අවසානයේ විෂය භාර අමාත්‍යවරයා මෙයට ඍජුව වගකිව යුතු බවයි. විෂය භාර ඇමැතිවරයා වෙන්නෙ උදය ගම්මන්පිල.

මේ නිවේදනය හරහා මතු වෙන කරුණ තමයි විෂයභාර ඇමති උදය ගම්මන්පිල මේ ඉන්ධන මිල වැඩි කරනු ලැබුවේ ආණ්ඩුවෙන් කරුණු විමසා නොවේද? කැබිනට් මණ්ඩලයට දන්වා නොවේද යන්නයි. ඇමරිකාවේ තෙල් මිල සමග ලංකාවේ වැඩිවුනු තෙල් මිල සංසන්දනය කරන කබ්රාල් පමණක් දැනගෙන සිටියාද? මේ ආකාරයේ ප්‍රශ්න ගණනාවක් අප හමුවට පැමිණ තිබෙනවා.

අප විශ්වාස කරන ආකාරයට මෙහි ඇත්තම කතාව සියලු දෙනාම එකතු වී ඉන්ධන මිල ඉහළ දාලා ජනතා විරෝධය මතු වෙන අතර රාජපක්ෂවරුන්වත් සමස්ත ආණ්ඩුව කෙරෙහි ඇතිවිය යුතු ජනතා පිළිකුල තනි පුද්ගලයෙක් හා එක් අමාත්‍යාංශයක් වටා ගොනු කිරීමට දරනු ලබන කූඨ උපක්‍රමයකි.

මෑත කාලයේ සිදුවුණු මෙවැනිම උදාහරණයක් නැවත මතක් කරනවා නම් සමස්ත ආණ්ඩුවේ ම දැනුවත්භාවය යටතේ වාහන ගෙන්වන්නට සැලසුම් සකස් කර එය ජනතාව ඉදිරියේ නිරුවත් වුණායින් පසුව හින්ද රාජපක්ෂ එය වැළැක්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර රටේ මිනිස්සුන්ව අන්දන්නටත් ඒ හරහා රාජපක්ෂවරුන්ගේ සුජාත භාවය රැක ගන්නටත් දරපු උත්සාහය මේ හා සමානය. වාහන ගෙන්වීම නැවැත්තුවා යැයි කියන කතාව අමූලික ප්‍රෝඩාවක් බව දැන් හෙළිදරව් වී තිබේ .

මේ ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව රට තුළ පැන නගිමින් තිබෙන විරෝධය කළමනාකරණය කිරීමට මේ මොහොතේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉහත ආකාරයෙන්ම ප්‍රෝඩාවක් කරමිනි. ඒ උදය ගම්මන්පිලගේ අත්තනෝමතික තීන්දුවක් බව රටට අඟවන්නට උත්සාහ දැරීමෙන්ය .

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...