සීමා සහිතව තෙල් බෙදා හරිද්දී ව්‍යාපාරිකයන්ට සංගට බෙදන්න තෙල්

ඉන්ධන ලීටර් දහයක් පහළොවක් ගෙදරක තිබුනත්.මහබැංකු හොරු අල්ලන්නා සේ වටලලා ඒ වැටලීම් සිදුකරන ආකාරය ඡායාරූප පවා පොලිසිය මාධ්‍යයට මුදාහරිනවා.එසේත් නැත්නම් ඒ වැටලීම් කිරීම සඳහා මාධ්‍ය රැගෙන යනවා.

අද පවතින අර්බුදය නිසා ඉන්ධන විශාල වශයෙන් ළඟ තබා ගැනීමට හෝ ඒකරාශී කර ගැනීමට බැහැ.හැම කෙනෙක්ටම(රාජ්‍ය අනුග්‍රහය ලබන සීමිත ප්‍රමාණයක් හැර )ඉන්ධන ලැබෙන්නේ සීමා සහිතවයි.

මෙවන් වටපිටාවක් යටතේ අද අපූරු පුවතක් වාර්තා වෙනවා.මහා සංඝයාට ඉන්ධන ලීටර් 10 බැගින් පූජා කිරීමේ සිද්ධියක්.දෙවන ඡායාරූපයේ පෙනෙන හැටියට ඉන්ධන ලීටර් 10 යේ කෑන් 17 තියෙනවා.ඉන් ඇඟවෙන්නේ මේ ව්‍යාපාරිකයාට දනට දෙන්න තරම් ඉන්ධන ගබඩාවක් තිබෙන බවයි.ඔහුට විශාල වශයෙන් ඉන්ධන ලැබුණේ කෙසේද?

වැඩිපුර ඉන්ධන ලීටර් පහක් දහයක් තියන මනුස්සයෙකු අත්අඩංගුවට ගන්න නීතියට මේ රැස් කිරීම සහ දනට දීම අදාළ වන්නේ නැද්ද?

තෙල් ඇමතියෝ තෙල් ඇමතියෝ මෙන්න බලාපන්
දනට දෙන්න මුන් ලඟ තෙල් මෙච්චර කොයින්ද කියාපන්
තෙල් ලීටරයක් වැඩිපුර ළඟ තිබුනොත් අපිට දඩත් ගහනවා
තොපේ නීතිය සමානකම් රෙදි පල්ලෙන් බේරෙනවා.

(ඉහත සටහනට අදාල පුවත – පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.)

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...