කෝවිඩ් වසංගතය හමුවේ ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ලියවිල්ලක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද පැවති මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කර තිබේ. එම ලියවිල්ලට අනුව වසංගතය තුරන් කිරීම සඳහා සති දෙකක අගුළු ලෑමක්, සෞඛ්‍ය ක්ෂේත්රයේ නායකත්වයෙන් මධ්‍යගත මෙහෙයුමක්, කොවිඩ් තුරන් කිරීමේ හදිසි සමාජ ආරක්ෂණ සැලසුමක් ඇතුළුව තවත් යෝජනා රැසක් ඇතුළුව තිබේ.
පවතින කොවිඞ් වසංගතය තුරන් කිරීම සඳහා වන කෙටිකාලීන හා මධ්‍යකාලීන යෝජනාවලිය
ලොව පුරා ජන ජීවිත බිඳ වට්ටමින්, ජීවිත ලක්ෂ ගණන් අහිමි කරමින් පැතිර යන කොවිඞ් වසංගතය මේ වනවිට වසර එකහමාරකට වඩා වැඩි කාලයක් තුළ අඛණ්ඩ ව්‍යාප්තියක පවතී. පවතින විද්‍යාත්මක දැනුමේ සහ තාක්ෂණයේ වර්ධනීය මට්ටම් ගැන මෙතෙක් කල් පුනරුච්ඡුාරණය කළ පුරසාරම් නිරුත්තර වෙමින් ධනවාදය තුළ ඒ කිසිවක් මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා භාවිතා නොවන බව ඔප්පු වෙමින් තිබේ. මෙවන් ගෝලීය වසංගත පවා භාවිතා වන්නේ ප‍්‍රාග්ධනයේ අභිලාෂයන් උදෙසා වැඩිවැඩියෙන් ලාභ ගොඩ ගසා ගැනීමට බවට උදාහරණ දහස් ගණනින් එකතු වේ. මේ වනවිට ගෝලීය ආසාදිත සංඛ්‍යාව කෝටි 16 ඉක්මවා ගොස් තිබෙන අතර ලෝකය පුරා මරණ සංඛ්‍යාව ලක්ෂ 33 ඉක්මවා තිබේ. ලංකාවද ආසාදිතයන් ලක්ෂ එකහමාරකට ආසන්න වෙමින් සිටින අතර ඉතා ඉක්මනින් මරණ සංඛ්‍යාව දහස ඉක්මවා යනු ඇත. සමස්ත ලෝකයම මෙවැනි වසංගතයකට මුහුණ දිය නොහැකි අර්බුදයක කරවටක් ගිලී ඇති අතර ධනවාදය ගෝලීය වශයෙන් සිය අසමත්කම ප‍්‍රකාශයට පත්කර තිබේ.
බර උසුලන්නේ කවුද?
වසංගතයේ සියළු අනිටු ප‍්‍රතිවිපාක සහ එහි බර වැඩකරන ජනතාවගේ උර මත පැටවෙමින් තිබෙන අතර එය ප‍්‍රාග්ධන හිමියන්ගේ ලාභ උත්පාදන මාර්ගයක් වී තිබේ. වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ 2020 වර්ෂය තුළ බිලියනපති ධනපතියන්ගේ ඩොලර් ට‍්‍රිලියන 8ක් වූ ධනයට අලූතින් ඩොලර් ට‍්‍රිලියන 5.1ක් එකතු විය. වසංගතයේ බරපතලම බලපෑමට හසුව දිනපතා දහස් ගණනින් ජනතාව රෝගී වන හා මියයන අසල්වැසි ඉන්දියාවේ ඉහලම ධනපතියන් තිදෙනාගේ ධනය එම වසර තුළ ඩොලර් බිලියන 100කින් ඉහල ගියේය. ලංකාවට අදාලවද මේ තත්වය එලෙසමය. සමාගම් වල ලාභ රේට්ටු ඉහල ගිය පසුගිය වසරේ පෞද්ගලික අංශයේ කම්කරුවන් ලක්ෂ 6ක පමණ ප‍්‍රමාණයකට ජීවනෝපායන් අහිමිවිය. නමුත් ලංකාවේ ඉහලම ධනපතියන් අට දෙනාගේ 2020 වසරේ ශුද්ධ ලාභය රුපියල් බිලියන 80ක් බවට වාර්තා පලවිය. අසංවිධිත ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු ජනතාවගේ ආදායම් භයානක ලෙස පහත වැටිණි. රජය සහන ලබා දුන්නේද ධනපති සමාගම් වලටය. 2021 අයවැය හරහා කොටස් වෙළඳපල ලියාපදිංචි සමාගම් වලට 50%ක බදු සහනයක් ලබාදුන් අතර ජනතාවට කිසිදු ආකාරයක බදු සහනයක් ලබා දුන්නේ නැත. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වලට පවා අලූතින් බදු පැනවූ අතර ලෝක වෙළඳපලේ ඉන්ධන මිල පහත වැටී තිබුණද එම සහනය ජනතාවට හිමි නොවීය. පසුගිය වසරේ කාර්තු හතරේදීම උද්ධමනය අඛණ්ඩව 6%ක පමණ අනුපාතයකින් වැඩි විය. 2021 මාර්තු මාසයේ උද්ධමනය 5.1%ක් විය. වසංගතයේ වාසිය ධනපතියන් විසින් උකහා ගනිමින් සිටින අතර එහි වන්දිය සම්පූර්ණයෙන්ම පාහේ ගෙවීමට සිදුව ඇත්තේ වැඩකරන පන්තියටය.
ජීවිත රැකීමද- ජීවිත නැසීමද?
