Breaking News

ලෝක නායකත්වය වසංගතයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය සහ ප්‍රතිපත්ති ඉතා ගැටලු සහගතය

උපාලි ජයසිංහ

2020 යනු “මාරාන්තික ලෙස අත්මාර්ථකාමි බව , බියගුලු කම, මධ්‍යස්ථභාවය හා භීතිකාව සහ වාර්ගික වෛරය නිසා ඇති වූ විෂ සහිත අසාර්ථකත්වය පෝෂණය කළ දින 366 කි . ඇම්නෙස්ටි හි අලුතින් පත් කරන ලද මහලේකම් ඇග්නස් කැලමාර්ඩ්

ප්‍රංශ ඡාතික ඇග්නස් කැලමාර්ඩි ඇයගේ නිර්භීත ප්‍රකාශයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන මානව හිමිකම් පිළිබඳ විශේෂඥවරියකි. ඇය එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු ලෙස නීති විරෝධී ඝාතන පිළිබඳව මීට පෙර පරීක්ෂණ පවත්වා ඇත. ඇයගේ ඉහළම පැතිකඩ නඩුව වූයේ 2018 දී ඉස්තාන්බුල් කොන්සල් කාර්යාලයේදී සවුදි ඒජන්තවරුන් විසින් මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කිරීමයි. කැලමාර්ඩ්ගේ පරීක්ෂණයෙන් නිගමනය වූයේ නීති විරෝධී ඝාතනයට සෞදි අරාබිය වගකිව යුතු බවයි. පරීක්ෂණයෙන් පසුව සෞදි ජ්‍යෙෂ්ට නිලධාරින් ඇයට එරෙහිව මරණ තර්ජන එල්ල කළ බව වාර්තා වේ. මෙි සටහන COVID-19 වසංගතය ලොව පුරා මානව හිමිකම් ගැටළු වලට බලපා ඇති ආකාරය පිළිබඳව අල් ජසීරා කැලමාර්ඩ් සමඟ කල කතාවෙි සමහර උපුටනයන්ය.

අල් ජසීරා: මානව හිමිකමි වාර්තාවේ සොයාගැනීම් වලින් ඔබට වඩාත්ම බලපෑවේ කුමක්ද?

මානව හිමිකම්වල අවිනිශ්චිතතාවය, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අතර අන්තර් රඳා පැවැත්ම, ආර්ථික හා සමාජ අයිතිවාසිකම්. ලොව පුරා වෙසෙන ජනයා අසමානතාවයේ හා වෙනස් කොට සැලකීම්වලට ගොදුරු වූ ආකාරය, බොහෝ විට ඔවුන්ගේ දේශපාලන හා ප්‍රජා අයිතිවාසිකම් මර්දනය කිරීම සමඟ බලවතුන් සන්ධානගතවීම . එය පෙන්වන්නේ සැබෑ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පූර්ණ අන්තර් රඳා පැවැත්මයි.

2020 දී වෛරසයේ පාලනය සහ පොදු වගකීම වීදිවල ජනතාවගෙන් ලැබුණි. එය පැමිණියේ අපව සුව කිරීම සඳහා රෝහල්වල සේවය කළ අයගෙන්, වීදි පිරිසිදු කළ අයගෙන්, අපව පෝෂණය කළ අයගෙන්, අපේ නිවෙස්වලට පැකේජ ගෙන ආ අයගෙන්, පීඩනයට එරෙහිව පෙළපාළි ගිය අයගෙනි. නායකත්වය පැමිණියේ වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වලින් වන අතර, ඔවුන් නොමැතිව අපට වසංගතයෙන් බේරී සිටීමට නොහැකි වනු ඇත. 2020 යනු අඩුවෙන්ම ඡිවත්ව , වැඩිපුරම ලබා දී අවම වශයෙන් යමක් ලැබූ අයගේ ඉතිහාසයයි. අනෙක් අතට, දේශපාලන හෝ වාණිජ වේවා ලෝකයේ නායකයන් සියල්ල අසමත් විය.

ලෝක නායකත්වය වසංගතයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය, සහ ප්‍රතිපත්ති ඉතා ගැටලු සහගතය. ඡීවත්වීමෙි අවසානයට පැමිණ සිටින සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ කාන්තාවන් වැනි පුද්ගලයින් සහ කණ්ඩායම්වල අවදානම ඔවුහු සැලකිල්ලට නොගනී. 2020 යනු එයයි: අසමානතාවයන් සහ වෙනස් කොට සැලකීම් ප්‍රමුඛතාවයක් ලෙස සැලකූ වසර ! එය වසර ගණනාවක නොසලකා හැරීමේ ප්‍රතිපලයකි. ඊට පටහැනිව, ලෝක නායකයන් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති එවැනි අසමානතාවයන් තව දුරටත් වැඩි කළේය.

අල් ජසීරා: ඔබ 2020 විස්තර කරන්නේ ‘යළි පිහිටුවීමට සහ නැවත ආරම්භ කිරීම’ට අවශ්‍ය ‘බිඳුණු පද්ධතියක’ ප්‍රතිපලයක් ලෙසයි. අපි මෙය සාක්ෂාත් කරගන්නේ කෙසේද ?

