මහා පරිමාණ පස් කැපීමක් නිසා බෝපේ වෑවිල ප්‍රධාන පාර නාය යයි

බෝපෙ වෑවිල මාර්ගයේ විල්ලුව හෝටලයේ පිට්ටනියට ඉහල කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් මසකට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුවී නොමැති බව වාර්තාවේ.

මෙම නාය යාමට හේතුවී ඇත්තේ ප්‍රදේශය තුළ මහා පරිමාණ -හෝටල් ව්‍යාපෘති, පස් කැපීම්, ගල් කැඩීම්, අධික බෑවුම් සහිත ප්‍රදේශවල වගා කිරීම් ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා පාලකයන්ගේ රැකවරණය යටතේ ජයටම සිදුවීම බව සීතාවක හුස්ම පරිසර සංවිධානය පවසයි.

පසුගිය ජුනි 4 වෙනිදා බෝපෙ වෑවිල මාර්ගයේ විල්ලුව හෝටලයේ පිට්ටනියට ඉහල කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන ගියේ සියලු ගමනා ගමනයට බදා කරමිනි. මෙම හෝටලයට අදාල පිට්ටනිය දැනට මාස 9 කට පමණ පෙර සාදා ඇත්තේ අධික බෑවුම් සහිත ප්‍රදේශයේ පහල කොටස සමතලා කිරීමෙන්ය. ප්‍රදේශවාසීන්ගේ නිරීක්ෂණය අනුව හෝටලය ඉදිකර ඇත්තේද අධික බෑවුම් සහිත ප්‍රදේශයේ ‍ය.

දැනට මෙම මාර්ගය භාවිතා කර එදිනෙදා රස්සාවට යන ,අවශ්‍යතා ඉටුකර ගැනීමට යන එන ගැටහැත්ත,වෑවිල,ගේට්ටු කඩේ, කරදන, කීනගහවිල, නුගදන්ඩවත්ත සියලු ගම්වාසීන්ට ලොකු දුරක් ගෙවාගෙන නගරයට යාමට සිදුවී තිබේ.

විනාශය සිදුවී මාසයකට කිට්ටු කාලයක් ගතවී ඇත. වාසුදේව නනායක්කාර මන්ත්‍රී වරයා පැමිණ සතියකින් පාර සාදා දෙන බවට පොරොන්දු වී ඇත. පාලකයන්ගේ රැවටීම් මැද ජනතාව කබලෙන් ලිපට වැටී ඇත.

2021 ජුනි මස මුල වැටුනු වර්ෂාපතනයත් සමග ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නාය යාමේ අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කෙරී ඇත . මේ තත්වය වසර ගනණාවක් පුරා මෙම ප්‍රදේශයේ වරින් වර ක්‍රියාත්මක වන්නක් බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...