Breaking News

ශ්‍රී ලංකා කණ්ඩායමට බලාපොරොත්තු සහගත මාවතක් නිර්මාණය වෙලා

ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමග 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අලුත් බලාපොරොත්තුවක් තියාගැනීමට ක්‍රිකට් ප්‍රේක්ශක යන්ට අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා.  ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු පුවරුවේ පස්වන ස්ථානය හිමිකර ගන්නවා.

කාසිය වාසිය උරගා බැලීමේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරන අතර  වෙනස්කම් දෙකක් සමග  පන්දු යැවීමට  පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරත වෙමින් කලකට පසුව  ක්‍රියාශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් එංගලන්ත කණ්ඩායම ලකුණු 156 කට සීමා කරන්න සමත් වෙනවා. පන්දුවාර 33යි පන්දු 2කදී එංගලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් දැවී යෑම විශේෂත්වයක්.

එක්දින ලෝක කුසලාන ඉතිහාසය තුළ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව මේ තරගයේ දී වාර්තා කළා. ඒ වගේම එම් චින්නස්වාමි  ක්‍රීඩා පිටියේදී එක්දින තරඟයකදී කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද මේය  වෙනවා.

විශාල බලාපොරොත්තුවක් තබා කණ්ඩායමට කැඳවූ ඇන්ජලෝ මතිවුස්  තමන්ගේ වගකීම  ඉටු කරමින් ලකුණු දාහතරකට කඩුලු දෙකක් ලබා ගන්නවා.

කෙසේ වෙතත්  ‍ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට  ලෝක කුසලානය ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ  තරගයේ ප්‍රතිඵලය සමග බලාපොරොත්තුවක්  හටගෙන තිබෙන බව පේනවා. ඉතිරිව ඇති ඉතිරි තරග 4  අවසන් පූර්ව වටයේ ස්ථානයක් ලබා ගැනීමට තීරණාත්මක තරග හතරක්.

leave a reply