Breaking News

“ම්ලේච්ච ලෙස මරා දමමින් විනාශ කරන ජාතික සම්පත”

තුෂාර පල්ලියගුරුගේ

දින දෙකකට පෙර තලාව ප්‍රදේශයේ සිදුවුණු අවාසනාවන්ත අනවසර විදුලි සැර යොදා සිදු කල ඇත් මරණයද සමග අප රටක් ලෙස ජාතික සම්පතක් සුරැකීමේ සිට ගොවි ජනතාවගේ ප්‍රශ්න පිලිබන්ධ ඒක පාර්ශවික නොවී ගැටලුව විසදීමේ ජාතික වැඩ පිළිවෙලක් වෙත යොමු වීම සදහා කාලය ඉකුත් වී ඇති බව නැවත නැවතත් අවධාරණය කරමු.

මෑතකදී එලි දැක්වුණු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව වාර්තා අනුව 2019 සහ 2020 දී අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා විසදුම් ලෙස විදුලි වැටවල් සඳහා පමණක් මහජන ධනය රුපියල් මිලියන 490 ක් වියදම් කර ඇති බව වාර්තා වේ.එම මුදල විදුලි වට ඉදි කිරීම සදහා පමණක් වැය වූ මුදල වේ. නඩත්තු , අගල් ඉදි කිරීම, හානි පූර්ණ ඝනනය කර මිනිසුන්ට වන්දි ගෙවීම ආදී බොහෝ වියදම් පවතින විසදුම් තුල අන්තර් ග්‍රහණය වී ඇත. අවාසනාව නම් මෙම විසදුම් තුලින් රාජ්‍ය භාණ්ඩාගාරය ට අලාභ වනවා මිස ගැටලුව තව තවටත් වර්ධනය වී ඇති බව දිනපතා සිදු වන අලි මරණ තුලින් පැහැදිලි වී ඇත. මිනිස් දේපල සහ ජිවිත හානි පූර්ණයන ඔස්සේ ඝනනය වීම හැරුණු කොට මිය ඇදෙන ජාතික අලි ඇතුන් සම්පත පිලිබන්ධ තක්සේරුවක් වත් අඩංගු වී නොමැති වීම හාස්‍යට කරුණකි.

මෑත වසරවල් වන 2019 වසරේදී අලි 407 ක් සහ 2020 වසරේදී අලි 318 ක් රටට අහිමිවී ඇත. ඒ අතර 2021 මුල් මාස තුන තුළ පමණක් අලි 100 ක ප්‍රමාණයක මිය යාම් වාර්තා වී ඇති අතර, ඉන් බොහෝ මරණ අනවසර විදුලි සැර වැදීමෙන්ද පුපුරන සුලු හක්ක පටස් අනුභව කිරීමට ලබා දීමෙන් සහ වෙඩි තබා ඝාතනයන් වාර්තා වීම තුල මෙම වසර අවසාන වන විට පෙර වසර වලට සාපේක්ෂ මරණ සංඛාවක් වාර්තා වීමේ වැඩි බොහෝ ඉඩ කඩක් පවතී.
මෙම අලි මරණ තුල ලංකාවේ පිරිමි අලින්ගෙන් 5% ක පමණ දල ප්‍රතිශතයකට පිහිටන සීමිත ඇත් දළ සහිත දළ ඇතුන් සම්පත ද ලක් වීම හේතු කොට ගෙන පවතින තත්වය තුල එළඹෙන වසර 10 කට පසුව ලංකාවේ දළ ඇතුන් සදහටම වඳ වීමේ ප්‍රවනතාවයක් උදා වී ඇත.

2011 වසරේ ලංකාවේ අවසාන වන අලි සංඝනයට අනුව 5,879 ක්ව සිටි අලි ඝහණය තුල ඇත්දළ හිමි දළ ඇතුන් ප්‍රමාණය සන්ඝනය වී තිබුනේ 122 ක සීමිත ප්‍රමාණයක් වීම සෝචනීය ඉරණම් තත්වයකි.

මේ අනුව ශ්‍රී ලංකාවේ වනාන්තරවල නිරෝගී සහ ශක්තිමත් දළ ඇතුන් ගේ ජනගහනයක් වර්ධනය වේ යැයි බලාපොරොත්තුවක් තැබීමට හැකියාවක් නොමැත.වනාන්තරයේ දළ ඇතුන්ගේ නිරෝගී අභිජනන ජනගහනයක් පවත්වා ගැනීමට වාසභූමිය ඛණ්ඩනය වීම ප්‍රබල තර්ජනයකි.