මෙතරම් විනාශකාරී වසංගතයක් ලොව පුරා පැතිරෙද්දීත් 2020 වසරේ ලෝකයේ මිලිටරි වියදම් ඩොලර් ට‍්‍රිලියන 1.83 දක්වා ඉහල ගියේය. ලෝක දල දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මිලිටරි වියදම 2019දී 1.85% සිට 2020දී 2.08% දක්වා ඉහල ගියේත් ලෝකයේ සමස්ත යුද වියදම 2019ට සාපේක්ෂව 2.6%කින් ඉහල ගියේත් වසංගතයෙන් ජනජීවිත බේරා ගැනීමට වඩා වැඩි බරක් ප‍්‍රාග්ධන අභිලාෂයන්ට,අධිරාජ්‍යවාදී යුද්ධයට හා මර්දනයට තබා ඇති බව ඔප්පු කරමිනි. ලංකාවේද 2021 අයවැය මිලිටරියට වැඩි ප‍්‍රමුඛතාව ලබා දෙමින් ආරක්ෂක අමාත්‍යංශයට රුපියල් බිලියන 355ක් හා පොලීසියට රුපියල් බිලියන 85ක් ලෙස පොදුවේ මර්දන යාන්ත‍්‍රණ සඳහා රුපියල් බිලියන 440ක් වෙන් කළේ 2019දී එම අගය වූ රුපියල් බිලියන 393 ඉක්මවා යමිනි. දෙවන විශාලතම වියදම වෙන් කර ඇත්තේ මහාමාර්ග අමාත්‍යංශයටය. එය රුපියල් බිලියන 330කි. එනම් සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් දෙකේ මුළු එකතුවටත් වඩා වැඩි වියදමකි. අනෙක මහාමාර්ග අමාත්‍යාංශය සඳහා 2019දී වෙන් කළ රුපියල් බිලියන 175ට සාපේක්ෂව එහි වියදම දෙගුණයකින් ඉහල දැමු මුත් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මේ වසංගත තත්වය හමුවේ පවා මහජන බදු මුදලින් වෙන් කරනු ලැබුවේ රුපියල් බිලියන 159ක් පමණි. අනෙකුත් රාජ්‍ය අමාත්‍යංශ වලට වෙන්කළ මුදලද එකතු කළ විට සෞඛ්‍ය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 221කි. ඒ සොච්චම් මුදලට ජනතාව රැුවටීම සඳහා හම්බන්තොට ඉදි කරන ආයෝජන කලාපයක වියදමද ඇතුලත් කර ඇති නිසා සත්‍ය අගය ඊට වඩා බෙහෙවින් අඩුය. පොදුවේ ගත්කළ සෞඛ්‍ය වියදම් කප්පාදු වී තිබේ. සෞඛ්‍ය සේවය ජනතාවගේ අයිතියක් නොව ලාභ ලබන වෙළඳාමක් බවට පත් කර ඇති තත්වය හමුවේ මෙතරම් දැවැන්ත වසංගතයකට මුහුණ දිය නොහැක.
බොර දියේ මාළු බෑම
පොදුවේ ධනවාදය යටතේ වසංගතය ලාභ ගරා ගැනීම සඳහා භාවිතා වුවාට අමතරව එහි ව්‍යාප්තියේ වගකීම දේශපාලන අධිකාරිය භාර ගත යුතුය. නිශ්චිතව ලංකාවේ උදාහරණය ගත්විට එය වඩාත් හොඳින් පැහැදිලි වේ. වසංගතය පැවතුනු වසරකට අධික කාලය තුළ සෞඛ්‍ය සේවයට භෞතික සම්පත් හා මානව සම්පත් වර්ධනය කරමින් පූර්ව සූදානමක් අවශ්‍යව තිබුණුමුත් ඒ සඳහා කිසිදු අවධානයක් යොමුවී නොතිබිණි. අවම වශයෙන් රෝහල් ඇඳන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර ඒකක ගැන පවා සාකච්ඡුාවට බඳුන් වුයේ 2021 අපේ‍්‍රල් මාසයේ අග නව රැුල්ලක් හිස එසවීමත් සමගය. කාර්ය මණ්ඩල වැඩි කිරීම සම්බන්ධයෙන්ද අවධානයක් යොමු නොකෙරිණි. පාලකයන්ගේ අවධානය යොමු වුයේ කොවිඞ් වසංගතය අවසන් බවට ප‍්‍රචාරය කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට සහ කොවිඞ් තත්වය දඩමීමා කරගෙන මිලිටරීකරණ ව්‍යාපෘති ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී න්‍යායපත‍්‍ර දියත් කිරීමටය. එනිසා දැවැන්ත අවදානමක් ඉතා සමීප වනතුරුම එන්නත් ගෙන්වීමට අවශ්‍ය කටයුතු ආණ්ඩුව විසින් සම්පාදනය කළේද නැත. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය නොලැබුණු විවිධ ව්‍යාජ ඖෂධ ප‍්‍රචාරණය කරමින් සිටියා මිස වසංගතයේ තුන්වන රැුල්ලක් ලඟා වන තුරුම දේශපාලන අධිකාරිය එන්නත් ඇනවුම් කිරීමට සහ ඒ සඳහා මුදල් වෙන් කිරීමට කටයුතු කළේ නැත.
ආණ්ඩුව උත්සාහ කළේ වසංගතය භාවිතා කර සමාජ සංවාදය දුර්වල කිරීමටත්, ජනතා බලවේග වෙත මර්දනය කැඳවීමටත්, ඒ අතර සිය දේශපාලන න්‍යාය පත‍්‍රය සහ බල අරමුණු වෙනුවෙන් පවතින තත්වය කළමනාකරණය කිරීමටත්ය. වසංගතයේ පළමු පියවර ඉක්ම යත්ම කොවිඞ් පරාජය කළ බවට ප‍්‍රචාරය ගෙන යමින් මැතිවරණය පැවැත්වීම, කොවිඞ් වසංගතය මධ්‍යයේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් ජනාධිපතිවරයා සතු බලය වැඩි කර ගැනීම සහ මෑත කාලයේ රටම වසංගතය හමුවේ නිහඬ කර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත බඳු ජනතා විරෝධී අණ පනත් සම්මත කර ගැනීමට උත්සාහ දැරීම මේ සඳහා උදාහරණ වේ. උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා නිරෝධායන නීති යොදා ගැනීමට දරනු ලැබූ උත්සාහයන් පිලිබඳ අත්දැකීම්ද ගණනාවක් තිබිණි. එනිසා මෑත කාලීනව කොවිඞ් වසංගතය සම්බන්ධ නොසලකා හැරීම් හුදු අනවධානයකට වඩා ආණ්ඩුවේ දේශපාලන
වැඩපිළිවෙලේම කොටසක් බව පැහැදිලිය.
