පිස්සෙක්ට වුව බිය දැනිය හැකියි.

Date:

රනිල්ගේ බය පිළිබඳව අපට සැකයක් නැත. රනිල් බිය විය යුතුය. රනිල් ජනතාවගේ ජනාධිපති නොව පාර්ලිමේන්තුවේ 134 දෙනෙක්ගේ ජනාධිපති බැවින්. මේ රටේ තවමත් ඉන්නේ 69 ලක්ෂයක් ජනතා බලය තිබුණු ජනාධිපති වරයෙක් මන්දිරෙන් එලියට ඇදල විසිකරපු ජනතාවක්.

රනිල් පාර්ලිමේන්තුව තුළ පුරසාරම් දොඩවයි. ඔහු හිට්ලර් බව පවසයි. විටෙක සියල්ල විකිණිය යුතු බව පවසයි. තවත් විටෙක ජනතාව විසින් ආපස්සට හැර වූ අධ්‍යාපනය විකිණීමේ සයිටම් කඩය යළි කරළියට ගෙන ආ යුතු බව පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වහලුන් අප්පුඩි ගසමු දැක රනිල් සතුටින් ඉපිලෙයි. මේ සියල්ල කරනුයේ කුමක් සඳහා ද මේ සියල්ල ඔහු කරනුයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කපුටා රනිල් හට දිවුරුම් දී තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවටය. ඉතින් ඔහු ජන කැමැත්තෙන් ජනාධිපති වීමේ දොල දුකෙන් පෙළෙන්ණිය. ඒත් හරහාට තිබෙන්නේ ජනතාව ඒ සඳහා අකමැති වීමය.

2023 සඳහා අයවැය ඉදිරිපත් කර මේ මහල්ලා ඉතා බැරෑරුම් ඇණ ගැනිල්ලකට ලක් වී සිටී. දෙසැම්බර් මාසේ 8 වැනිදා ඔහුට නපුරු හීනයක් ලෙස පෙනෙන්නට පටන් ගෙන තිබේ. බදු ගසන විකුණන අය වැය සම්මත වුණත් නැතත් රනිල්ගේ ඉරණම තීන්දු ය.

බියට පත් බොහෝ එවුන් කට මැත දොඩවති. මේ වයෝවෘද්ධ මහල්ලා වීරයකු බව පෙන්වන්නට කට මැත දොඩවන්නේ පාර්ලිමේන්තුව නැමැති ගුබ්බෑයම තුළය. ජනාධිපතිකම බල්ලාට දමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන් දිනපතා පාර්ලිමේන්තුවට බඩ ගන්නෙ කටමැත දොඩවා මේ බිය පහ කර හැර ගැනීමටය. එළඹෙන දෙසැම්බර් 8 වැනිදාට කුමක් සිදුවේ ද? දෙසැම්බර් නම වෙනිදා ජනතාව කොළඹට ඇවිත් කණින් ඇද පයින් ගසා එලියට ඇදල දමාවිද? මේ මහල්ලා දකින බියකරු සිහිනය.

දැන් ඔහුට සිහිනෙන් මිදීමත් සිහින දැකීමත් සුළු දිය පහ කරන්නකි. ඉතිං වෙන කුමක් කරන්නද කියාගත් සේම හිට්ලර් කෙනෙක් වී තමන්ගේ සිරගෙය තමන්ම නිර්මාණය කර හිසට වෙඩි තබාගෙන මිය යා යුතුය.

වියරු ඒකාධිපතියෙක් ටද, වියරු වයෝවෘද්ධ මහල්ලෙක් ටද , තරුණ මිනිසුන් කෙරෙහි හටගන්නා වියරුව තමන්ගේ මරණය තමන් විසින්ම නිර්මාණය කරගන්නා විකෘතියක් වී තමා වෙත පැමිණිය හැකිය.

මේ නාකි මහල්ලා විකෘතියේ පතුලටම ගිලී තමන්ගේ  හිරගෙය තමන් විහින් නිර්මාණය කරගෙන ඒ තුළ විසුමට යෑම විකෘතිය කොපමණදැයි අපට කියාපායි.

දහසකුත් දඩ බල්ලන්ට පිස්සෙක් අණ දෙනවිට, ඛේදවාචකයක ලේවැකි ඉතිරි වනු ඇත. එහෙයින් සගයිණි පිස්සා ව නිර්වින්දනය කළ හැකි හොඳම මොහොත පැමිණෙනතුරු ගොදුරට කුරුමානම් අල්ලන බළලෙකු සේ නිසොල්මන්ව සිටිවු.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...