වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක මාරු කරේ පාදෙනියගේ කුමන්ත්‍රණ කතාව නිසාද?

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර හට හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව සුදත් සමරවීර ඩෙංගු ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස ලෙස වෛද්‍ය සමිත ගිනිගේ පත්කර තිබේ.

කොවිඩ් පාලනයේදී වසංගත රෝග විද්‍යා ඒකකය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අවස්ථා කිහිපයකදීම ජනධිපතිවරයාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දක්වා තිබුණි.

මේ හේතුවෙන් පසුගිය දින කිහිපයේදී සුදත් සමරවීර කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වූයේ නැහැ.

මේ අතර ඊයේ (18) රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු අධ්‍යක්ෂවරයාව විවේචනය කරදකිඅ නු දැකිය හැකිවිය.

ඔහු පැවසුවේ අදාළ අධ්‍යක්ෂවරයා කොවිඩ් සම්බන්ද දත්ත නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පලකරන බවයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවද පාදෙණිය ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...