දෙවන පාස්කු ප‍්‍රහාරය – මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්
ජනතාව තුළ අවධානය පවත්වා ගනිමින් වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්ෂේත‍්‍රය ගත්කල තත්වය තවත් ඛේදජනකය. කිසිදු විචාරයකින් තොරව ගුවන්තොටුපල විවෘත කරමින් සංචාරකයන් කැඳවා ගනිමින් සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කළ අතර වැඩකරන ජනතාව වැඩබිම් වෙත කැඳවූණේ සෞඛ්‍ය ආරක්ෂාව නොතකා හරිමිනි. එහි ප‍්‍රතිඵලය වුයේ සංචාරක හෝටලයක් සහ මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කර ගනිමින් කොවිඞ් දෙවන රැුල්ලක් ව්‍යාප්ත වීමය. ඒ අවස්තාවේදී ගම්පහ දිස්ත‍්‍රික්කයේ දිස්ත‍්‍රික් සීමා ඉක්මවන සංචරණ පාලනය කරමින් කළ යුතුව තිබු අත්‍යවශ්‍ය පියවර නොගන්නා ලදී. සෞඛ්‍ය රෙගුලාසි කඩ කරමින් සේවකයන් සේවයට කැඳවූ එකී කර්මාන්ත ශාලාවට අදාළව නීතිය ක‍්‍රියාත්මක වුයේද නැත. පෑලියගොඩ මාළු වෙළඳපොලෙන් ආරම්භ වී එය රට පුරා පැතිරිණි. ඉන් අනතුරුව 2021 අපේ‍්‍රල් මාසයේ මුල් සතියේ නව වෛරස් ප‍්‍රභේදයක් ව්‍යාප්ත වන බව දැනුම් දී තිබියදීත් එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර නොගත් අතර ආණ්ඩුව වඩා වැදගත් ලෙස සැලකුවේ ව්‍යාපාරිකයන්ගේ තෙරපුම මත උත්සව මානසිකත්වය පවත්වා ගැනීම කෙරෙහිය. සිංහල- දෙමල අලූත් අවුරුද්දෙන් පසුව පවා තත්වය පාලනය කිරීමට සංචරණ සීමා පැනවීම කෙරෙහි හෝ පියවරක් නොගත් අතර එල්ල වූ දැඩි සමාජ පීඩනයත්, වෛද්‍ය විශේෂඥයන්ගේ බලපෑමත් නිසා මේ සති අන්තයේ යම් සීමාවක් පනවනු ලැබීය. නමුත් එම සංචරණ සීමා පවා රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන කර්මාන්ත ශාලා ආදියට අදාළ නොවන නිසා මේ සංචරණ සීමා අර්ථ විරහිතය. නමුත් එය අතිශයින් ප‍්‍රමාද අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමේ ක‍්‍රියාමාර්ගයකි. මේ අනුව වෛරසය ව්‍යාප්ත වීමේ සහ එමගින් සිදුවන මරණ වල සම්පූර්ණ වගකීම පාලකයන් භාරගත යුතුය. බලධාරීන් කලින් මැදිහත් වූයේනම් මේ මරණ වලින් යම් අනුපාතයක් හෝ වලක්වා ගැනීමට හැකියාව තිබිණි. මෙය ලංකාවට අදලවනම් පාස්කු ප‍්‍රහාරයේ දෙවන සංස්කරණය වැන්නකි. පාස්කු ප‍්‍රහාරයේදී එම ප‍්‍රහාරය සිදුවන බව දැනගෙන ක‍්‍රියාමාර්ග නොගත් අතර කොවිඞ් වසංගතයේදීද ඒ ආකාරයටම මරණ විශාල ප‍්‍රමාණයක් සිදුවන බව දැනගෙනම එය වැලක්වීමට පියවර නොගෙන සිටීම නිරීක්ෂණය කළ හැකිය.
තත්වය අතිශය බියකරු වූ වත්මන් මොහොතේ පවා කොවිඞ් වසංගතයේ වැඩිදුර ව්‍යාප්තියක් වැලැක්වීම සහ මිනිස් ජීවිත අහිමි වීම වැලැක්වීම වෙනුවෙන් කළ යුතු අවම කාර්යභාරයක් තිබේ. අප මෙම කෙටිකාලීන සහ මධ්‍යකාලීන යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ ඒ සඳහා අවශ්‍ය පදනමක් සැකසීම වෙනුවෙනි. අප මෙම යෝජනාවලිය සමාජයට ඉදිරිපත් කරන්නේ වසංගතය සමග ජීවත් වීමේ පාලකයන්ගේ සටන්පාඨය වෙනුවට වසංගතය තුරන් කිරීමේ සහ තවදුරටත් ජීවිත අහිමි වීම වැළක්වීමේ සටන්පාඨය සඳහා සමාජමය අනුමැතියක්, සමාජමය බලයක්, පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමේ මූලාරම්භයක් ලෙසය.
වසංගතය තුරන් කිරීමේ උපායමාර්ගික සැලැස්මක් – සති දෙකක පූර්ණ අගුලූ ලෑමක්
(අ) මෙම වසරේ අපේ‍්‍රල් මාසය ආරම්භයේ සිටම සෞඛ්‍ය අංශ වල ඉල්ලීම තිබුණේ පවතින තත්වය පිලිබඳ තක්සේරුවක් ගැනීම සඳහා හදිසි පරීක්ෂණයක් සිදු කළ යුතු බවය. ඒ සඳහා දින කිහිපයක් සංචරණ සීමා පනවා, ඒ කාලය තුළ අහඹු නියැදි වලට පී.සී.ආර්. සහ ප‍්‍රතිදේහ පරීක්ෂණ ඇතුළු රෝග නිර්ණය පරීක්ෂණ සිදුකර, පවතින තත්වය පිලිබඳ වාර්තාවක් සැකසිය යුතුය. මෙය කලින් සිදු කළ යුතුව තිබුණත් ආර්ථිකය ගැන කියමින් ඒ සඳහා පියවර ගත්තේ නැත. ඒ නිසාම වසංගතය දිවයින පුරා පැතිරී ඇති අන්දම, එක් එක් වෛරස් ප‍්‍රභේදය ව්‍යාප්ත වී තිබෙන ආකාරය, වසංගතය වර්ධනය වෙමින් යන රිද්මය ආදී කිසිවක් ගැන නිශ්චිත අදහසක් මේ මොහොතේත් නැත. එනිසාම ඉදිරි තත්වයන් සම්බන්ධයෙන් පුරෝකථන සිදු කිරීම හා ඒ සඳහා පූර්ව සූදානම් වීමද කළ නොහැකිය. වෛද්‍ය විශේෂඥයන්ගේ බලපෑම සහ සමාජයෙන් එල්ල වූ විවේචනය නිසා දින තුනක සංචරණ සීමා පනවනු ලැබුවද, එයින් විසඳුමක් ලැබෙන්නේ නැත. එනිසා පළමු පියවර වශයෙන් පවතින තත්වය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සහ විශ්ලේෂණයක් සිදු කළ යුතුය. අනතුරුව එම විශ්ලේෂණය මත පදනම්ව කොවිඞ් පරාජය කිරීමේ උපායමාර්ගික සැලැස්මක් සකස් කළ යුතුය. ඉහත ක‍්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අංශ වලින් නිර්දේශ කරන්නේනම් සති දෙකක හෝ තුනක දිවයිනම ආවරණය වන පූර්ණ අගුලූ ලෑමක් පනවා රෝග ව්‍යාප්තිය යම් පාලනයකට ලක් කළ යුතුය. ආණ්ඩුව