පොලිස් ලොක්කෙක් නිධන් හාරන්න ගිහින් මාට්ටු

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සිටින පොලිස් නිලධාරීන්ගේ කෙරුවාවල් දිනෙන් දින එලිවෙමින් පවතියි.

නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකට අදාලව කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර නිධානයක් හෑරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිය. එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබු බව අනාවරණය වී තිබේ.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.

එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂිද පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...