Breaking News

පියුමිගේ සිට ඉත්තෑකන්ද දක්වා සත්‍ය කියමු

අරුණි සමරකෝන්

ශ්‍රී ලංකාව ආණ්ඩුව විසින් , covid 19 ගෝලීය වසංගතය මර්ධනය කිරීමේ පියවරක් ලෙස , සංචරණ සිමා ක්‍රියාත්මක කර ඇත. එහිදී අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් , ස්ටිකර් ක්‍රමයක් හදුන්වා දුන් අතර එය සංචරණ සිමා නියාමයන පහසුකරණයක් වනු ඇතයි අපේක්ෂිත විය (https://economynext.com/sri-lanka-police-issues-daily-sticker-passes-to-control-traffic-during-lockdown-82641/). සංචරණ  සිමා හි ආර්ථික පීඩාවන්ගෙන් වින්දිතයන් වූ පිරිස් මෙන්ම , වැඩබිමේ හි සේවයේ නිරත ස්ත්‍රී පුරුෂ ශ්‍රමික පිරිස් පිලිබඳ මේ වන විටත් පුළුල් සංවාදයක් ඇතිවී ඇත. එසේම පසුගිය දිනක , සරත් වීරසේකර අමාත්‍යවරයා ගේ අතිවිශිෂ්ට නිරෝධායන ප්‍රේමය ද , ස්ත්‍රියක් වස්තුකරණයට ලක් කිරීම ද, ඉතා භයානක රසායනික ද්‍රව්‍ය අන්තර්ගතව ප්‍රවාහනය වූ නෞකාව ගිනිගැනීම සහ අනතුරුව මුහුදුබත් වීමද , එයට වන්දි ගෙවන කතා කල නොහැකි කැස්බෑ , ඩොල්ෆින් යනාදී මුහුදු ජීවින් ද මේ අවධියේ දී සාකච්චාවට බදුන් වී තිබේ . මෙම සාකච්චා මගින් , දේශ ප්‍රේමය,භුමි අනුරාගය මෙන්ම නීතියේ ආධිපත්‍ය ද අවධානයට ලක්වී ඇත.

මේ සියල්ලටම එකතු වූ පුවත නම්,  පොලිස් මුලස්ථානය, කොළඹ යන ලිපි ශීර්ෂය යටතේ 2021 ජුනි 08 වැනිදා  නිකුත් වූ මාධ්‍ය නිවේදයන වේ.

එයට අනුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු, ජයාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම මඟින් මහජනතාව අතර අසමගිය , වෛරය ඇතිකිරීම හා කොවිඩ් 19 වැඩ පිළිවෙලට බාධා පැමිණවීම හේතුකර,  ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120, 286, 286 අ,291 අ, 291 ආ , 345, 365 ඈ, 402, 486 වගන්ති හෝ පහත සඳහන් පනත් යටතේ අත්අඩංගුව ට ගැනීමට තීරණය කර තිබේ,