මෙතෙක් කල් සංචරණ සීමාවන් නොපනවා සිටියේ ආර්ථිකය ගැන කියමිනි. නමුත් අවිධිමත් ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ ජනතාවගේ ආර්ථිකය දැනටමත් බිඳ වැටී තිබේ. දෛනික ආදායමින් ජීවත් වන ජනතාවගේ ජීවනෝපායන් බරපතල බිඳ වැටීමකට හසුව ඇත. දැන් ආණ්ඩුව රට අගුලූ ලෑමකට නොයා සිටින්නේ එම ස්ථරයේ වගකීම භාර ගැනීමෙන් මග හැරීම පිණිසය. විශේෂඥ උපදෙස් වලට අනුව සංචරණ සීමා අවශ්‍යනම් එවැන්නක් පනවා ජනතාවගේ ආර්ථිකයේ සහ ජන ජීවිතයේ වගකීම රජය භාරගත යුතුය. එම කාලය තුළ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලූ දෙනාට පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය යුතු අතර අසංවිධිත ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ සේවයේ නියුතු අයට සහ දරිද්‍රතාවයෙන් පීඩා විඳින්නන්ට රජය මගින් ආර්ථික හානි පූරණයක් සඳහා වන සමාජ ආරක්ෂණ ක‍්‍රමවේදයක් සැකසිය යුතුය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ නායකත්වයෙන් මධ්‍යගත මෙහෙයුමක්
(ආ) මේ වනවිට කොවිඞ් මර්දන ක‍්‍රියාවලිය විවිධ කේන්ද්‍ර වලට ගොනුවී, ඒවා අතර සම්බන්ධීකරණයක් නැතිව අරාජික වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තද එම විෂය සඳහා ඇමතිවරියක් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දෙකක් තිබෙන අතර පරිපාලනමය ව්‍යාකූලතාවක් නිර්මාණය වී තිබේ. කොවිඞ් මර්දන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස හමුදාපතිවරයා පත් කිරීම පමණක් වුව මේ ව්‍යාකූලතාව සඳහා නිදසුනකි. ආණ්ඩුව ප‍්‍රමුඛතාව දී ඇත්තේ සිය මිලිටරීකරණ වැඩපිළිවෙල සඳහා ආධාරකයක් ලෙස කොවිඞ් වසංගතය පාවිච්චි කිරීමට මිස වසංගතය තුරන් කිරීමට නොවන බව පැහැදිලිය. එනිසා දෙවනුව කළ යුත්තේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අංශයේ මූලිකත්වයෙන් සමස්ත රාජ්‍ය සේවය, දේශපාලන තන්ත‍්‍රය හා පොදු ජනතාව ඇතුළු අනෙකුත් සියළු ක්ෂේත‍්‍ර සම්බන්ධ කරගත් මධ්‍යගත මෙහෙයුමක් නිර්මාණය කිරීමයි. දැනට පවතින සෑම කටයුත්තකටම මිලිටරිය ආදේශ කිරීමේ ක‍්‍රමවේදය වෙනුවට විෂය ප‍්‍රවීණයන් මැදිහත් කරගෙන උපායමාර්ගික සැලැස්ම සහ ක‍්‍රියාකාරී සැලැස්ම නිර්මාණය කළ යුතුය. එම උපායමාර්ගික සැලැස්ම සහ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සියළු තොරතුරු සමාජගත කළ යුතුය. රෝගීන් සංඛ්‍යාව, රෝගයේ ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව පිලිබඳ තොරතුරු වල විශ්වාසනීයත්වය බරපතල ලෙස අභියෝගයට ලක්ව ඇති අතර වහාම එය නිවැරදි කර පවතින තත්වය පිලිබඳ නිවැරදි තොරතුරු පාරදෘශ්‍ය ක‍්‍රමවේදයකට සමාජගත කළ යුතුය.
කොවිඞ් තුරන් කිරීමේ හදිසි සමාජ ආරක්ෂණ අරමුදලක්
(ඇ) වසංගතය මර්දනය කිරීමේ ක‍්‍රියාවලිය සඳහා මූල්‍ය සම්පාදනය වෙනුවෙන් පොදු අරමුදලක් වහාම නිර්මාණය කළ යුතුය. දැනට ඒ ආකාරයෙන් විවෘත කර තිබෙන ඉටුකම කොවිඞ් අරමුදලේ පාරදෘශ්‍ය භාවය පිළිබඳව සැකසංකා ඇති වී තිබේ. එයට මුදල් ලැබෙන සහ වියදම් වන ක‍්‍රියාවලිය පිළිබඳව සමාජයට අවබෝධයක් ලබා නොදෙන අතර වරින් වර සමාජ විවේචනයෙන් ගැලවීමට නිකුත් කර තිබෙන මුදල් වාර්තා අතරද පරස්පරයන් බොහෝ තිබේ. වසංගත තත්වයක් පැවතීම සැලකිල්ලට ගෙන ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂ අඩු කිරීම සහ මැති ඇමතිවරුන්ගේ වැටුපට අමතරව තිබෙන විවිධ දීමනා ඉවත් කිරීම සිදු කර එම මුදල් මෙම අරමුදලට බැර කිරීමට පියවර ගත යුතුය. ප‍්‍රධාන වශයෙන් මෙම අරමුදල සඳහා කළ යුතුව තිබෙන්නේ ඉහල ලාභ ලබන සමාගම් වල ලාභ රෙට්ටුවෙන් කොටසක් හෝ ලබා ගැනීමය. ඉටුකම අරමුදල සඳහා මූල්‍ය දායකත්වය ලබා ගත්තේ ධනපතියන්ගේ ලාභ කඳු වලට අතවත් නොතබා වැටුප් ශ‍්‍රමිකයන්ගේ වැටුපෙන් දිනක වැටුප කපා ගනිමිනි. ලංකාවේ කොටස් වෙළඳපල ලැයිස්තුගත සමාගම් වලින් ඉහලම ආදායම් ලබන සමාගම් සියය සාමාන්‍යයෙන් වාර්ෂිකව බදු ගෙවූ පසු ලබා ගන්නා ශුද්ධ ලාභය රුපියල් බිලියන 200ක් පමණ වේ. ඔවුන්ගේ එක අවුරුද්දක ලාභයෙන් 50%ක් ලබා ගත්තද එය රුපියල් බිලියන 100ක පමණ විශාල මුදලකි. ඉටුකම අරමුදලට එකතු වී තිබුණේ රුපියල් බිලියන 1.7ක් පමණි. දැනට පවතින ඉටුකම ඇතුළු අනෙකුත් අරමුදල් සියල්ල ඒකාබද්ධ කර, වැඩි ලාභ ලබන සමාගම් වල ලාභයෙන් 50%ක කොටසක්ද ලබාගෙන නව අරමුදලක් ගොඩ නැගිය යුතු අතර එහි මුදල් වාර්තා සියල්ල සමාජයට ප‍්‍රසිද්ධ කිරීම සිදුවිය යුතුය. එය රජයේ විඝනකාධිපතිවරයා යටතේ විඝණනය විය යුතුය. එමෙන්ම ජනතාවට අවශ්‍ය විටෙක එහි ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේ අයිතිය තහවුරු කළ යුතුය.
එලෙස සකස් කරන වැඩපිළිවෙලක පහත ක්ෂේත‍්‍ර ආවරණය විය යුතු බව අපගේ යෝජනාවයි.
