Breaking News

සමාගම් ආරක්ෂා වෙලා ජනතාව වස කෑවට කමක් නැද්ද?

ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටිය හැකි බව ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න සඳහන් කර තිබේ . එම නිසා ‘අපි’ එකතුවී එම සමාගම් හදාගැනීමට උත්සාහ කරන බවද ඇය පවසා තිබේ.

එසේම පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් තවමත් පොල්තෙල් ගෙන්වමින් සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබේ.

ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමට පෙර පෞද්ගලික ආයතනවල ගුදම්වල යැවීම සාමන්‍යයෙන් සිදුව්වෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී පවසා තිබේ. එයට හේතුව ලෙස අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ රේගුවේ ඉඩපහසුකම් මදි බවයි.

එසේම දේශීය නිෂ්පාදනය වෙන පොල්තෙල්වලද පිළිකාකාරකය අඩංගු විය හැකි බවත් එය නියාමනයක් සිදුවී නොමැති බවද ඇය පවසා තිබේ.

පෞදගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ් සාකච්ඡාවකදී ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මේ අදහස් පළකර තිබේ.

විදෙස් සමාගම් ගැන මෙතෙක් හෙළිකර නැහැ

ඇෆ්ලටොක්සීන් පිළිකා කාරක අඩංගු පොල්තෙල් බහාලුම් ශ්‍රී ලංකාවට අපනයනය (Exporter) කළ විදෙස් සමාගම් මොනවා දැයි හෙළිදරව් කිරීමට රජය මෙතෙක් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැක මතුවෙමින් තිබේ.

මෙම පිළිකා කාරක පොල්තෙල් තොගය ලංකාවට ආනයනය කිරීමේ ක්‍රියාවලියේදී දේශීය සමාගම් ලෙස ක්‍රියාකර ඇත්තේ අලි බ්‍රදර්ස්, කටාන ඔයිල් මිල්ස් සහ එදිරිසිංහ එඩිබල් ඩයිල් යන සමාගම් බව මේවන විට තහවුරුව තිබේ .

නමුත් භාණ්ඩයක් යම් රටකට අපනයනය කිරීමේදී භාණ්ඩය නැව්වලට පැටවීමේදී සහ පැටවීමෙන් පසු අදාළ සමාගම් අපනයනය කරන රටේ ප්‍රමිති කාර්යාංශය පිළිගන්නා රසායනාගාරයකින් ලබාගන්නා තත්ත්ව සහතික ලබාගත යුතු වේ . ඒ අනුව ලංකාවට යමක් අපනයනය කිරීමේදී අදාළ විදෙස් සමාගම ලංකාවේ සමාගම වෙත එම වාර්තා ලබාදීම සිදුවන අතර එම වාර්තා ශ්‍රී ලංකාවේ නියාමන ආයතනයන් වෙත ලබාදීම සිදුවේ. දේශීය සමාගම් අදාළ භාණ්ඩය මෙරටට පැමිණෙන තුරු ලැබෙන තත්ත්ව සහතිකය එයයි. මෙසේ කල යුතුය යන කොන්දේසිය දෙපාර්ශවයම අත්සන් කරන විකුණුම් ගිවිසුමේ කොන්දේසියක් වශයෙන් ඇතුලත් වන්නකි.

ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අදාළ නොවන තෙල් අපනයනය කරන ලද වැරදි තත්ත්ව පරීක්ෂණ වාර්තා ලබාදුන් සමාගම්වලට විරුද්ධව වානිජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් (DEPARTMENT OF COMMERCE) අදාල රටේ වාණිජ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට හැකියාව ඇති බවද වාර්තා වේ. නමුත් මෙම තත්ත්ව වාර්තා පිළිබඳව පරීක්ෂාකාරී නොවී මෙම බහාලුම් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වගකීමෙන් තොරව ක්‍රියාකළ සමාගම් පිළිබඳව මෙතෙක් කිසිදු සඳහනක් සිදුකර නොමැත.

leave a reply