මාගේ මුල්ම අවධානය යොමු වුයේ මෙම නිවේදනයේ සම්බන්දිකරන විෂයන් වෙතය.  එනම්, මේ වන තුරු , සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සිදුවීමක්/ සිදුවීම් මගින් කොවිඩ් 19ට මර්ධන වැඩ පිළිවෙල වෙත බාධා පැමිණ වීමක් සිදු වුයේ කෙසේද ? එසේම එම සිදුවීම් මහජන අසමගියාට හේතු කාරක වුයේ කෙසේද ?  Covid 19 වසංගත මර්ධන නීති සහ සමාජ මාධ්‍ය ප්‍රකාශන සම්බන්ද ඉතාම ළඟ සිදුවීමක් නම්, Shangri-La හෝටලයේ හි , නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පැවති උපන්දින සාදය හි වගකිව යුතු පාර්ශව කෙටිකාලින ක්‍රියාවලියක් මඟින් අධිකරණයෙන් ඇප ලබා නිදහස් කිරීමය. මෙය පසු දිනක විද්‍ය්ත මාධ්‍යයේ දී ප්‍රශ්න කිරීමේ ප්‍රතිපලයක් ලෙස එම පාර්ශ්ව අත්අඩංගුවට ගෙන , නිරෝධායනය වෙත රැගෙන යාමට කටයුතු කරන විට, එහිදී දක්වන විරෝධය පියුමි හංසමාලි හරහා සමාජ මාධ්‍ය වෙත කඩිනම් ව පැතිර යාමය. “තමන් ළඟ පවතින රහස්‍ය පණිවිඩ මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කිරීමත්, තොරතුරු ලබාගැනීමට හැකියාවක් නොමැති බවත්, ඒ වන විටත් විවිධ විද්‍යුත් මාධ්‍යයන්ගේ ප්‍රසංග වෙත සහභාගී වූ පාර්ශ්ව වෙත මෙම රෝගය වැලඳී තිබීමත් ” යනාදි හෙළිදරව් කිරීම්  හරහා මහජන සාමය කඩ වුයේ කෙසේද ?  එසේම එම ප්‍රකාශන අදටත් අසත්‍ය බවට කිසිවෙකු ප්‍රකාශ නොකරන විට, මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශන  මගින් නිරෝධායන ක්‍රියාවලියට බාධාකාරී වුයේ කෙසේද ?

මෙම නිවේදනයට අනුව ,  රාජ්‍යට විරුද්ධ වරදක් වන , අතෘප්තිය උද්වේගනය කිරීම ( Penal code 120, Exciting or attempting to excite disaffection),  අසභ්‍ය ප්‍රකාශන සන්තක වීම (286), ආගම් වෙත වරදකාරී වීම (291, 291 a ), ලිංගිකත්ව කේන්ද්‍රීය ප්‍රහාර (345), ස්භාවික නොවන බරපතල ලිංගික අපයෝජන , වංචාවන් , ජනරජයට එරෙහිව කැරැල්ලක් හෝ වරදක් කිරීමේ අරමුණින් ව්‍යාජ වාර්තාවක් සංසරණය කිරීම (486) යන්නදී වගන්ති (https://www.srilankalaw.lk/Volume-VI/penal-code-ordinance.html) යටතේ , සමාජ මාධ්‍ය ප්‍රකාශන අර්ථගන්වා අත් අඩංගුවට ගැනීම් සිදු වනු ඇත.

මේ වනතුරුම බහුතරයේ අවධානය යොමු වූ සාමාජ මාධ්‍ය ප්‍රකශ මගින් සිදු වුයේ,පොදු ජන පෙරමුණ කේන්ද්‍රය ආණ්ඩුවේ වංචා හෙළිවීමය. එම ආණ්ඩුව විසින් , නිරෝධායන නීති සිමාවේ සිට කරනු ලබන මුල්‍ය වංචා, ශ්‍රම සුරා කෑම , චෞර – ගෝත්‍රික ආර්ථික සම්ප්‍රධායන් විවර වීමය. උදාහරණ නම්, මෙවැනි මාරාන්තික වසංගතය දී භාවිතාවන Rapid Antigen කට්ටල මගින් ඉතාම අශිලාචාර ලෙස චෞර – ගෝත්‍රික නියෝජිතයන් වෙත ලාභ ලැබීමට ඉඩ සැලසීම, ගම සමඟ පිලිසන්දරේ දී , ජීවිතය රැක ගැනීම වෙනුවෙන් , PCR යාන්ත්‍රණයක් අයදින ලද ජනයා වෙත , එන්නත්කරණය ලබා දෙන බවට වංචනික ලෙස ප්‍රතිචාර දැක්වීම,  covid 19 අසාදිත ප්‍රමාණ හි සංඛ්‍යාලේඛණ පාරදුශ්‍යභාවයකින් තොරව ව්‍යජ වාර්තාකරණය, මෙන්ම නිරෝධායන නීති උල්ලංඝනය වූ බවට චෝදනා එල්ලවී තිබෙන හිරු මාධ්‍ය නාලිකා වේ ප්‍රසංග වෙනුවෙන් මේ ගෙවෙන මොහොතේ දී ත් පර්යේෂණයක් නොමැති විය හරහා මහජනයා වෙත ව්‍යාජ තොරතුරු සපයා දීමට උපකාරී කිරීම හරහා මෙම ආණ්ඩුවේ බහුතරයක් , මාධ්‍ය ලේඛනයේ වන covid 19 වැඩපිළිවෙල වෙත බාධා පැමිණ වී තිබේ. එසේම එම බාධාවන් හරහා අසත්යකරණය ව්‍යප්ත කර තිබේ. එවිට , ජනතාව විසින් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්නේ කෙසේද ?