රාජ්‍ය හා පුද්ගලික අංශ ඒකාබද්ධ කර ගනිමින් කොවිඞ් රෝගීන්ට නොමිලේ ප‍්‍රතිකාර කිරීමේ සැලැස්මක්
01. ජනතාව ගෙවන බදු මුදලින් නිදහස් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවේ. විශේෂයෙන් වසංගත තත්වයක් පවතිද්දී පවා 2020 හා 2021 වර්ෂ සඳහා ප‍්‍රතිපාදන වෙන් කර ඇත්තේ ඉතා අඩුවෙනි. 2021 වසරේ අයවැය මගින් සෞඛ්‍ය සේවය සඳහා රුපියල් බිලියන 220ක් වෙන් කරද්දී ආරක්ෂක හමුදා සහ පොලීසිය සඳහා එමෙන් දෙගුණයක්, එනම් රුපියල් බිලියන 440ක් වෙන් කර තිබේ. මාර්ග සංවර්ධනය සඳහාද රුපියල් බිලියන 330ක් වෙන් කර තිබේ. සෞඛ්‍ය සඳහා වෙන්කළ මුදල මීට වඩා බෙහෙවින් අඩු වන්නේ මේ බිලියන 220ට හම්බන්තොට ආයෝජන කලාප නිර්මාණය කිරීම ඇතුළු සෞඛ්‍යමය නොවන වියදම්ද ඇතුලත් වී තිබීමෙන් සහ වෙන් කරන මුදල පවා කිසිම වර්ෂයක සැබවින් වැය නොකිරීමේ අත්දැකීමෙනි. වසංගතය මෙතරම් දරුණු වෙද්දීත් සෞඛ්‍ය සේවය සඳහා හදිසි ප‍්‍රතිපාදන වෙන් කිරීමක්වත් සිදු නොවිණි. හදිසි ප‍්‍රතිපාදන සඳහා දැනට රජය තීරණය කර ඇති වෙනත් වියදම් වල අරමුදල් ප‍්‍රමුඛතාවය සලකා සෞඛ්‍ය සේවයට ලබාදිය හැක. නිදසුනක් ලෙස මෑතකදී රත්නපුර අධිවේගී මාර්ගය සඳහා රුපියල් බිලියන 58ක් වෙන් කළ අතර ව්‍යායාම මධ්‍යස්ථාන ඉදි කිරීම්, හමුදාවට හෙලිකොප්ටර් සහ යුද අවි මිලදී ගැනීම් ආදියටද ප‍්‍රතිපාදන වෙන් කිරීම ගැන වාර්තා වල විය. එම වැය ශීර්ෂ පවතින තත්වය තුළ ප‍්‍රමාද කර එම මුදල් සෞඛ්‍ය සේවයට යෙදවිය යුතුය. වසංගතයේ සීග‍්‍ර ව්‍යාප්තිය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ හදිසි ප‍්‍රතිපාදන වෙන් කර නිදහස් සෞඛ්‍ය සේවය වහා පුළුල් කළ යුතු බවය. ඒ සඳහා දැඩි සත්කාර ඒකක, රෝහල් ධාරිතාව, ස්වසන ආධාරක ඇතුළු උපකරණ, ඖෂධ ආදී භෞතික සම්පත් පුළුල් කිරීම මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කර ගුණාත්මක වර්ධනය, අලූතින් කාර්ය මණ්ඩල බඳවා ගැනීම හරහා ප‍්‍රමාණාත්මක වර්ධනය ආදී ලෙස මානව සම්පතද පුළුල් කළ කිරීම අවශ්‍ය වේ. එම මධ්‍යගත සැලසුමේ වැඩපිළිවෙලට පෞද්ගලික රෝහල්ද අන්තර්ග‍්‍රහණය කළ යුතුය. පෞද්ගලික රෝහල් ජාලයන් සහ විශාල පරිමානයේ රසායනාගාර රජයේ මධ්‍යගත භාවයට යටත් කිරීමද, කොරෝනා වෛරසය සඳහා කරන සියලූ ප‍්‍රතිකාර නොමිලේ සිදු කිරීම සහතික කිරීමද අවශ්‍ය වේ.
පරීක්ෂණ විධිමත් කර කඩිනම් කිරීම
02. දැනට පී.සී.ආර්. ඇතුළු පෞද්ගලික අංශයේ කොවිඞ් පරීක්ෂණ රජයට මධ්‍යගත නැත. එනිසාම එම රෝගීන් පිලිබඳ නිවැරදි තොරතුරු පවා සෞඛ්‍ය අංශ වලට වාර්තා නොවේ. මේ වනවිට පරීක්ෂණ කට්ටල වල හිඟයක් නිර්මාණය වී තිබෙන අතර රජයේ රසායනාගාර වල පවතින විශාල තදබදය නිසා පරීක්ෂණ ප‍්‍රතිඵල දින ගණන් ප‍්‍රමාද වේ. මෙය බරපතල ප‍්‍රශ්නයක් වන්නේ රෝගය පාලනය කිරීමේ ප‍්‍රධාන පදනම රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීම සහ සමාජයෙන් වෙන් කර හුදෙකලා කිරීම වන නිසාය. මේ සඳහා හදිසි ප‍්‍රතිපාදන වෙන් කර රජයේ රසායනාගාර වල ධාරිතාව පුළුල් කිරීම කළ යුතු අතර පෞද්ගලික අංශයේ රසායනාගාර වසංගත කාලය තුළ රජයේ පාලනයට ගත යුතුය. කොවිඞ් සඳහා කෙරෙන පරීක්ෂණ සහ රෝග ප‍්‍රතිකාර මුළුමනින්ම නොමිලේ විය යුතුය. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය මුඛ ආවරණ, මුහුණු ආවරණ හා විෂබීජ නාශක වල ප‍්‍රමිතිය සහ මිල සම්බන්ධ ප‍්‍රශ්න මතුවී තිබේ. එනිසා ඒවායේ ප‍්‍රමිතිය සහ උපරිම සිල්ලර මිල රාජ්‍ය පාලනයකට හා නියාමනයකට ලක් විය යුතුය.
- පී.සී.ආර්. ඇතුළු රෝග නිර්ණය කිරීමේ පරීක්ෂණ ප‍්‍රමාණය ඉහල දැමීමට වහා පියවර ගත යුතුය. සියලූ ආශ‍්‍රිතයන් පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කිරීමටද, පී.සී.ආර්. පරීක්ෂණ වල ප‍්‍රතිඵල කඩිනම් කිරීමටද, පරීක්ෂණ ප‍්‍රතිඵලය ලැබෙන තුරු එකී පිරිස් සමාජයෙන් හුදෙකලා කර තැබීමටද පියවර ගත යුතුව තිබේ. ඒ සඳහා ඉහත සඳහන් කළ ආකාරයෙන් පරීක්ෂණ හා රසායනාගාර ධාරිතාව ඉහල දැමීම අත්‍යවශ්‍ය වනු ඇත.
