Breaking News

තල්දූවගේ හිතමිතුරුකම් CCIB විමර්ශනවලදී සාධාරණය සිද්ධ කරයිද?

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා යටතේ ක්‍රියාත්මක වෙන  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් පිහිටවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා. එහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට නියමව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර බවත් වාර්තා වෙනවා .

නීති විරෝධී වත්කම් විමර්ශන අංශය, මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය, පරිගණක අපරාධ විමර්ශන අංශය, තැනැත්තන් වෙළෙදාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය, අපරාධ බුද්ධි හා බුද්ධි විශ්ලේෂණ අංශය වශයෙන් අංශ 6 ක් එම කාර්යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන බව සඳහන් .

CCIB මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නීතිඥ නිහල් තල්දූව මහතා යටතේ පිහිටවීමට කටයුතු කරන බව ප්‍රචාරය වීමෙන් පසුව ඔහු පිළිබඳව සහ ඔහුට චෝදනා එල්ල වෙන අක්‍රමිකතා සම්බන්ධ පුවත් පළවෙන්නට පටන් ගෙන තිබේ .  එමෙන්ම මේ මොහොතේ පරාජිත දේශපාලන කණ්ඩායම් සමග ඇති හිතවත්කම් පිළිබඳව ද  සාකච්ඡාවක් මතුව තිබේ. දේශපාලන සම්බන්ධතා සනාථ කරන ඡායාරූප පවා සමාජ මාධ්‍ය පළවීමට පටන් ගැනීම හරහා පොදු ජනතාව ප්‍රකාශ කරමින් සිටින්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බලාපොරොත්තු වන ඉලක්කය කරා ගමන් කිරීමට මේ සම්බන්ධතාවයන් බාධාවක් නොවේද යන්නයි .


තල්දූවට මූල්‍ය වංචා චෝදනාවක්?
තල්දූවට අමතරව එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති වූ ප්‍රසන්න අල්විස්ට සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව මෙම පරීක්ෂණ සිදුවෙමින් තිබී ඇත. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ විදෙස්ගතව වෙසෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇතැයි කියැවෙන අතර, විමර්ශන සම්බන්ධයෙන් 2019 පෙබරවාරියේ නීතිපතිවරයාගෙන් ඉල්ලා යවා ඇති උපදෙස්වලට මෙම තොරතුරු නිකුත්කරන අවස්ථාව වනතුරු නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැත. (‘නීතිපතිගේ ස්වාධීනත්වයට අත නොතබනු!’ යි අවි අමෝරන කට්ටිය නීතිපතිවරුන්ගේ මේ ජාතියේ සෙල්ලම් ගැන ද අවධානය යොමුකිරීම වටී.)
තල්දූවට මෙතැන ඇත්තේ චෝදනාවක් පමණක් බව සැබෑ ය. එහෙත් එය තවමත් විමර්ශන අවසන් වී විසඳුණු චෝදනාවක් නොවන බැවින්, ඔහු වැරදිකරුද, නිවැරැදිකරුදැයි තවම අප දනනේ නැත.
එහෙත් එවැනි චෝදනා ලද්දකු යටතේ විශේෂයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ හා නීති විරෝධී වත්කම් අපරාධ ද ඇතුළත් අපරාධ විමර්ශනය කරන්නට යාම කොතරම් විනිවිද භාවයක් සහිත කටයුත්තක්ද යන්න ප්‍රශ්නකළ යුතුව ඇත.

මේ උපුටා ගැනීම සිදු කරන්නේ  සනත් බාලසූරියගේ ලිපියකිණි


සමාජ මාධ්‍යයේ පළ වී තිබුණු ඡායාරූප කිහිපයක්

බලන් යද්දි හැම තැනකම තල්දූව
එයාල නම් යාළුවො මල්ලි

leave a reply