Breaking News

බෙනඩික්ගේ ” මල්ලිකා ” වෙන්කර ගත යුතුයි.

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් මේ දවස් වල ඔහුගේ අලුත්ම කවි පොතේ ප්‍රචාරණ කටයුතු කරමින් ඉන්නවා. ” මල්ලිකා ” නමින් ජනගත කිරීමට නියමිතයි . මෙම අලුත් කවි පොත ඇනවුම් කිරීමෙන් ලබා ගත හැකි බව ඔහු පවසා තිබුණා. සිමිත පොත් ප්‍රමාණයක් මුද්‍රණය කරන හෙයින් ඔබත් ඔබගේ පිටපත වෙන් නොකළ හොත් පසුතැවීමකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඔබට පොතක් අවශ්‍ය නම් මේ දුරකථන අංකයට අමතා ඔබ ඔබගේ පොත වෙන්කර ගන්න . ඔබගේ පොත වෙන්කිරීමට ගමගේ ප්‍රකාශන අමිල චින්තක ගමගේ මහතාට දුරකතන අංකය 077 555 4365 අමතන්න .

” මල්ලිකා ” ගැන ඔහු කිවු කතාව

පූර්වාපර සන්ධි ගැලපීම……..!!!

ගිං පොල් කිරළ
කටු ඉකිළිය කඩොලාන
කරු මුල් කයිරු මුල්
බහුලය සකියාන
අනේ ඕං මං
එක හිත් දුගියාන
එහෙම උන්ට
දැඩිමුණ්ඩත් ඔරවාන………..!

මං මේක ලියන දැන් හරියටම වේලාව රාත්‍රී 12.00 යි.
මේක සත්‍ය කතාවක්. මට ගම මොකක්ද කියල ඔබට කියන්න බෑ. මල්ලිකාගෙ ස්වාමිපුරුෂය හරිම හොඳ මනුස්සයෙක් . උදේ කුළී වැඩට යනව. රෑට රෑවෙලා ගෙදර එනව. මල්ලිකාට පණ ඇරල ආදරෙයි ……

මල්ලිකා ඔය අතර අනියම් සම්බන්ධයක පැටලෙනව. මම මේ කතාව බොහොම කෙටියෙන් ඔබට කියන්නෙ. මතක තියාගන්න මේක සත්‍ය කතාවක්.මම දැක්ක දෙයක්. මං ලියල තියෙන්නෙම මේ වගේ පතොක් කටු ඇනෙන හා ගල්වල හැප්පිලා කකුල් තුවාල වෙච්ච සත්‍ය සිද්ධි පාදක වෙච්චි කවි…………!
මල්ලිකා තම සැමියා සාමෙල්ට වැඩිය අනියම් පුරුෂයා වන රාළට ආදරෙයි . ඉතාම කුරිරු විදියට දවසක් මල්ලිකා තීරණයක් ගන්නව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක සිදුවුණු සිදුවීමක් ……………………..!

මල්ලිකා කලින් දා රාත්‍රියේ අගුළු කරවල බැදපු තෙල් තාච්චිය අරන් ඒකෙ ඉතුරුවෙච්ච තෙල්වලට අල කපල දාල අල බැදුමක් හදනව. අල තරමක් කරවෙන්න ඇරල ඒකට කබර තෙල් දාල හැඳිගානව.දැන් වැඩේ සම්පූර්ණයි,එච්චරයි ………….!

නමුත් දැන් මේ කබරතෙල් විෂට සාමෙල් මැරෙයිද කියන එක ගැන මල්ලිකාට සැකයක් එනව. ඒ නිසා එයා සාමෙල් හවස වැඩ ඇරිල ගෙදර එන්න ඉස්සරවෙලා වස මිශ්‍රණය පරීක්ෂා කරන්න ගෙදර ඉන්න බැල්ලිට බත් එක්ක කලවම් කරල මේක කන්න දෙනව. සුළු මොහොතකින් බැල්ල කටින් සෙම හලාගෙන මැරිල ඇදගෙන වැටෙනව…………..!