සෞඛ්‍ය සේවකයන් ඇගයීමේ හා දිරි ගැන්වීමේ සැලැස්මක් -
මේ වනවිට සෞඛ්‍ය සේවකයන් විශාල ප‍්‍රශ්න ප‍්‍රමාණයකට මුහුණ දී සිටී. එම ප‍්‍රශ්න වහාම විසඳිය යුතුව තිබේ. නිදසුනක් ලෙස රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල වල සේවය ස්ථිර කර නැති 2600කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ඔවුන් ආසාදිත වුවහොත් ප‍්‍රතිකාර ගන්නා කාල සීමාව තුළ වැටුප පවා අහිමි වේ. සේවා මුර මාරු කිරීමේ ක‍්‍රමය නිසා බොහෝ සෞඛ්‍ය සේවා ශේණි වලට අතිකාල දීමනා අහිමි වී තිබේ. ඔවුන්ගේ වැටුප සම්පූර්ණ වුයේ අතිකාල දීමනා සමග නිසා දැන් සිදුව ඇත්තේ වසංගත සමයේ වැටුප අඩු වීමයි. නමුත් දෛනික රාජකාරියට අමතරව වසංගත සමය තුළ ඔවුන්ට අමතර රාජකාරි පැවරේ. ඒ නිසා සියලූ සෞඛ්‍ය සේවකයන්ට කොවිඞ් දීමනාවක් ලබාදිය යුතුය. දැනට සිටින කාර්ය මණ්ඩල ධෛර්යමත් කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් හදිසි තීන්දු ගත යුතුව තිබේ.
ස්වේච්ඡා සෞඛ්‍ය බලකායක්
- කොවිඞ් රාජකාරි සඳහා යොදා ගන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප‍්‍රමාණය වැඩි කිරීම සඳහා ගෙවුණු වසරක කාලය තුළ පුහුණු කිරීමේ ක‍්‍රියාවලියක් දියත් කළ යුතුව තිබිණි. නමුත් ඒ සඳහා කිසිදු ප‍්‍රමාණවත් පියවරක් ගනු ලැබුවේ නැත. එනිසා දැන් බරපතල සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟයකට මුහුණ දී සිටී. මේ තත්වය වෙනස් කිරීම සඳහා කඩිනමින් කාර්ය මණ්ඩල පුහුණු කළ යුතුය. එමෙන්ම අලූතින් සුදුසුකම් ඇති අය බඳවාගෙන කාර්ය මණ්ඩල පුළුල් කළ යුතුය. ඊට අමතරව විශ‍්‍රාම ලැබූ සෞඛ්‍ය සේවකයන්, ස්වේච්ඡුා සේවකයන්, වෛද්‍ය සිසුන්, හෙද සිසුන්, වෛද්‍ය පීඨ වල අවසන් වසර විභාග නිම කළ සිසුන් ආදීන් එකතු කරගත් ස්වේච්ඡුා බලකායක් නිර්මාණය කළ යුතුය. දැනට රජයේ රෝහල් වල කොවිඞ් හැරුණු විට අනෙකුත් රෝග වලට ප‍්‍රතිකාර කිරීම සහ සායන ආදිය විශාල බිඳ වැටීමකට ලක්ව තිබේ. ඒවා යලි පණ ගැන්වීම සඳහාද මෙවැනි ස්වේච්ඡුා බලකායක් අවශ්‍ය වේ. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවයේ ධාරිතාව ඉක්මවා යමින් තිබෙන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක පුරප්පාඩු පිරවීම සහ එම කාර්යයන් සඳහා ස්වේච්ඡුා සේවකයන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ හැකිය. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල සහ කොවිඞ් ප‍්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථාන සඳහාද වෛද්‍ය සිසු සිසුවියන්, හෙද විද්‍යාල වල සිසු සිසුවියන් ආදීන් සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීන පුහුණුවකින් පසුව නිර්මාණය කර ගත යුතුය.
සැමට එන්නත්
06. මෙවර කොවිඞ් වසංගතය ව්‍යාප්ත වීමේ ප‍්‍රධාන මූලයක් වුයේ එන්නත් ගෙන්වීම ප‍්‍රමාද වීමයි. එන්නත අවසන් විසඳුම නොවන නමුදු එමගින් සැලකිය යුතු ප‍්‍රමාණයකට රෝග ව්‍යාප්තිය පාලනය කළ හැකිය. එනිසා එන්නත් කඩිනමින් ගෙන්වීමටද, එන්නත සඳහා සුදුසු සියලූ දෙනාට එන්නත අසමානතාවයකින් තොරව ලබාදීම සඳහාද පියවර ගත යුතුය. එන්නත රට තුළට ගෙනෙන අනුපිළිවෙලින් එය ලබා දීමට ජන කොටස් වල ප‍්‍රමුඛතා අනුපිළිවෙලක් සකස් කළ යුතුය. මුලින් ලෝක සෞඛ්‍ය සංවිධානයටද එවැනි ප‍්‍රමුඛතා ලැයිස්තුවක් ලබාදුන් නමුත් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේ නැත. එන්නත් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවකයන්, ගුරුවරුන්, පොදු ප‍්‍රවාහන සේවකයන් ආදී කොටස්ද, නිදන්ගත රෝග වලින් පෙලෙන්නන්ද ඇතුළු බොහෝ කොටස් ප‍්‍රමුඛතාවයෙන් මග හැරී ඇත. මේ වසරේ මුල් භාගයේදී දෙවන මාත‍්‍රාවකට ඉතිරි නොකර අවිධිමත් හා මුග්ධ ලෙස එන්නත් ලබාදීමේ ක‍්‍රමයට පරස්පරව සියල්ලන්ට නියමිත කාල පරතරය සහිතව මාත‍්‍රා දෙකම ලැබෙන පරිදි එම සැලැස්ම සකස් කළ යුතුය. එමෙන්ම දැනට එන්නත ලබාදීමේ ක‍්‍රියාවලිය අතිශය අක‍්‍රමවත්, ¥ෂිත එකක් බවට පත්ව ඇත. අධික තදබදය නිසා එන්නත් ලබා ගැනීමේ පෝලිම් වලදී වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවා තිබේ. මෙය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, ග‍්‍රාම නිලධාරීන් ඇතුළු පවතින සෞඛ්‍ය හා රාජ්‍ය පරිපාලන ජාලයන් භාවිතා කරමින් වහාම විධිමත් කළ යුතුය.
වැඩකරන ජනතාවගේ ජීවිත ආරක්ෂාව
07. දැනට වසංගතය ව්‍යාප්ත වන ප‍්‍රධානතම ස්ථාන බවට පත්ව ඇත්තේත්, වසංගතය සමාජ ව්‍යාප්තියක් කරා වර්ධනය වන මර්මස්ථාන බවට පත්ව ඇත්තේත් සේවකයන් වැඩි ප‍්‍රමාණයක් සේවය කරන ආයතනයි. එනිසා එවැනි ආයතන හා වැඩබිම් වල සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද සඳහා වැඩි වියදමක් කිරීම, ඒවායේ සේවකයන් සේවයට කැඳවීමේදී සියලූ දෙනා එකිනෙකා හා මුසු නොවන ලෙස වැඩමුර ක‍්‍රමයක් සකස් කිරීම, යම් සේවකයෙකු ආසාදිතයෙකු වුවහොත් ආශ‍්‍රිතයන් සියලූ දෙනාට පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබාදීම ආදිය සඳහා ප‍්‍රධාන අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා රජයේ පූර්ණ මැදිහත්වීමක්, අධීක්ෂණයක් හා නියාමනයක් අවශ්‍ය වේ. වැඩබිම් වලට අදාලව සෞඛ්‍ය රෙගුලාසි දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු අතර එසේ කිරීමේදී සේවකයන්ට අසාධාරණයක් නොවන පරිදි එය කළ යුතුය. නිදසුනක් ලෙස ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයන් බවට පත්වූ අය නිරෝධායනය කරද්දී නිරෝධායන කාල සීමාවට අදාලව දැනට ඉදිරිපත් වී ඇති අඩ වැටුප් යෝජනා ආදියේ අනුමැතිය අවලංගු කර සම්පූර්ණ වැටුප ලබාදිය යුතුය. එක් එක් ආයතනය මගින් සිය සේවකයන් සඳහා ප‍්‍රවාහන සේවා සැපයීම මගින් ඔවුන් පොදු ප‍්‍රවාහන සේවා භාවිතය අවම කරවිය හැක. ඒ සඳහා සමාගම් වලට සහ ආයතන වලට රජයෙන් විධිමත් මාර්ගෝපදේශනයක් සැපයිය යුතුය.
