පොලිස් ලොක්කෙක් නිධන් හාරන්න ගිහින් මාට්ටු

නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සිටින පොලිස් නිලධාරීන්ගේ කෙරුවාවල් දිනෙන් දින එලිවෙමින් පවතියි.

නිදන් හෑරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකට අදාලව කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු 08 දෙනෙක් අනුරාධපුර පොලිසිය විසින් මෙයට පෙර නිධානයක් හෑරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබිය. එහිදී බිරිඳ බේරාගැනීමට අනුරාධපුර පොලිස් ප්‍රධානීන්ට පවා නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් බලපෑම්කර තිබු බව අනාවරණය වී තිබේ.

විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, සිය බිරිඳ ඇතුළු පිරිස කළ එම ක්‍රියාව කල්තියා නියෝජ්‍ය පොලිස්පති සැමියා විසින් දැන සිට ඇති බවයි.

එම සිදුවීම වන විට ඔහු අනුරාධපුරයේ රැදී සිට ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

දුරකථන විශ්ලේෂණ හා ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා පරීක්ෂා කිරීම් මගින් තහවුරු වූ විද්‍යාත්මක සාක්ෂිද පදනම් කරගෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...