ගම්වල ඉන්න , නැත්නම් වන්නියෙ ඉන්න අපි , එහෙම නැත්නම් ඩොටේ අපි මේ කබරතෙල් ඒ වාගේම ළියැදි පෙන , නියඟලා, කණේරු සහ මෙකී නොකී වස විස ගැන හොඳාකාරවම දන්නව .නගරයේ ඔබට දැනගන්නත් ඒත් එක්කම මෙහි කෲර බව හා අනුවේදනීය පැත්ත ඔබට පෙන්නන්නත් එක්ක මම මේ කවිය මගෙ අළුත් කවි පොතට ඇතුළත් කළා. පොතේ නම යොදන්නෙත් මේ කවිය ආශිුතව………..!

කබරතෙල් ගිරියට වැටිල විනාඩි ගනනකින් මිනිසෙකුගෙ පපුවෙ සියළු අවයව බොක්කට කඩාගෙන පාත්වෙනව.එවැනි මිණියක් වැඩිවෙලාවක් තබා නොගෙන ඉක්මනින්ම වළලා දැමිය යුතුයි.මෙය වස දීමකින් සිදුකළ මරණයක් බවට තීන්දු වුවහොත් නීතිමය කටයුතු සඳහා යම් ප්‍රමාදයක් සිදුකළ යුතු සේම එය තදබල දුර්ගන්ධයන් යටතේ සිදුවන්නක්ද වෙයි.ඔබ කබරතෙල් ජලය සමඟ මිශ්‍රකර භාජනයකට හැලුවොතින් එහි කොතනක හෝ කබරයකුගේ රුව පිහිටන ආකාරයද දැක බලාගත හැකියි.මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ගම්වල මිනිසුන් දන්නා බව ඔබට කිව යුතුයි .මා මෙහිදී කියන්නේද ඉතාමත් ස්වල්පයයි………….!

මැරිල මැරිල වැඩ ඇරිල ආව සාමෙල්ට මල්ලිකා කබරතෙල් සමග පිසගත් අල බැදුම බෙදල දෙනව. වල කපන තැන රාළ බොරුවට අඬ අඬත් ඉන්නව ………!

දැනට මාස හතරකට උඩදි මල්ලිකා පිස්සු හැදිල මැරුණ . එයාට සාමෙල්ගෙ මරණෙන් පස්සෙ කවදාවත් රෑට නිදාගන්න බැරිවුණා .මහ රෑ දොළහට එක⁣ට හීනෙන් කවුද ඇවිත් එයාගෙ බෙල්ල මිරිකනව කියල මල්ලිකා ගමේ හැමෝටම කියල තිබුන ………..!

ඔබේ අදහස මම දන්නෙ නෑ. නමුත් මම මල්ලිකාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනව.
මොන රෙද්දක්ද මන්ද මට කාටවත් වෛර කරන්න බෑ……….!!

එතනින් පස්සෙ සිදුවීම් ඔබට කවිපොතෙන් කියවාගත හැකියි ……
එළිවෙන්ඩ ළඟයි දැන් . ගම් තුලානෙ මිනීපිටිය පැත්තෙන් තනි නරියෙක් හූ කිව්ව . බඩා මාමගෙ ක⁣ඩේ ළඟ බල්ලො උඩුබුරනව. මේ කාලකණ්ණි බළල්ලු මෙතන පොරකනව. අනිවාර්යයෙන්ම දවස් හතක් යන්න කළින් කවුරු හරි මැරෙයි. කණ කොක්කු මහ ලියද්දට උඩින් ඊයෙ හැන්දෑවෙ සුදු ඇඳන් ගියෙ ඒකයි………!!

මතකයිනෙ පොතේ නම……………!

” මල්ලිකා “
කරමූඩියෙ එකට අනං
කාපු පිලේ
මුරවාඩියෙ රා පොල්කටු
ගාපු තොලේ
මටත් හොරෙන් ගෑණිට
උල තියපු වෙලේ
මාව මතක් වුනේ නැද්ද
රාළ මලේ………….?

ධර්මසිරි බෙනඩික්

leave a reply