සෞඛ්‍ය ආරක්ෂිත ප‍්‍රවාහන සේවයක්
08. ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ හිා දුම්රිය ඇතුළු පොදු ප‍්‍රවාහන සේවා පුළුල් කිරීම මගින්, වැඩි වාහන සංඛ්‍යාවක් යෙදවීම සහ ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීම මගින් තදබදය අඩු කළ යුතුය. දැන් සිදු වන්නේ මගීන් අඩුවීම සහ එනිසා ආදායම අඩුවීම පෙන්වා පොදු ප‍්‍රවාහන සේවයේ ධාරිතාව අඩු කිරීමයි. එමගින් තදබදය තවත් වැඩිවේ. මගීන් අඩුවීම නිසා පොදු ප‍්‍රවාහන සේවා වල ආදායම අඩු වීමට කළ යුත්තේ ගමන් වාර අඩු කිරීම නොව ඒ සඳහා වසංගත සමයට අදාළ විශේෂ අරමුදල් සම්පාදනය කර සහනයක් ලබා දීමයි. මුලින් යෝජනා කළ පරිදි වැඩි සේවක සංඛ්‍යාවක් සිටින ආයතන වලට සේවකයන් සඳහා ප‍්‍රවාහන පහසුකම් ලබාදීමේ කොන්දේසියක් පැනවීම මගින් පොදු ප‍්‍රවාහන සේවා රෝග වාහක මධ්‍යස්ථාන බවට පත්වීම අවම කරගත හැක.
වෛරසයට වැට බඳිමු
09. කොවිඞ් වැනි වසංගතයක් පාලනය කිරීමේදී ලංකාවට විශේෂ වාසියක් වන්නේ රට ¥පතක් වීමයි. වෛරසය රට තුළට පැමිණෙන්නේනම් එය පැමිණිය හැක්කේ ගුවන් තොටුපල හා වරාය හරහාය. පසුගිය කාලයේ සිදුවුයේ කිසිදු විචාරයකින් තොරව සංචාරකයන් සඳහා ආගමන විගමන සීමා විවෘත කිරීමයි. පසුගිය කාලයේ ඉන්දියාවේ සිට නිරෝධායනය සඳහා පවා පුද්ගලයන් ලංකාවට ගෙන්වීමට සංචාරක ඒජන්සි වලට හා සංචාරක හෝටල් වලට අවසර ලබාදී තිබීම නිසා විශාල අවදානමක් උද්ගත විය. එසේ කරනු ලැබුවේ ලංකාව තුළ ප‍්‍රමාණවත් තරම් නිරෝධායන පහසුකම් නැතිව රෝගී වුවන් පවා නිවෙස් වල රඳවා තබන තත්වයක් යටතේය. සංචාරකයන් සඳහා නිරෝධායන නීති ලිහිල් කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් සංචාරක ඒජන්සි රජයේ අවම නියාමනයකටවත් ලක් නොවීය. ඊට ප‍්‍රතිපක්ෂව වසංගතය ව්‍යාප්ත වන බව පවසමින් විදෙස්ගත ලාංකික ශ‍්‍රමිකයන් සිය නිවෙස් වලට පැමිණීම අසාධාරණ ලෙස වලක්වන ලදී. විදේශගතව සිට පැමිණෙන අය සඳහා වන නිරෝධායන ක‍්‍රියාවලියද අධික මුදලක් අය කරන තරු පහේ හෝටල් ජාලා සම්බන්ධ කරගෙන එය ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන්ගේ ලාභ ඉල්ලමක් බවට පත් කරගනු ලැබීය. ඒ වෙනුවට සියලූ විදේශගත ලාංකිකයන්ට සියරට පැමිණීමේ අයිතිය තහවුරු කළ යුතුය. ඔවුන් පැමිණීමේදී සෞඛ්‍ය රෙගුලාසි සහ නිරෝධායන නීති සියල්ල දැඩිව පිළිපැදිය යුතු අතර නිරෝධායන ක‍්‍රියාවලිය හරහා ලාභ ගැරීමේ පිළිවෙත හකුලා ගත යුතුය. සංචාරකයන් ඇතුළු අනෙකුත් විදේශිකයන් සඳහාද මෙකී සෞඛ්‍ය සීමාවන් දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු අතර ඒ සඳහා සංචාරක ඒජන්සි රජයේ අනවරත අධීක්ෂණයට සහ නියාමනයට බඳුන් කළ යුතුය.
අවිධිමත් ශ‍්‍රම කටයුතු වල නිරත ජනතාවට ජීවනාධාරයක්
10. වසංගතය තුරන් වී සාමාන්‍ය තත්වය උදා වනතුරු අසංවිධිත ශ‍්‍රම ක්ෂේත‍්‍රයේ නියුතු සියලූ දෙනාටත්, රාජ්‍ය සහනාධාර ලැබිය යුතු මට්ටමේ සියලූ දෙනාටත් රුපියල් 25,000ක මාසික ජීවනාධාරයක් ලබා දිය යුතුය. දැනටමත් බදු නොගෙවා, පැහැර හැර ඇති සමාගම් වලින් රජයට අයවිය යුතු හිඟ බදු මුදල් අය කර ගත්තද මේ සඳහා වන ප‍්‍රතිපාදන සපයා ගත හැක. 2021 මාර්තු පාර්ලිමේන්තු කෝප් කාරක සභාවේදී හෙළිදරව් වූ ආකාරයට 2020 වසර තුළ පමණක් මහා පරිමාණ සමාගම් විසින් ගෙවීම පැහැරහැර ඇති බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 105කි. 2015 හා 2019 අතර කාලය තුළ අය කර ගැනීමට අසමත් වූ බදු ප‍්‍රමාණය රුපියල් බිලියන 414ක් බව මීට පෙර හෙළිදරව් විය. ධන කුවේරයන් විසින් රජයට ගෙවිය යුතුව තිබෙන බදු අය කර ගැනීම හරහා සහ වෙනත් ක‍්‍රම හරහා අරමුදල් සම්පාදනය කරගෙන එම ජීවනාධාරය ලබාදීම සිදු කළ යුතුය.
