මහා පරිමාණ පස් කැපීමක් නිසා බෝපේ වෑවිල ප්‍රධාන පාර නාය යයි

බෝපෙ වෑවිල මාර්ගයේ විල්ලුව හෝටලයේ පිට්ටනියට ඉහල කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් මසකට ආසන්න කාලයක් ගතව ඇතත් කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමුවී නොමැති බව වාර්තාවේ.

මෙම නාය යාමට හේතුවී ඇත්තේ ප්‍රදේශය තුළ මහා පරිමාණ -හෝටල් ව්‍යාපෘති, පස් කැපීම්, ගල් කැඩීම්, අධික බෑවුම් සහිත ප්‍රදේශවල වගා කිරීම් ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා පාලකයන්ගේ රැකවරණය යටතේ ජයටම සිදුවීම බව සීතාවක හුස්ම පරිසර සංවිධානය පවසයි.

පසුගිය ජුනි 4 වෙනිදා බෝපෙ වෑවිල මාර්ගයේ විල්ලුව හෝටලයේ පිට්ටනියට ඉහල කොටසේ ප්‍රධාන මාර්ගයේ කොටසක් කඩාගෙන ගියේ සියලු ගමනා ගමනයට බදා කරමිනි. මෙම හෝටලයට අදාල පිට්ටනිය දැනට මාස 9 කට පමණ පෙර සාදා ඇත්තේ අධික බෑවුම් සහිත ප්‍රදේශයේ පහල කොටස සමතලා කිරීමෙන්ය. ප්‍රදේශවාසීන්ගේ නිරීක්ෂණය අනුව හෝටලය ඉදිකර ඇත්තේද අධික බෑවුම් සහිත ප්‍රදේශයේ ‍ය.

දැනට මෙම මාර්ගය භාවිතා කර එදිනෙදා රස්සාවට යන ,අවශ්‍යතා ඉටුකර ගැනීමට යන එන ගැටහැත්ත,වෑවිල,ගේට්ටු කඩේ, කරදන, කීනගහවිල, නුගදන්ඩවත්ත සියලු ගම්වාසීන්ට ලොකු දුරක් ගෙවාගෙන නගරයට යාමට සිදුවී තිබේ.

විනාශය සිදුවී මාසයකට කිට්ටු කාලයක් ගතවී ඇත. වාසුදේව නනායක්කාර මන්ත්‍රී වරයා පැමිණ සතියකින් පාර සාදා දෙන බවට පොරොන්දු වී ඇත. පාලකයන්ගේ රැවටීම් මැද ජනතාව කබලෙන් ලිපට වැටී ඇත.

2021 ජුනි මස මුල වැටුනු වර්ෂාපතනයත් සමග ප්‍රදේශයේ ස්ථාන කිහිපයක්ම නාය යාමේ අවධානම් තත්වයක් ප්‍රකාශයට පත් කෙරී ඇත . මේ තත්වය වසර ගනණාවක් පුරා මෙම ප්‍රදේශයේ වරින් වර ක්‍රියාත්මක වන්නක් බව වාර්තා වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...