Breaking News

යුද්ධ කරනවා වගේ කොරෝනා වසංගතය මැඩ පවත්වන්න බෑ – දුමින්ද නාගමුව

“කොරෝනා වසංගචතය සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන විකාර සහගත ආකාරය නිසා මේ වනවිට සංචරන සීමා නිසා ජනතාව විශාල පීඩාවකට පත් වෙලා ඉන්නවා. නමුත් අපි මේ ආකාරයේ සීමාවන් කරන්න, අවශ්‍ය නම් සති දෙකක් වහලා හෝ වසංගතය සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය පියවර ගන්න කියලා අපේ සැලැස්මක්, යෝජනා කළා. ආණ්ඩුව කිසිදු සැලැස්මක් නැතිව මේ සංචරණ සීමා පනවනවා. ඒ සම්බන්ධයෙන් පිළිගත් විශේෂථයන් කැඳවලා සැලැස්මක් ඇතිව ජනතාව දැනුවත් කරලා නෙවෙයි මේ කරන්නෙ. හිටපු ගමන් සංචරන සීමා ක්‍රියාත්මහක කරන්නේ හිටපු ගමන් නිවේදන නිකුත් කරන්නෙ යුද්ධයක් කරනවා කියලා හිතාගෙන. මේක යුද්ධයක් නෙවෙයිනෙ.
අපි කියනවා මේ විදියට ජනතාව පෙළලා සංචරණ සීමා කොයි තරම් කාලයක් දැම්මත් ලැබෙන ප්‍රතිඵලය ශුන්‍යයි. වසංගතය පාලනය කිරීමට කිසිම වාසියක් මෙකෙන් වෙන්නෙ නෑ. අන්තිමට ජනතාව පීඩාවට පත් වෙනවා විතරයි. ඇයි අපි ඒහෙම කියන්නෙ? මේ ප්‍රශ්නය සම්බන්ධ තක්සේරුවක් නෑ. එදිනෙදා තීරණ ගන්නෙ. සංචරන සීමා ක්‍රියාත්මහක කරන්නේ විකාර සහගත ක්‍රමයකට කියලා කිව්වෙ කිසිම පිළිවෙළක්, ඉලක්කයක් නැතිව ඒ්ක කරන නිසා. අප්‍රේල් මාසෙ කිව්වෙ ලොක් ඩවුන් ඒකක් නෑ, පාසල් වහන්නෙත් නෑ කියලා. දැන් පාසල් වහනවා, සංචරණය නවත්වනවා. දින තුනක් වහනවා කියලා දැන් දින ගණනාවක් වහනවා. සංචරණ සීමා දීර්ඝ කරනවා කිව්වෙ දවස් කීපයක් ගියාම. මේ ලොක්ඩවුන් කිරීම ගැන කලින් කිව්වොත් කොරෝනා වෛරසය දැන ගනී කියලා වගේ තමයි ආණ්ඩුව හැසිරෙන්නෙ. කොරෝනා දැනගන්නවා කල් ඇතිව කිව්වම. ඒ් නිසා හිටපු ගමන් කියනවා වහනවා, සංචරණය නවත්වනවා, අහවල් දාට අරිනවා කියලා. ඇත්තටම යුද්ධයක් කරනවා වගේ. කොරෝනා සතුරා, කලින් දැනගත්තම ක්‍රියාත්මක වෙයි වගේ, මේ වැඩ කරන්නෙ.

යුද්ධයක් නම් එහෙම කරන්න පුලුවන්. නමුත් මේ වසංගතයෙදි ජනතාව දැනුවත්ව අවශ්‍ය පියවරයන්ට සහයෝගය ලබා දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න ඔ්න. ජනතාවට අවම සතියකට කලින් කියලා මේ තත්වයට ජන ජීවිතය සූදානම් කරලා වහන්න කියලා අපි අපේ යෝජනාවලියෙන් කිව්වෙ මේ වගේ පීඩාවක් ජනතාවට ලබා දීලා කිසිම ප්‍රතිඵලයක් නැතිව කාලය කාදමන්න, නෙවෙයි. අපි වගේම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ගණනාවක්, වෛද්‍ය සංගම් පවා ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් කළා. නමුත් අද මොකද වෙලා තියෙන්නෙ? දැන් ඔන්න ආපහු ජනතාව පාරට ඇවිත්. මුලදි වාහනවලින් යන්න බෑ කිව්වා. ළඟම තැනින් බඩු ගන්න වගේ ඒවා කියලා හරියන්නෙ නෑ. අද කියනවා බඩු ගන්න විතරයි අරින්නෙ කියලා. ජනතාවට සූදානම් වෙන්න කාලයක් දීලා මේ සීමාවන් දිගට ක්‍රියාත්මක කරන්න තිබුණා. ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ගැන පවා සැලසුමක් කරන්න තිබුණා.

වෛද්‍යවරු ඉල්ලපු නිසා ක්‍රියාත්මක කරනවා කිව්වා. සතියක් කලින් දැනුම් දුන්නම ජනතාවට සූදානම් වෙන්න අවස්ථාව තිබුනා. දැන් මේ විදියට හදිසි තීරණ අරන් දවස් තුන තුන ඇරලා ඒදිනෙදා ආදායම් හොයන සාමාන්‍ය ජනතාව මොකද කරන්නෙ? තව දවස් කිපයක් ගියාම ජනතාවට සහන ඕන වෙනවා. එහෙම නම් කලින් සහන දෙන ක්‍රමයක් සූදානම් කරන්න තිබුණා.