වසංගත කාලයට අදාලව ණය -ලීසිං කපා දැමීම
11. ස්වයං රැකියා, කුඩා පරිමාණ ව්‍යවසායන් සහ නිවාස ඉදිකිරීම් ආදිය සඳහා ජනතාව ලබාගෙන ඇති ණය – පොලී- ලීසිං වාරික ගෙවීම වහාම අවලංගු කළ යුතුය. එලෙස නොගෙවීම වෙනුවෙන් ණය පොලී හෝ දඩ පොලී අය කිරීම තහනම් කළ යුතුය. මන්දයත් වසංගතය තුරන් වී ආර්ථිකය යලි යථා තත්වයට පැමිණියත් අතීතයටද අදාළ වන පරිදි වාරික ගෙවීමට ඔවුන්ට හැකියාවක් නැති බැවිනි. ක්ෂුද්‍ර මූල්‍ය ණය සියල්ල වහාම අහෝසි කළ යුතුය. මහා පරිමාණ සමාගම් සහ දේශපාලන අනුග‍්‍රහය ලබන ධන කුවේරයන් රාජ්‍ය බැංකු වලින් ණය ලබාගෙන ඒවා නොගෙවා වංචා කර තිබේ. රාජ්‍ය බැංකු ඒ සියල්ල බොල් ණය ලෙස කපා හරින අතර ජනතාවගේ කුඩා පරිමාණයේ ණය වල වාරික ලබා ගැනීම දුර්වල වුවහොත් මූල්‍ය පද්ධතිය කඩා වැටෙන බවට මැසිවිලි නගයි. පසුගිය කාලය පුරාම රාජ්‍ය බැංකු වලින් මිලියන, බිලියන ගණනින් ණය ගෙන නොගෙවා පැහැර හැරි සියල්ලන් නීතිය හමුවට පමුණුවා කුඩා පරිමාණ ණය හා ලීසිං සඳහා සහනයක් දිය යුතුය.
ගොවියාත් – ධීවරයාත් – පාරිභෝගිකයාත් රකින වැඩපිළිවෙලක්
12. මෑත කාලයේ විශාලතම අර්බුදයක් බවට පත්ව තිබෙන්නේ ගොවීන්ගේ අස්වැන්න විකුණා ගැනීම පිලිබඳ ප‍්‍රශ්නයයි. මුලින් 2020දී මාස ගණනාවක නිරෝධායන ඇඳිරි නීතිය පැවතුණු තත්වයක් තුළ ආහාර මිලදී ගැනීමේ සහ බෙදා හැරීමේ ක‍්‍රමයක් යම් මට්ටමකින් සකස් වෙමින් තිබුණු අතර එය වර්තමානයේ සම්පූර්ණයෙන්ම අකර්මන්‍ය වී මුල් කාලයේ පැවතුනු ප‍්‍රශ්නය යලි කරලියට පැමිණ තිබේ. ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීම සහ බෙදා හැරීමත්, එහිදී විශාල මිල වෙනසක් සහිතව ගොවියා හා පාරිභෝගිකයා සූරාකෑම නතර කිරීමත් සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සහ නියාමනයක් අවශ්‍ය වේ. රජය මගින් අස්වැන්නේ කොටසක් මිලදී ගැනීම සහ ඉතිරි කොටසට අදාළ පෞද්ගලික අංශයේ මිලදී ගැනීම් හා තොග වෙළඳාම නියාමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මේ වනවිට වසංගතය නිසා ගොවීන්ට සිදුවී ඇති වගා හානියට වන්දි ගෙවිය යුතුය. මේ වනවිට ධීවර ප‍්‍රජාවද සිය නිෂ්පාදන විකිණීමට නොහැකිව අර්බුදයට ලක්ව සිටින අතර ඒ සඳහාද රජයේ වැඩපිළිවෙලක් සහ මැදිහත්වීමක් අවශ්‍ය වේ.
විමධ්‍යගත අධ්‍යාපන සැලැස්මක්
13. පාසල් වලින් දැනුම ලබා දීමට ඔබ්බට ගොස් දරුවන් සමානුයෝජනය සඳහා ක‍්‍රියාවලියක් එමගින් දියත් වේ. වසංගතය නිසා දිගින් දිගටම පාසල් අඛණ්ඩව පැවැත්වීම අඩාල වූ අතර එයට විකල්පය ලෙස ඉදිරිපත් කළ මාර්ගගත අධ්‍යාපනය විසින්ද ගැටළු රාශියක් උද්ගත කර තිබේ. එමෙන්ම පාසල් අධ්‍යාපනය බිඳ වැටීම තුළ අධ්‍යාපනය සඳහා මුදල් වැය කිරීමට සිදුවීමත් සමග අධ්‍යාපන පුද්ගලීකරණ ව්‍යාපෘතියක්ද කොවිඞ් වසංගතයේ මුවාවෙන් ක‍්‍රියාත්මක වේ. මේ සඳහා විසඳුමක් සම්පාදනය කිරීමේදී සිසුන්ට දැනට අයත් වන පාසල් වල අධ්‍යාපනය දීම වෙනුවට පාසල් අධ්‍යාපනය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙලක් උත්සාහ කළ හැකිය. සිසුන් පාසල් යාමේදී ප‍්‍රධාන ප‍්‍රශ්න දෙක වන්නේ එක පන්ති කාමරයක වැඩි සිසුන් සංඛ්‍යාවක් සිටීම සහ සිසුන්ගේ නිවෙස් හා පාසල් අතර පවතින දුර නිසා ප‍්‍රවාහන සේවා භාවිතා කිරීමට සිදු වීමයි. දැනට සිසුන් පදිංචි වී සිටින ප‍්‍රදේශය පදනම් කරගෙන අධ්‍යාපනය ලබාදීමේ ක‍්‍රමවේදයක් ග‍්‍රාම සේවා වසම් මට්ටමෙන් ක‍්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා ප‍්‍රදේශයේ ඇති පාසල් ගොඩනැගිලි, ඒවා නොමැතිනම් ආගමික ස්ථාන වල ගොඩනැගිලි හෝ පොදු ගොඩනැගිලි ආදිය භාවිතා කළ හැක. දැනට ගුරු සේවයේ සිටින ගුරුවරුන්ට අමතරව සංවර්ධන නිලධාරී පත්වීම් ලැබූ උපාධිධාරීන් හා ස්වේච්ඡුා ගුරුවරුන් භාවිතා කළ හැක. එම ක‍්‍රියාවලියට පහසුකම් සැපයීම සඳහා රාජ්‍ය රූපවාහිනී නාලිකා භාවිතා කරන විධිමත් වැඩපිළිවෙලක් සැකසීම. ඒ සඳහා වෙනම රූපවාහිනී සංඛ්‍යාතයක් වෙන්කළ යුතුව තිබේ. විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කඩිනම් සැලැස්මක් සකස් කළ යුතුය.