පරීක්ෂණ වාර්තාව නැතුව පැණි අරන් වටේ යෑම

දේශීය වෛද්‍ය වරයෙක් යැයි කියා ගන්නා ධම්මික බණ්ඩාර නැමැත්තා   නිෂ්පාදනය කළා යැයි කියන කොරෝනා මර්ධන පැණියට  තවමත් සායනික පර්යේෂණ වාර්තා ලැබී නැහැ. නමුත් මේ පැණිය පිළිබඳ  පුළුල් මාධ්‍ය ප්‍රචාරය තවමත් ගෙන යමින් තිබෙනවා.

කොරෝනා රෝගයට සුදුසු යැයි පරික්ෂණාත්මකව තහවුරු නොකළ දෙයක් ඖෂධ ලෙස භාවිත කිරීම සුදුසු නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. ඇමැතිවරිය එම අදහස් පළ කළේ ඊයේ (15) ලංකාවේ ප්‍රමුඛ පෙළේ වයිරස් සහ ක්ෂුද්‍ර ජීවී පිළිබඳ විශේෂඥයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවී කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමිනි.කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් හඳුන්වා දී ඇති ඖෂධය කොරෝනා ආසාදනය සුවකිරීමට සුදුසු බවට කිසි ලෙසකින්වත් තහවුරු වී නැතැයිද එය විද්‍යාත්මකව තහවුරු කරන තෙක් කොරෝනා සඳහා යොදා සුදුසුද නැද්ද යන්න පැවසිය නොහැකි බවත් ඇය පවසන්නීය.

මෙසේ තිබියදී ඒ සඳහා ගෙන යන ප්‍රචාරය තුළින් ජනතාව නොමඟ යැවීමක් සිදු වෙන අතර   මේ කූට ක්‍රියාවලියට  අනීතික වටිනාකම් ලබා ගැනීම සඳහා මේ පිටුපස සිටින  මාධ්‍ය ගහලයෝ  ධම්මික බණ්ඩාර නැමැති පුද්ගලයත්  කිසිදු නීතිමය බාධාවකින් තොරව කටයුතු කරමින් සිටී.  මෙම ප්‍රචාරයේ  තවත් පියවරක් ලෙස ඊයේ දිනයේ දී   අටමස්ථාන හිමියන්ට පැණි බෝතල් ලබාදීම සිදුකරනු ලැබුවා. ඊට  ලබා දෙන මාධ්‍ය ප්‍රචාරය හේතුකරගෙන සිදුවන්නේ මේ සඳහා සමාජ වටිනාකමක් ලැබීමයි.

මෙය  සත්‍ය වශයෙන්ම කොරෝනා වසංගතයට  එරෙහිව ක්‍රියාත්මක වෙන ඖෂධයක් නම් එසේ ප්‍රචාරයක් ලබා දීම වරදක් නොවේ.  එපමණක්ද නොව එම ක්‍රියාවලිය පිටුපස සිටින සමහර මාධ්‍ය හිතාමතාම  මේ පැණිය කොරෝනා මර්ධන බෙහෙත ලෙස ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කිරීම ද මිනිසුන් නොමග යැවීමකි.

මේ අතර හිටපු බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් සහ  රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ ප්‍රකාශයද  වැදගත් වෙනවා.

කෑගල්ලේ බෙදාහරිනු ලබන පැනිය දේශීය වෙදකමට අයත් වට්ටෝරුවක් නොව, යුනානි නම් මුස්ලිම්වරුන්ගෙන් බිහිවූ වෛද්‍ය ක්‍රමයේ ඖෂධයක් බව හිටපු බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් සහ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි පවසනවා . ඒ බව ඔහු පවසන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ  පැවති සාකච්ඡාවක දී එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පාරම්පරික වෙදකම සහ යුනානි යන වෛද්‍ය ක්‍රම දෙකම දේශීය වෛද්‍ය විද්‍යාලයේදී ඉගැන්වීම සිදු කරන බවත් එම ක්‍රම දෙකම රට තුළ සිදුකරන බව  පවසනවා  .

 කෙසේවෙතත් මේ පැණිය පිළිබඳ නිල පරීක්ෂණ වාර්තාව මේ සති අවසාන වන විට ලැබීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...