අනෙක් කාරණය, ඇත්තටම මේක රටටම ක්‍රියාත්මක වෙනවද? පොලිසියෙන් පාරෙ යන් මිනිස්සුන්ට දොස් කියනවා, අවවාද කරනවා, දඩුවම් නෙවා, කැරම් බෝඩ් අරගෙන යන කෙනෙකුට උස්සගෙන දුවන්න කියනවා. පර්චස් එකක දෙකක හිරවෙලා ඉන්න මිනිහෙක් වෙන්න පුලුවන්. ඒක මාධ්‍යවල වාර්තා කරන ආකාරයෙන් හාස්‍ය ජනක දෙයක් නෙවෙයි. ඒක පීඩා කිරීමට හේතුවක් නෙවෙයි. මේ වගේම නීති ලොකු ලොක්කන්ට දේශපාලන බලවතුන්ට ක්‍රියාත්මක වෙනවද? අවශ්‍ය තරම් ආහාර ද්‍රව්‍ය. වෙනත් පහසුකම් ගන්න තියෙන දේශපාලන බලවතුන්, ධනවතුන් මේ විදියට පීඩාවකට ලක් වෙන්නෙ නෑ. ඒ අය කරන වංචා දූෂණ හේතුවෙන් මේ වගේ දඬුවම් දෙනවද? මහා පරිමාණ කොල්ලයන් සිදුකරන බලවත් පුද්ගලයන් නිදැල්ලෙ. ඒ අයට කොරෝනා බලපාන්නෙ මේ සාමාන්‍ය ජනතාවට බලපාන ආකාරයට නෙවෙයි. මේ මනුස්සයාට වෙන නීතියක්.

අනෙක් පැත්තෙන් මේ වනවිට ඇගලුම් කම්හල්වල තත්වය මොකක්ද?මේ සංචරණ සීමා ඔවුන්ට අදාළ නෑ. කවුද ඒ තීරණය ගත්තෙ? මේ වනවිට කර්මාන්ත ආශ්‍රිතව මේ වසංගතය ව්‍යාප්ත වෙමින් තිබෙනව. ඒ අය මුහුණ දෙන අවදානමට කවුද වග කියන්නෙ. කම්කරුවන් දහස් ගනනින් වැඩකරන ආයෝජන කලාපවල ඒ අය වැඩ කරන්න කැඳවද්දි මොකක්ද තියෙන සහතිකය? ඒ අය මිය යන්නෙ නැති වෙන්න පුලුවන්. ඒ අයගේ ගෙවල්වල වැඩිහිටියන්, දරුවන් ඥාතීන් අවදානමට ලක් වෙනවා. මොකක්ද ඔවුන්ට දෙන සෞඛ්‍යාරක්ෂාව? ඒ කර්මාන්තවලට ඉබාගාතෙ යන්න කවුද වගකියන්නෙ, සංචඤරණ සීමා එහෙම පවත්වාගනෙ ගියාම වැඩක් වෙනවද? ඒ ආයතන ප්‍රධානින් කැමති නෑ වැඩ නවත්වලා පඩි ගෙවන්න. ඒ නිසා මුලු කම්හල්වල වැඩකරන ජනතාව බිල්ලට දීලා. ඒ අයුක්තිය සිදුවෙද්දි, ඔවුන් හරහා වසංගතය ව්‍යාප්ත. වෙන එකට මේ අමනෝඥ තීරණ ගත්ත පාලකයන් වග කියන්න ඕන. ආර්ථිකය පවත්වා ගෙන යන්න කියලා මේ රටේ පෞද්ගලික අංශයේ සේවකයන්ට, ඇගලුම් කම්හල්වල සහෝදරියන් බිලි දෙන මේ තත්වය සම්බන්ධයෙන් ඔවුන්ට කතා කරන්නවත් ඉඩක් නෑ. හමුදාවෙයන් ඩ්‍රෝන යානා දාලා තියෙනවා, සෞඛ්‍ය නීති කඩකරන අය අල්ලන්න කියලා. අපි කියනවා මේ බොරුව කරන්න එපා. ඇයි? කම්හල්වල දහස් ගණන් එකතු වෙද්දි ඒවා අල්ලන්න ඩ්‍රෝන යවනවද? ඊළඟට ක්ෂණික විහිදුම් බලකාය දාලා, මෝටර් සයිකල්වල ආයුද සන්ද්ධ සොල්දාදුවෝ යන්නෙ යුද්ධයකට යනවා වගේ. මේ කාට විරුද්ධවද? කොරෝනා වෛරසය මැඩ පවත්වන්න සෙබලු යවන්නෙ යුද්ධයකට වගේ. කවුද මේ තීරණ ගන්නෙ? මේ විහිලු සහගත මෙහෙයුම්වලින් වසංගතය අඩාල වෙනවද?

පයින් ගිහින් අවශ්‍ය දේවල් ගන්න කියලා ජනතාවට කියන්න තීරන ගත්තෙ කවුද? ඒ තීරණ ගන්න තැන්වල අඩු ගානෙ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කතා කරන්න කෙනෙක් හිටියෙ වනැද්ද? තීරණ ගන්න අය මහ පොලොවෙ මිනිස්සු ජීවත් වෙන විදිය ගැන දන්නෙ නැති බව ඇත්ත. කවුරුවත්ම හිටියෙ නැද්ද මේක වැරදියි කියන්න.

මේ වගේ තීරණ ගන්න පාලකයන් කොහොමද ජනතාවට වග කියන්නෙ? ජනතාව වසංගතයෙන් බේරාගන්න මේ තීරණවලට, මේ විකාරවලට පුලුවන්ද? අපි කියන්නෙ දැන්වත් සැලැස්මක් හදලා ඇත්තටම වසංගතය අවසන් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. අපි මේ වසංගතය සම්බන්ධයෙන් යෝජනා කරලා තියෙන කාරනා ගැන නැවත හිතන්න.”

leave a reply