වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක මාරු කරේ පාදෙනියගේ කුමන්ත්‍රණ කතාව නිසාද?

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර හට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව සුදත් සමරවීර ඩෙංගු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත්කර තිබේ.

කොවිඩ් පාලනයේදී වසංගත රෝග විද්‍යා ඒකකය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවස්ථා කිහිපයකදීම ජනධිපතිවරයාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දක්වා තිබුණි.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සුදත් සමරවීර කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වූයේ නැහැ.

මේ අතර ඊයේ (18) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අධ්‍යක්ෂවරයාව විවේචනය කරදකිඅ නු දැකිය හැකිවිය.

ඔහු පැවසුවේ අදාළ අධ්‍යක්ෂවරයා කොවිඩ් සම්බන්ද දත්ත නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලකරන බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද පාදෙණිය ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...