මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ 2022 සංශෝධිත අය – වැය ඊයේ (30) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ජනපති රනිල් වික්‍රමසිංහ 2022 වසරේ ඉදිරි මාස කිහිපය සඳහා ඊයේ ඉදිරිපත් කළ එම අන්තර්කාලීන අයවැයේ ප්‍රමුඛ යෝජනා පහත දැක්වේ.
2022 සැප්තැම්බර් 01 වැනිදා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළට.
වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා අවුරුදු 18 වැඩි සියලු අයට අනිවාර්යෙන් දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාව හඳුන්වා දීමට යෝජනා.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල විශ්‍රාම ගැනිමේ අවුරුදු 60 දක්වා අඩු කෙරේ. දැනට අවුරුදු 60 වැඩි සියලු සේවකයින් 2022 දෙසැම්බර් මාසයේ විශ්‍රාම ගැන්වීමට පියවර.
රජයේ සේවකයින්ට වසර පහක් සඳහා වැටුප් රහිත නිවාඩු ලබා ගෙන විදේශගත වීමට හෝ වෙනත් රැකියා කිරීමට අනුමැතිය.
රජයේ අවශ්‍යතා සදහා විදුලියෙන් ක්‍රියාත්මක වාහන පමණක් මිලදි ගැනීමටත්, පොසිල ඉන්ධන දහනයෙන් ධාවනය වන වාහන භාවිතය ඉදිරියේදී අත්හිටු වීම.
රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුගත කිරීමට ඒකකයක් පිහිටුවීම. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කරයි.
ස්වාධීනව ක්‍රියාත්මකවන ජාතික ණය කළමනාකරණ ආයතනයක් මහාභාණ්ඩාගාරය යටතේ පිහිටුවීම.
ලංකා බැංකුව සහ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 20%ක් තැන්පත්කරුවන්ට හා සේවකයින්ට ලබාදීම
ගැබිණි මව්වරුන් සඳහා රුපියල් 2500/= ක අතුරු දීමනාවක් ලබා දීම.
සහන සැලසිය යුතු පවුල් 61,000 ක් සඳහා මසකට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීම.
ගොවීන් රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති රුපියල් මිලියන 680ක මුදල (පොලිය හැර) කපා හැරීම හා ඒ සඳහා රුපියල් මිලියන 350 වෙන්කිරීම.
කුඩා ධීවර යාත්‍රා හිමියන්, විදුලි බල පහසුකම් නොමැති වතු පවුල් සඳහා සහනාධාර ලබාදීමට
ඉදිරියේදී රාජ්‍ය අංශය සඳහා විදුලිය භාවිතයෙන් ධාවනය කෙරෙන වාහන පමණක් ගෙන්වීමටත් පොසිල ඉන්ධන භාවිත වාහන ආනයනය
අත්හිටුවීමටත් පෞද්ගලික අංශයටද මෙවැනි වාහන භාවිත කිරීමට උනන්දු කිරීම.
ශ්‍රී ලංකාව තුළ විදේශ සිසුන්ට අධ්‍යාපන පහසුකම් ලබාදීමට ශාඛා විශ්වවිද්‍යාල ඇති කිරීම.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණෑගල ස්ථාපිත කිරීම.
නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල සේවකන්ට වැඩිදුර පුහුණුවක්.
ස්වයං රැකියා සඳහා විධිමත් පුහුණුවක් හා සහතියක් ලබාදීමට කටයුතු කිරීම තුළින් රැකියා සුරක්ෂිතතාවය ඇති කිරීම. ඒ සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීම.
දුම්රිය ප්‍රවාහන සේවය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමත්, අදර්ශ ව්‍යාපෘතිය ලෙස කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය.
දුම්රිය භාවිත කරමින් එළවළු හා පළතුරු ප්‍රවාහනයට යොදාගැනීම.
හාලිඇල හා කොළඹ කොටුව අතර විශේෂ දුම්රියක් යෙදවීමට පියවර
ප්‍රසස්ත ලෙස භාවිත කිරීම සඳහා මෙන්ම ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සුදුසු රජයේ දේපළ හඳුනා ගැනීමට රජය සතු ගොඩනැගිලි, වාහන, ඉඩම් ඇතුළු නිෂ්චල හා චංචල දේපළ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කිරීම.
ආදායම් උත්පාදනය කිරීම වෙනුවෙන් වූ නියමු ව්‍යාපෘතියක් ලෙස ප්‍රාදේශීය සභා කිහිපයක් ආසන්නයේ ඇති මහ නගර සභා සමග ඒකාබද්ධ කිරීම.
රැකියා විරහිත කණ්ඩායම් වෙත අක්කර 20ක ඉඩම් ලබාදීම.
දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර.
කලාපීය වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට නැවත උත්සාහ ගැනීම.
එතෙර ශ්‍රී ලාංකීකයින් සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීම.
දේශීයව පාපැදි නිෂ්පාදනය දිරි ගැන්වීම හා විදුලි පාපැදි කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනයට බදු සහන.
ජනපතිවරයා පැවසුවේ 2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බවත් වසර 25කට අදාළ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරන බවයි.
ඔහු තවදුරත් පැවසුවේ 2025 වන විට ප්‍රාථමික ආර්ථික අතිරික්තයක් ඇති කරගැනීම ඔහුගේ රජයේ අරමුණ බවත් ඒ අනුව 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දෙකට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කර තිබෙන බවත් 2026 ස්ථාවර ආර්ථික ඇති කරගැනීම අපේක්ෂා කරන බවයි.
ඔහු පැවසුවේ ඒ අනුව පොලී අනුපාතය ද මධ්‍යස්ථ අගයකට ලඟාකර ගැනීම අරමුණ බවයි. විදේශ විනිමය සංචිත වැඩි කර ගැනීමෙන් අනතුරුව විනිමය අනුපාතය මත අහිතකර පීඩනයද අඩු ගනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
විදෙස් ආයෝජන සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්ති යහපත් නොවන බැවින් එය වෙනස් කරන් බවත් අදායම් වැඩිකිරීමට නව යෝජනා 2023 අයවැයට ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරත් පැවසීය.