මීළඟ ට නිවේදනයේ සඳහන් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර පනත වෙත අවධානය යොමු කරමි. මෙම පනත අවභාවිතා කරමින් , සමාජ මාධ්‍ය ක, කෙටි කතාවක් ලිවිම හේතුවෙන් ශක්තික සත්කුමාර  2019 අප්‍රේල් 01 වෙනිදා අත්අඩංගුවට ගෙන 2019 අගෝස්තු 5 වනදා වනතුරු ඇප ලබා නොදීම අමතක කල නොහැකිය (https://humanists.international/2020/07/case-against-sri-lankan-writer-for-hurting-religious-sentiments-should-be-dropped/).

නමුත් මෙම පනත පවතිනේ ඇයි ? පනතේ පුර්විකාවේ සදහන් ආකාරයට ම, මෙහි මුලිකම අභිලාශය වන්නේ, මානව ගරුත්වය සහ සමව හිමි, අහිමි කල නොහැකි මානව අයිතිවාසිකම් වන නිදහස, යුක්තිය සහ සාමය ආරක්ෂා කිරීමය. එහිදි, මානව අයිතිවාසිකම් විශ්ව ප්‍රකාශයේ සඳහන් ආකාරයට, මානවයෙක් ලෙස උපත ලැබීම හේතුවෙන්ම හිමිවන මානව අයිතිවාසිකම භුක්ති විදීම වෙනුවෙන් බියෙන්  තොර අවශ්‍යතාවන් පරිපුරණය කිරීම සහ එමගින් සිවිල්, දේශපාලන, ආර්ථික , සාමජිය සහ සංස්කෘතික අයිතීන් භුක්තිවිදිම තහවුරු කිරීමත් අපේක්ෂා කරයි. එහි පළමු වගන්තිය, සියලුම ජනයාගේ ස්වයං-නිර්ණය අයිතිය පිළිගනිමය . ඒ අනුව තම දේශපාන ස්ථීත්‍යය, සහ ආර්ථික, සමාජ සහ සංස්කෘතික සංවර්ධනය තීරණය කිරීමේ ස්වයං-නිර්ණ බලය පුද්ගයා වෙත හිමිය (https://www.ohchr.org/en/professionalinterest/pages/ccpr.aspx), මෙවැනි පසු බිමක මෙම පනත අවභාවිතා කිරීමට පොදුජන පෙරමුණ ආණ්ඩුවට හැකියාවක් තිබේද ?

