දුමින්ද නාගමුව ඇතුළු පහකට වරෙන්තු, වහාම අත්අඩංගුවට ගන්න නියෝග

ඊයෙ කඩුවෙල උසාවිය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ දේපල සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් කඩුවෙල පොලිසිය අද අධිකරණය හමුවේ දැක්වූ අදහස් සැලකිල්ලට ගනිමින් උද්ඝෝෂණයට සහභාගි වූවන් වෙනුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක්ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අනුව දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට  තිබේ.

එළඹෙන 23 වැනිදා මෙම නඩුව නැවත විභාගයට ගැනීමට නියමිත අතර වරෙන්තු නිකුත් වූ පස් දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව වාර්තා වේ .

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...