සීමා සහිතව තෙල් බෙදා හරිද්දී ව්‍යාපාරිකයන්ට සංගට බෙදන්න තෙල්

ඉන්ධන ලීටර් දහයක් පහළොවක් ගෙදරක තිබුනත්.මහබැංකු හොරු අල්ලන්නා සේ වටලලා ඒ වැටලීම් සිදුකරන ආකාරය ඡායාරූප පවා පොලිසිය මාධ්‍යයට මුදාහරිනවා.එසේත් නැත්නම් ඒ වැටලීම් කිරීම සඳහා මාධ්‍ය රැගෙන යනවා.

අද පවතින අර්බුදය නිසා ඉන්ධන විශාල වශයෙන් ළඟ තබා ගැනීමට හෝ ඒකරාශී කර ගැනීමට බැහැ.හැම කෙනෙක්ටම(රාජ්‍ය අනුග්‍රහය ලබන සීමිත ප්‍රමාණයක් හැර )ඉන්ධන ලැබෙන්නේ සීමා සහිතවයි.

මෙවන් වටපිටාවක් යටතේ අද අපූරු පුවතක් වාර්තා වෙනවා.මහා සංඝයාට ඉන්ධන ලීටර් 10 බැගින් පූජා කිරීමේ සිද්ධියක්.දෙවන ඡායාරූපයේ පෙනෙන හැටියට ඉන්ධන ලීටර් 10 යේ කෑන් 17 තියෙනවා.ඉන් ඇඟවෙන්නේ මේ ව්‍යාපාරිකයාට දනට දෙන්න තරම් ඉන්ධන ගබඩාවක් තිබෙන බවයි.ඔහුට විශාල වශයෙන් ඉන්ධන ලැබුණේ කෙසේද?

වැඩිපුර ඉන්ධන ලීටර් පහක් දහයක් තියන මනුස්සයෙකු අත්අඩංගුවට ගන්න නීතියට මේ රැස් කිරීම සහ දනට දීම අදාළ වන්නේ නැද්ද?

තෙල් ඇමතියෝ තෙල් ඇමතියෝ මෙන්න බලාපන්
දනට දෙන්න මුන් ලඟ තෙල් මෙච්චර කොයින්ද කියාපන්
තෙල් ලීටරයක් වැඩිපුර ළඟ තිබුනොත් අපිට දඩත් ගහනවා
තොපේ නීතිය සමානකම් රෙදි පල්ලෙන් බේරෙනවා.

(ඉහත සටහනට අදාල පුවත – පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.)

Share post:

Popular

වෙනත් පුවත්

ඉතාලිය උණුසුම් කළ ඔක්තෝම්බර් 30 වැඩ වර්ජනය

ඉතාලිය පුරා දහස් ගණනක් සිසුන් සහ කම්කරුවන් ඔක්තෝම්බර් 30...

PSTA සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ලබාදුන් නිර්දේශ

ශ්‍රී ලංකාවේ යෝජිත ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’...

අනුර අලුත් බදු පනවලා නැහැලු

රාජ්‍ය ආදායම් ඉලක්ක පවත්වාගෙන යාම සහතික කරන අතරම, ඉදිරි...

අදත් සිදුවීමක් – පොලීසියට වෙඩි තියන්න ගහලා මරන්න තවත් බලය දෙමුද?

අද (31) පස්වරුවේ කඩවත, මහකඩේ හන්දියේදී පොලිසිය විසින් ත්‍රිරෝද...