වහාම ගත යුතු පළමු පියවර නම්, ලොව පුරා සිටින සෑම කෙනෙකුටම භාවිතයේ දී නොමිලේ එන්නත ලබා ගැනීම සහතික කිරීමයි. මෙයින් අදහස් කරන්නේ ලොව පුරා රටවල් සමඟ එන්නත් නිෂ්පාදනය හා ගුණ කිරීම සඳහා දැනුම බෙදා ගැනීමයි. එය කළ හැක්කේ එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර විවෘත කිරීමෙන් පමණි. එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඇතුළු රජයන් – බොහෝ විට ඖෂධ සමාගම්වල බලාධිකාරිය නිසා එසේ කිරීමට අපොහොසත් විය. මේ වන විටත් ලොව පුරා දරිද්‍රතාවයට පත්ව ඇති සහ වසංගත සමයේදී ඊටත් වඩා දුක් විඳ ඇති රටවලට සම්පූර්ණ ණය සහනයක් ලබා දීම අත්‍යවශ්‍ය වේ. ජී 20 රැස්වීමේදී එකඟ වූ පරිදි එය තාවකාලික එකක් විය යුතු නැත.

අල් ජසීරා: මානව හිමිකම් පිළිබඳ ප‍්‍රශ්නය ප‍්‍රහාරයට ලක්ව තිබේද?

2020 සමහරුන්ගේ මානව හිමිකම්වලට එරෙහි යමි යමි ප්‍රහාරයන් සියලු දෙනාගේ මානව හිමිකම්වලට කරනු ලබන නිග්‍රහයක් බව අප තේරුම් ගත් වසරකි. මානව අයිතිවාසිකම් පරමාදර්ශයක් ලෙස වසර ගණනාවක් තිස්සේ පහර කා ඇති අතර, ආණ්ඩු ගණනාවක් අවධාරනය කරන්නේ මානව හිමිකම් වැදගත් නොවන බවත්, ආධිපත්‍යය දැරිය යුත්තේ ජාතික අවශ්‍යතා සහ ස්වෛරීභාවය වැනි වෙනත් වටිනාකම් බවත් ය. එම භාෂාව මුළු ලෝකයම කාණුවක ගිල්වනු ලබයි. එහෙත් ගෝලීය සහයෝගීතාවයකින් තොරව ඔබට වසංගතයකට එරෙහිව හෝ සටන් කළ නොහැකිය.

අල් ජසීරා: මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මැද පෙරදිග කලාපයයේදී ඔබ මුහුණ දෙන විශාලතම අභියෝග මොනවාද?

මැදපෙරදිග යනු වසංගතයෙන් පමණක් නොව භූ-මූලෝපායික සලකා බැලීම්වලින් ද පීඩා විඳින එක් කලාපයකි. එය ලාභය සහ මිලිටරි පැමිණීම හැර ජාත්‍යන්තර ප්‍රජාව විසින් නොසලකා හරින ලද ස්ථානයකි. යුක්තිය සහ වගවීම පිළිබඳ අවධානය ඔවුන් වෙත ලැබී නොමැති ස්ථානයක් සහ ජාත්‍යන්තර ප්‍රජාව යුද්ධය සදහා තෝරාගන්නා ස්ථානයකි, එමෙන්ම එය පශ්චාත් යුධ සමයක් ගැන සිතීමට සහ යුක්තිය සෙවීමට සහාය නොදක්වන ස්ථානයකි. මෙම කලාපය , මර්දනය කිරීම, විසම්මුතිය මැඩපැවැත්වීම සහ බලධාරීන් විවේචනය කරන සියල්ලන් සිරගත කිරීම යන තන්ත්‍රයන්ගේ බහුකාර්යයෙන් සංලක්ෂිත වේ. එය කලාපීය සහ සුපිරි බලවතුන් අතර ගැටුම් අතිවිශාල ගොදුරු බවට පත්වන ස්ථානයකි. , සිරියාවේ මානව වර්ගයාට එරෙහි අපරාධ මෙන්ම යේමනයේ යුද අපරාධ සමඟ සමූලඝාතනයක් සිදුවි ඇති අවස්ථා අපි දැක ඇත්තෙමු.

අප මුහුණ දී සිටින්නේ තම රටවල සීමාවෙන් පිටත සිටින අය පවා විවේචනය කරන ඕනෑම කෙනෙකුව නිශ්ශබ්ද කිරීමට හා වාරණය කිරීමට ආණ්ඩු සූදානම්ව සිටින ලෝකයකට ය. ජමාල් කෂෝගි එහි එක උදාහරණයකි.

අතුරුදහන් කිරීමකට, ඝාතනයකට හේතු විය හැකි ඔත්තු බැලීමේ ක්‍රියාවල නිරත වීමට රජයන් සූදානම්ව සිටින ලෝකයකට අප මුහුණ දී සිටිමු. ඕනෑම තැනක, ඕනෑම අයෙක් නිහඩ කිරීමට රජයන් උත්සාහ දරන විට ගෝලීය ප්‍රපංචයක් වන අපි ඔවුන් කරන්නේ කුමක්ද යන්න සහ එය අප විසින් උකහා ගත යුතු පාඩම් වලින් එකක් බවට පත්කර ගත යුතුය. එම තත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේදී අප වඩාත් කඩිසර විය යුතු අතර පුද්ගලයන් කොතැනක සිටියත් ඉලක්ක කර ගැනීමේ වැඩි වීමක් ඇති බව වඩ වඩාත් දැනුවත් විය යුතුය

leave a reply