දුමින්ද නාගමුව ඇතුළු පහකට වරෙන්තු, වහාම අත්අඩංගුවට ගන්න නියෝග

ඊයෙ කඩුවෙල උසාවිය ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් අතරතුර අධිකරණ දේපල සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඉදිරිපත් කරමින් කඩුවෙල පොලිසිය අද අධිකරණය හමුවේ දැක්වූ අදහස් සැලකිල්ලට ගනිමින් උද්ඝෝෂණයට සහභාගි වූවන් වෙනුවෙන් එම උද්ඝෝෂණය සංවිධානය කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනෙක්ට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ අනුව දුමින්ද නාගමුව ඇතුළු පස් දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට  තිබේ.

එළඹෙන 23 වැනිදා මෙම නඩුව නැවත විභාගයට ගැනීමට නියමිත අතර වරෙන්තු නිකුත් වූ පස් දෙනා එදින අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව වාර්තා වේ .

Share post:

Popular

වෙනත් පුවත්

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...

වන්දි ලබාදීම බන්ධනාගාර ගැටුමෙන් මියගිය නිලධාරීන්ට පමණයි

පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව...

හෝමාගම පොලීසිය තුළ තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමට අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට

හෝමගම පොලිස් ස්ථානය තුළ තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල...

අවුරුදු 05ට පොලිස් බාරයේදී සැකකරුවන් 79ක් මැරිලා

ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ අත්අඩංගුවේ...