ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත ගුරුවරු 42ක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු (42) අත්අඩංගුවට ගෙනතිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි 26 ක් සහ කාන්තාවන් 16 දෙනෙකු සිටින බවයි.

විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද පොලිසිය භාරයට ගත් බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අයුතු ජනරාශිය වැනි දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සඳහා ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

අත්අඩංගුවට ගත් ගුරුවරුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින්, ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වසර 24ක් නොවිසඳුනු වැටුප් විෂමතාවන් ඉවත් කිරීම, ඔන්ලයින් සදහා සියලු දරුවන්ට පහසුකම් ලබාදීම, අධ්‍යාපනයට 6% ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන වර්ජනයක නිරතව සිටින ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් අද විවිධ ප්‍රදේශවලින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වී තිබේ.

ගාලු පාරෙන්, නුවර පාරෙන් , හයිලෙවල් පාරෙන්, මීගමුව පාරෙන් ආදී වශයෙන් ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති කොළඹට පැමිණ තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්