විශ්වීය මානව අයිතිවාසිකම් ප්‍රකාශනය (1948), සිවිල් සහ දේශපාලන සම්මුතිය (1976) සහ ආර්ථික, සමාජ සහ සංස්කෘතික අයිතිවාසිකම් සම්මුතිය (1976) යනු රාජ්‍ය විසින්ම  උල්ලන්ඝය කරන මානව අයිතිවාසිකම් වෙන්වෙන්, රාජ්යයෙන්ම සුරක්ෂණය සහ පරිපුරනත්වය ලබාගැනීමට සම්පාදිත ලේඛන වේ. ඒවා වෙත එකඟ වීමෙන්, රාජ්‍ය, එහි කරුණු ආරක්ෂා කිරීමට බැදී සිටි. එවිට, ශ්‍රී ලංකා ආණ්ඩුව  එම සම්මුතියන් යොදාගනිමින්, ජනයා පීඩනයට ලක් කල නොහැකිය. නමුත් මෙම සම්මුති විරෝධී ක්‍රියාවලියට ඉඩ දෙමින්, ආණ්ඩුව භාෂණයේ අයිතිය සහ අනෙක් දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්, ප්‍රජාතන්ත්‍රවිරෝධිව හැසිරෙනුයේ, අසත්යකරණ ය භාවිතාවෙන්ම තහවුරු කරමිනි.

මෙයට අමතර ව 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනෙතේ 6 වන වගන්තිය , 1979 අංක 48  දරණ ත්‍රස්තවාදය වල්ලක්වීමේ තවකාලික විදි විධාන පනතේ වගන්ති 2 සහ 3, 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන පනතේ 02 වන්තිය ද භාවිතා කරමින්, වසංගතය නොව ජන මනස මර්ධනය යට ආණ්ඩුව  සුදානම් වේ .

හැමදා නියන් එකදා වැහි වලාවේ කියමින්, මුස්ලිම් ස්ත්‍රීන්ගේ රෙදි ගැලවීමටත්, පොලිස්පති ගෙදර යැවීමටත්  ලහි ලහියේම දෙරණ මාධ්‍යයෙන් ප්‍රකාශන නිකුත් කල ((https://www.facebook.com/watch/?v=2468209979865653)), ඉත්තෑකන්දේ සද්දාතිස්ස ශ්‍රමණයා  , නිරෝධායන නීති මෙන්ම, බෞද්ධ අල්පේච්චතා පිළිගැනීම් ද උල්ලංඝනය කරමින් , මල ඉලව්වක් ඉහලින් පැවැත්වීමට කටයුතු කරන්නට යෙදුනි .  මෙම ශ්‍රම තෙමේගේ දේශපාලන චර්යාව හරහා ප්‍රචණ්ඩත්වය නමැති අසභ්‍යතාව මේ මොහොතේ ප්‍රවර්ධනය කරනුයේ මෙම නීති සියල්ල උල්ලන්ඝාන කරමිනි. ශ්‍රී ලංකාවේ මේ මොහොත වන විට, එන්නත්කරණ මාත්‍රා දෙකම ලබා දී තිබෙනුයේ, ජනගහනයෙන් 1.62% කට පමණි (https://coronavirus.jhu.edu/region/sri-lanka). එවැනි තත්වය ක මරණය ගෙන එනු ලබන වසංගතයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන මෙම ශ්‍රමන පුද්ගලා කරනුයේ මහජන ආරක්ෂාව , වසංගතයෙන් ආරක්ෂාවීමට ඇති අයිතිය මරා දැමීමය. එවිට, මේ ඔහු වැදු මව වෙනුවෙන් කරන උත්තම පුජාවක් ලෙස කිසිවෙකු අර්ථ කථනය කරන්නේ නම්, ඇසීමට අවශ්‍ය වන්නේ, මෙයට පෙර මියගිය මවු වරුන් ට හිමි නොවන උත්තම පුජාව ලබා දීමේ වරප්‍රසාදය මොහුට පමණක් ලබා දීම සිදු වුයේ කෙසේද යන්නය ?

ලිපිය අවසාන කරමින්, අවධාරණය කරන කරුණ නම්, අසත්‍යය කරණය  අසභ්‍ය ක්‍රියාවකි. එයට විරුද්ධ විය යුතුය. එහිදී අසත්‍යය කරණය නමැති අසභ්‍ය , විනය විරෝධී ක්‍රියාව හමුවේ ස්ත්‍රී පුරුෂ කිසිදු පුරවැසියකු ට නිහඬ ව සිටිය නොහැකි බවය .

අරුණි සමරකෝන්

leave a reply