ශ්‍රී ලංකාවේ මිනිස් අලි ගැටුම මිනිස් ජනගහනයේ ප්‍රසාරණයත් අවධිමත් සංවර්ධනයත් සමග කාලයක් තිස්සේ ඔඩු දුවමින් වර්ධනය වුන ගැටලුවකි. අලි වාසස්ථාන සහිත භූමින් නිසි ප්‍රතිඵත්තියකින් තොරව කෘෂිකාර්මික ඉඩම් සදහා අතිච්ඡාදනය වීම හේතුවෙන් ගොවීන් ඔවුන්ගේ වගා කරන ලද භෝග වලට සැලකිය යුතු හානියක් අත්විඳීම සහ අලින් පිලිබන්ධ ධනාත්මක ආකල්ප ගිලිහීම , අලින් සැරිසරන භුමින්ගේ ඛණ්ඩනය සහ ගෝලීය උණුසුම ඉහල යාමත් ජාල පෝෂක පරිසර විනාශයන් ජල මුලාශ්‍ර සහ අවශ්‍යතා කෙරේ මූලික ලෙස කිරීම බලපෑම ආදී වූ බොහෝ හේතු මේ තුල ගැබ්ව ඇත.

මනුෂ්‍යන් සහ අලින් යන ජීවී කොට්ඨාශ දෙකම එකම පාරිසරික අවශ්‍යතා බෙදා හදා ගන්නා බැවින් ගැටලුවට බලධාරීන්ගේ සහ දේශපාලන මැදිහත්වීම ඒක පාර්ශවිය වීම තුල මෙම ගටලුව්ව කාලාන්තරයක් තුල වර්ධනය වර්ධනය වුනු ජාතික ප්‍රශ්නයක් දක්වා ඔඩු දුවා ඇත.

• එබැවින් ගැටළුව විසඳීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගත යුතු අතර එයට ඇතුළත් විය යුතු නිසි අධ්‍යාපනයක් ලබා දෙන වැඩ පිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම , වන අලි ඇතුන් සම්බන්ධ කර ගනිමින් ප්‍රායෝගිකව කළ හැකි පරිසර සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ කෙරෙහි ජනතාව දැනුවත් කිරීම සහ ව්‍යාපෘති බිහි කිරීම,අලි ඇතුන් ආර්ථික සම්පතක් ලෙස හඳුනාගෙන තව දුරටත් එහි ප්‍රතිලාභ ජනතාව කෙරේ ලබා දිමී පුළුල් ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය මැදිහත් වීම සහ දිරි දීම ,ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම, අලි සංචරණ මාර්ග ඵලදාය් පාරිසරික ආර්ථික ලාභ උපයන වැඩසටහන් දක්වා යොදා ගැනීම ආදී බොහෝ ක්‍රමවත් වැඩ ක්‍රියාත්මක කිරීමේ වගකීම රජය සතු වගකීමක් වන අතැර පෞද්ගලික ආයෝජන ඒ කරා යොමු කරමින් ප්‍රාදේශීය ප්‍රජාව කෙරේ ප්‍රතිලාභ ලබා දීමේ සිට වන ජිවිය සහ පාරිසරික අධ්‍යාපනය ගමට ගෙන යාමේ ක්‍රම වේද සකස් කිරීම දක්වා වැඩ සටහන් රට තුලට හදුන්වා දීම කෙරේ අවධානය ලක් කල යුතුය.

ඊට අමතරව දීර්ඝ කාලිනව ජ්‍යාතන්තර තාක්ෂණික උපකාර ලාභ ගැනීම සදහා වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට සමගාමිව තාක්ෂණික කමිටුවක් හරහා නිසි අධ්‍යනයකින් මේ සදහා විද්වත් වැඩ පිල්වෙලක් සකස් කර ගැනීමට රජය වහාම ක්‍රියා මාර්ග සකස් කල යුතු වේ.
යම් හෙයකින් මෙම තත්වය ඉදිරි කාල වකවානු දක්වා පවතින අසාර්ථක විසදුම් ඔස්සේ පවත්වා ගත හොත් තවත් දශක කිහිපයකින් අප භිමි තලය මත සරි සරණ මෙම සම්පත අනාගත පරම්පරාවට අහිමි වෙනු ඇත.

තුෂාර පල්ලියගුරුගේ

leave a reply